දවසේ පලාපල (අද 2021-09-02 )

මේෂ –
සුළුවෙන් හෝ තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ප්‍රීති සාද වැනි දේවල්වලට යොමු වෙයි. වියපැහැදම් අධික වන දිනකි. පරෝපකාරීව ක්‍රියාකරයි. සෙම් බහුල රෝග මතුවෙයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01
වෘෂභ –
සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. අතරමග නතර කළ ක්‍රියාවන් ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇති කරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. සන්ධි ප්‍රදාහ රෝග මතුවෙයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 04
මිථුන –
තරමක් ක්‍රියාශීලී දිනකි. තම ව්‍යාපාරවල මන්දගාමී බවක් පෙන්නුම් කරයි. වැයපස ඉහළ යයි. සතුරු බලපෑම් මත සිත් චංචල වෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතුකරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06
කටක –
සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. තම ළඟම ඥාතීන් මුල්කර ක්‍රියාකරයි. සුළුවෙන් හෝ උත්සව ශ්‍රියාවක් මතුකරයි. බලාපොරොත්තු රහිතව වියදම් වෙයි. ස්නායුගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 02
සිංහ –
සුළු සුළු ගමන් යෙදුනද වැයපස ඉහළ යයි. අවිවේකී දිනකි. තම ආදායම් මාර්ග හිර වෙයි. තම අරමුණු බාධා වෙයි. සිරසගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 05
කන්‍යා –
පොදු සේවා ක්‍රියා සමාජ සත්කාරක කටයුතු ආදියෙහි යෙදේ. තරමක් මිල මුදල් වැය වන දිනකි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියාකරයි. මුත්‍රා ආසාදන රෝග සාදයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 03
තුලා –
ක්‍රියාකාරකම් බහුල දිනකි. නව නිර්මානකරණයට හේතුයි. උගතුන්ගෙන් උපදෙස් උපකාර ලබයි. තම ව්‍යාපාරවලද තරමක ප්‍රගතියක් පෙනේ. අතපය හිරිවැටීම් ඉදිමුම්වලට හේතුයි. ශුභ වර්ණය – ළා නිල්, ජය අංකය – 07
වෘශ්චික –
ශුභාශුභ මිශ්‍රඵල දෙයි. සුළුවෙන් වුවද ප්‍රීති සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තැන්පත් ධනය තරමක් වැය වෙයි. මූල රෝග, බඩවැල් රෝග සාදයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08
ධනු –
සුළුවෙන් හෝ ගමන්බිමන් යෙදේ. බලාපොරොත්තු රහිත මිල මුදල් වැයවේ. ආදායම් මාර්ගවල ද තරමක් හිරවීම් ඇති වෙයි. දහමට අවතීර්ණ වෙයි. ඌෂ්ණාධික රෝග සෙම් කෝප ඇති වෙයි. ශුභ වර්ණය – ළා රෝස, ජය අංකය – 09
මකර –
අසල්වැසියන් සමග ඒකරාශීව ක්‍රියාකරයි. රාජකාරි වැඩ තරමක් අවුල් සහගත තත්ත්ව ඇති වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත මිල මුදල් වැය වේ. ලේ ප්‍රධාහ රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 03
කුම්භ –
ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව පොදු සේවා කටයුතු ආගමික කටයුතු ආදියෙහි යෙදේ. තම තැන්පත් ධනය තරමක් වැය වෙයි. වාත වේදනා ඉදිමුම් ආදී රෝග මතු කරයි. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 05
මීන –
ගමන්බිමන් මත අවිවේකය ද ආර්ථිකයද තරමක් හීන වෙයි. තම ඥාතියකු නිසා තරමක් වේදනාවට පත් වෙයි. ණය තුරුස් වීමට ද ඉඩ තිබේ. සෙම් බහුල රෝග පෙනහලු රෝග සාදයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 01