නයිජීරියාවේ පාසල් ළමුන් 140ක් පැහැරගෙන

යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් එරට පාසල් ළමුන් 140 දෙනෙකු පමණ පැහැරගෙන ගොස් තිබේ.

වයඹ දිග නයිජීරියාවේ පාසල් කිහිපයක සිසුන් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කප්පම් ගැනීමේ අරමුණෙන් මෙලෙස පාසල් ළමුන් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

පසුගිය ඉරිදා අලුයම් කාලයේ මෙම පැහැර ගැනීම් සිදුව තිබේ. නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පිරිසක් මෙම පැහැරගැනීම් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.