පළාත් කිහිපයකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් සඳහන් කරණ ආකාරයට බස්නාහිර සහ සමරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

සබරගමුව පළාතේත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.