කෙන්යානු ලෝක ශූරියක් ඝාතනය කෙරේ

කිලෝමීටර් 10 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ක්‍රිඩිකා ඇග්නස් ටිරෝප් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

කෙන්යාවේ අයිටෙන් නගරයේ පිහිටි ඇගේ නිවස තුළ දී ඝාතනය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා සැකකෙරෙන අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.