වනඅලි පහරදීමෙන් ගැබිනි මවට සහ පුතු ට බරපතළයි

එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනා ගමන්ගත් ත්‍රිරෝද රථයට අනුරාධපුර, ගල්කුලම ප්‍රධාන මාර්ගයේ උට්ටිමඩුව ප්‍රදේශයේ දී  වනඅලියෙකු පහරදී තිබේ.

මොවුන් ත්‍රිරෝද රථයෙන් අනුරාධපුරය බලා ගමන් කරමින් සිටිය දී අද (07) උදෑසන 6.30ට පමණ  එලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත.

කෙසේවෙතත් වනඅලියාගේ පහරදීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් ගැබිනි මව සහ 11 හැවිරිදි පුතා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම මාර්ගයේ වනඅලින් බහුලව සිටින බැවින් ජනතාවට මාර්ගයේ ගමන් කිරීම ඉතාම අවදානම් තත්ත්වයක් බවය.