ලෝක ළමා දිනය අදයි “සියල්ලට ම පෙර දරුවන්”

ලෝක ළමා දිනය අද ට (01)  යෙදී තිබේ.

“සියල්ලට ම පෙර දරුවන්” යන තේමාව යටතේ මෙවර ළමා දින ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර ලෝක ළමා දිනය සැමරීමට නියමිතය.

අද සිට ලබන 31 වනදා දක්වා දිවයින පුරා  ළමා සුබසාධන වැඩසහන් රැසක් ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේය.