දවසේ පලාපල (අද 2021-08-26 )

රාහු කාලය

අද – 01.34 සිට 03.04 දක්වා
හෙට – 10.34 සිට 12.04 දක්වා

මේෂ –

ක්‍රියාශීලී දිනකි. සුළුවෙන් විනෝදාත්මක ක්‍රියාවල යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. වැයපස තරමක් ඉහළ යයි. සෙම් කෝප රෝග මතුවේ.
ශුභ වර්ණය දම්, ජය අංකය 05.

වෘෂභ –

අලසගති ඉස්මතු කරයි. තම නිවස ක්‍රියාකාරකම්වල යෙදේ. අසල්වැසි සබඳතා මතුවෙයි. දහමට ලැදිව ක්‍රියාකරන අතර ඌෂ්ණාධික රෝගවලට හේතුයි.
ශුභ වර්ණය සුදු, ජය අංකය 02.

මිථුන –

ශුභාශුභ ඵලදෙයි. ස්වාධීනව ක්‍රියාවන්හි යෙදේ. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. නවක මිතුදම් ඇතිවෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. සිරසගත රෝග සාදයි.
ශුභ වර්ණය ලාදම්, ජය අංකය 06.

කටක –

අලසගති ඉස්මතු වෙයි. තම ව්‍යාපාරවල තරමක පසුබෑමට හේතුයි. ළඟම ඥාතීන් වෙනුවෙන් බලාපොරොත්තු රහිත මුදලක් වැයවේ. ආමාශගත රෝග මතු කරයි.
ශුභ වර්ණය රන්වන්, ජය අංකය 03.

සිංහ –

කෙටි ගමන් යෙදේ. බොහෝකොට හුදකලා බවින් පෙළෙන දිනකි. අසල්වැසි සබඳතා වර්ධනය වෙයි. මිල මුදල් තරමක් වැයවන දිනකි. පෙනහළු ආසාදනා රෝග සාදයි. ශුභ වර්ණය කහ, ජය අංකය 01.

කන්‍යා –

ශුභාශුභ ඵලදේ. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. තම ඥාතීන් සමඟ සුහදතාව වර්ධන ක්‍රියා යෙදේ. ආදායම් මාර්ගවල බාධා මතුවේ. වාතාධික රෝග ඉදිමුම් රෝග සාදයි. ශුභ වර්ණය කොළ, ජය අංකය 06.

තුලා –

කෙටි ගමන් බිමන් යෙදෙන අතර වැයපසද ඉහළ යයි. නිශ්ඵල දේවල් වලටද යොමුවේ. බුද්ධිමත්ව ක්‍රියාකළයුතු දහමට ලැදිවේ. සෙම් කෝප රෝග මතුවේ.
ශුභ වර්ණය ක්‍රීම්, ජය අංකය 07.

වෘශ්චික –

තරමක් වෙහෙසව ක්‍රියාකරයි. තම නිවස තුළ ක්‍රියාකාරකම්වල යෙදේ. හුදකලා බව ඇතිවෙයි. දහමට ලැදිව කටයුතු කරයි. ඌෂ්ණාධික රෝග මතුකරයි.
ශුභ වර්ණය රතු, ජය අංකය 04.

ධනු –

ශුභාශුභ ඵලදෙයි. කෙටි ගමන්වල යෙදෙන අතර ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. තම ව්‍යාපාරවල පහත වැටීමට හේතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ.
ශුභ වර්ණය ලාකොළ, ජය අංකය 01.

මකර –

ශුභාශුභ ඵලදෙයි. තම ආර්ථිකයේ පහත වැටීමට හේතුයි. හුදකලා තත්ත්වයෙන් පසුවන අතර තම ඥාතීන් සමඟ ඒකරාශීව ක්‍රියාකරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ශුභ වර්ණය නිල්, ජය අංකය 08.

කුම්භ –

ශුභාශුභ ඵලදෙයි. තරමක් ක්‍රියාශීලී දිනකි. තම ආදායම් මාර්ගවලින් සෑහීමකට පත්වෙයි. නමුත් ළඟම ඥාතියකු නිසා වැයපස ඉහළ යයි. මූලරෝග බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ.  ශුභ වර්ණය දුඹුරු, ජය අංකය 05.

මීන –

ශුභා ශුභ ඵලදෙයි. තරමක් වෙහෙසව ක්‍රියාකරයි. තම ආර්ථික වාසි සලසා ගනී. නවක මිතුදම් ඇති වෙයි. දහමටද ලැදිව ක්‍රියාකරයි. සෙම් රෝග උෂ්ණ රෝග මතුකරයි.  ශුභ වර්ණය තැඹිලි, ජය අංකය 09.