සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 176,045ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 176,045ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,670 ක් අද (07) දිනයේ පිටවගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 650ක් අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,610කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 207,943ක් දක්වා ඉහළගොස් තිබේ.