ලංකා ප්‍රිමියර් ලීග් – තරඟ සටහන නිකුත්කෙරේ

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 05 වනදා ආරම්භ කිරීමට සැලසුම් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

පළමු තරඟය ගාල්ල සහ යාපනය කණ්ඩායම අතර පැවැත්වෙයි.

මෙවර තරඟාවලියේ මූලික වටයේ තරඟ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අවසන් වටයේ තරඟ සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අවසාන තරඟය දෙසැම්බර් 23 වනදා පැවැත්වෙයි.