බස් සහ දුම්රිය නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියාත්මක වන ආකාරය

නිරෝධායන ඇඳිරිනීතිය හෙට (01) දිනයේ ඉවත් කළ ද පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව බස්රථ හෝ දුම්රිය පළාත් අතර සංචරණයක් සති දෙකක කාලයක් සඳහා සිදුනොවන බව ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම දුම්රිය සේවා සති දෙකක කාලයක් ක්‍රියාත්මක නොකරන ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.