දවසේ පලාපල – (29- 09 2021)

මේෂ –

සාමාන්‍යයෙන් ශුභ දිනකි. ක්‍රියාශීලීව කටයුතු කරන අතර තම ඥාතීන් සමඟ සුහදතා වර්දන කටයුතු වල ද යෙදේ. සුපුරුදු රාජකාරිවල උනන්දුවෙන් නිරත වේ. සෙම් කෝප රෝග මතු කරන දිනකි.  ශුභ වර්ණය- දම්, ජය අංකය- 05.

වෘෂභ –

ක්‍රියාකාරි දිනකි. තරමක් වෙහෙසව කටයුතු වල යෙදේ. තම ආර්ථික වර්ධන කටයුතු වල යෙදේ. සතුරු බලපෑම් එල්ල වන අතර මානසික සුවය හීන වෙයි. සිරසගත රෝග ද මතු ුකරවන දිනකි.  ශුභ වර්ණය- සුදු, ජය අංකය- 02.

මිථුන –

සාමාන්‍ය ලෙසින් දවස ගෙවන අතර අසල්වැසි සබඳතා වර්ධන ක්‍රියාවන් වලද යෙදේ. රාජකාරි ස්ථාන වල බාධා ඉවත් වෙයි. අමතර ලාභ දෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරන දිනකි.  ශුභ වර්ණය- කොළ, ජය අංකය- 06.

කටක –

ගමන් බිමන් තරමක් යෙදෙන අතර නිශ්ඵල වියදම් ඇති කරවන දිනකි. බුද්ධිමත් විය යුතුය. ඇසුරින් දුරස්ථ අය සමීප වන අතර ප්‍රසාදයට පත් වෙයි. ආමාශගත රෝග ඉස්මතු වෙයි.  ශුභ වර්ණය- රෝස, ජය අංකය- 04.

සිංහ –

ශුභාශුභ ඵල දෙයි. රැකියා ස්ථානවල අස්ථාන ගත චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු වන අතර තම ඥාති මිත්‍රාදීන් සුහදතා ක්‍රියාවන්හි යෙදේ. අක්‍ෂි රෝග, කර්ණ රෝග මතු කෙරේ.  ශුභ වර්ණය- ලාදම්, ජය අංකය- 03.

කන්‍යා –

ක්‍රියාශීලී දිනකි. සුපුරුදු ක්‍රියාකාරකම්වල යෙදෙන අතර ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. හදිසි ධන වාසනා ලබන දිනකි. සිරස ගත රෝග ද මතු කරන දිනකි.  ශුභ වර්ණය- රන්වන්, ජය අංකය- 01.

තුලා –

සුළුවෙන් හෝ ගමන් බිමන් බහුල වෙයි. අවිවේකී දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. යටපත්ව තිබූ ප්‍රේම සබඳතා මතු වෙයි. වැයපස ඉහළයි. සෙම් රෝග, ඌෂ්ණ රෝග මතු කරයි.  ශුභ වර්ණය- ලා රෝස, ජය අංකය- 07.

වෘශ්චික –

අවිවේකී දිනකි. රාජකාරි ද බහුල වන අතර  ගමන් බිමන් යෙදේ. අතපසුවීම් වලට හේතුයි. ඇසුරු කරන්නන් නිසා තරමක් ආවේගශීලී වෙයි. අමතර ලාභ දෙයි. මෞත්‍ර ්‍රලිංගික පද්ධතියේ රෝග මතු වෙයි.  ශුභ වර්ණය- රතු, ජය අංකය- 08.

ධනු –

තරමක් කලබලකාරී දිනකි. තම ළඟම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදු වෙයි. මිල මුදල් ද බලාපොරොත්තු නොවන ලෙසින් වැය වේ. සෙම් කෝප රෝග, ඌෂ්ණ රෝග මතු කරයි.  ශුභ වර්ණය- තැඹිලි, ජය අංකය- 02.

මකර –

සිත් චංචල කරවන ක්‍රියා යෙදේ. ආදායම් මාර්ග ඇන හිටී. සතුරු බලපෑම් ඉස්මතු වෙයි. දහමට ලැදිව ක්‍රියා කරන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග මතු වේ.
ශුභ වර්ණය- දුඹුරු, ජය අංකය- 03.

කුම්භ –

ශුභාශුභ ඵල දෙයි. ආදායම් මාර්ග වල තරමක ශුභදායක තත්ත්ව මතු වේ. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ද ක්‍රියා කරයි. වාත රෝග සන්ධි රෝග මතු කරයි.  ශුභ වර්ණය- නිල්, ජය අංකය- 01.

මීන –

සුළු සුළු ගමන් බිමන් වල යෙදේ. බලාපොරොත්තු රහිත වැයපස ද ඉහළ යයි. රහස් සබඳතා ඇති වෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වේ. සිරසගත රෝග සාදයි.
ශුභ වර්ණය- තදකහ, ජය අංකය- 09.