ඔබේ දෛවය 22- 12-2021

මේෂ –

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් ද අධිකව යෙදේ. තරමක් අවිවේකී දිනකි. පොදු සේවා, සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරන දිනකි. හදිසි ලාභ ලබයි. සිරස මත රෝග සාදයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 05

වෘෂභ –

ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාර ස්ථානවල පැවති බාධා ඉවත් වෙයි. ප්‍රීතිසාද වැනි දේවලට හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. ප්‍රේම සබඳතා ඇති වෙයි. භූමි ලාභ මතු වෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 02

මිථුන –

අවිවේකී බව ඇති කරයි. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. තම ළඟම ඥාතියකු නිසා වැයපස ඉහළ යයි. හදිසි ධන ලාභ ලබන දිනකි. සෙම් කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – කොළ. ජය අංකය – 06

කටක –

ක්‍රියාශීලී දිනකි. මනසට වධ දෙන ප්‍රශ්න මතු කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තම නිවස සුළුවෙන් හෝ ප්‍රීති සාදවල ලක්ෂණ මතු කරයි. අමතර ලාභ ගෙන දෙයි. ආමාශගත රෝග මතු කරන දිනකි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 04

සිංහ –

ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. ප්‍රීතිසාද වැනි දේවලට හේතුයි. සතුරන් දමනය වෙයි. තම දක්ෂතා ඉස්මතු කරවන දිනකි. සෙම් කෝප රෝග මතු වෙයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 01

කන්‍යා –

ශුභාශුභ ඵලදෙයි. රැකී රක්ෂාවල ප්‍රබෝධමත්ව යෙදේ. තම අරමුණු ජය ගනී. නොගැලපෙන මිතුරන් දුරස්ථ වෙයි. දහමට ලැදිව ක්‍රියා කරන අතර හදිසි ධන වාසනා ලබා දෙයි. ආමාශගත රෝග සාදයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 02

තුලා –

ශුභාශුභ ඵල දෙයි. ගමන් බිමන් බහුල වෙයි. රැකියා ස්ථානවල සතුරු බලපෑම් ඉස්මතු වෙයි. සෘජු තීරණ මත ක්‍රියා කරයි. උගතුන් ඇසුරට පත් වෙයි. අමතර ලාභ ලැබීම් ඇති වන අතර සිරසාබාධ මතු වේ. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 07

වෘශ්චික –

ශුභඵල සහිතයි. ක්‍රියාශීලීව ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි.
රැකියා ස්ථානවල කැපී පෙනේ. අලුත් වැඩ ඇරඹීමට හේතුයි. හදිසි ධන ලාභ මතු වේ. පපුවේ ආසාදන මතු වේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 03

ධනු –

ශුභවාදී ඵල මතු කරයි. රැකියා ලාභ ලැබීම්වලට හේතුයි. තනතුරු ලාභ ලබයි. ව්‍යාපාර දියුණු වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. දහමට ලැදි වෙයි. අභන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 01

මකර –

ශුභාශුභ ඵල මතු කරයි. යහපත් චේතනා මතු වෙයි. දුරස්ථ කළ මිතුරන් සමීපයට ගනි. ප්‍රබෝදමත්ව රැකියාවල යෙදේ. තරමක් වැයපස අධික වන දිනකි. අලංකාර කටයුතු සඳහා යොමු වෙයි. නහර වේදනා ස්නායුගත රෝග සාදයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08

කුම්භ –

ශුභඵල ගෙන දෙයි. තම අරමුණු ජය ගනී. තත්ත්වයේ උසස් වීමකට හේතුයි. රැකියා ස්ථානවල ප්‍රසාදය දිනයි. මිල මුදල් තරමක් වැයවන දිනකි. සුහද හමුවීම් වැනි දේට හේතුයි. දහමට ලැදිව ක්‍රියා කරයි. තරමක් සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05

මීන –

ශුභවාදී ඵල ගෙන දෙයි. ව්‍යාපාර දියුණු වෙයි. රාජකාරිවලදී ක්‍රියාශීලී වෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සෙම් රෝග, පෙනහළු ආශ්‍රිත රෝග වර්ධනය වෙයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 09