සියලු සෞභාග්‍යය උදාකරන තුල්සි ශාකය

තුල්සි නම් දිව්‍යමය ශාකය විශේෂයෙන් හින්දු බැතිමතුන්ගේ මහත් භක්ත්‍යාදරයටත් පුද පූජාවනටත් වන්දනාමාන ආදියටත් පාත්‍ර වන ශාකයකි. එනිසාම එය හින්දූන්ගේ පූජනීය වස්තුවක් සේ පිළිගැනේ. සකල සෞභාග්‍යය උදාකරදීමේ සමත් තුල්සි ශාකය සම්බන්ධ ඉතිහාස තතු බොහෝය. විශේෂයෙන් භගවත් පුරාණයේත් ස්කන්ධ පුරාණයේත් තුල්සි මාතාව සම්බන්ධ ඉතිහාස කතා පුවත් බොහෝය. ඒවාහි විශේෂයෙන් තුල්සි ශාකයට දිනපතා උදේ සවස සාත්තු කිරීම මෙන්ම පුද සත්කාර පැවැත්වීමද මහත් සේ සෞභාග්‍යය ලද හැකි ක්‍රියාවක් බවට දක්වා ඇත.
බොහෝවිට හින්දු භක්තිකයන්ගේ නිවෙස්වල මැද මිදුලේ හෝ නිවස ඉදිරිපිට මිදුලේ මැදට වන්නට පිරිසිදු පෝච්චියක් වැනි යමක වවා ගන්නා තුල්සි ශාකය ශාක ලෝකයේ ඛ්බජස්ජැ්ැ කුලයට අයත් වන අතර උද්භිද විiාත්මකව ධජසපමප දඩ්එමප ලෙස හඳුන්වයි. වියලි පස් මාධ්‍යයක වුවද හොඳින් වර්ධනය කරගත හැකි තුල්සි ශාකයට විශේෂයෙන් හින්දු සමාජයේ කාන්තාව සාත්තු කිරීමට පෙලඹී සිටී. යහපත් බිරිඳක් මෙන්ම යහපත් මවක් තුල්සි ගසෙන් සංඛේතවත් වන බව බොහෝ හින්දු බැතිමතුන්ගේ පිළිගැනීමයි. එපමණක් නොව තුල්සි ශාකයේ අතුවල මහා බ්‍රභ්මයා වැඩසිටින බවට පිළිගැනීමක් ද තුල්සි ගස වන්දනා කරන බොහෝ දෙනා තුළ පවතී. සමස්තයක් ලෙස ගත් කල මුළු විශ්වයේම අති පූජනීය ශාකය තුල්සි වන බව භාරත වැසියන්ගේ පිළිගැනීමය. එනිසාම විශේෂයෙන් තුල්සි ගස දර්ශනය ස්පර්ෂය පවා මහත් සෞභාග්‍යය උදාකරයි. මේ හේතු කරණකොට තුල්සි ශාකය අති පූජනීය මෙන්ම අති වන්දනීය ශාකයක් සේ පිළිගැනේ. භගවත් පුරාණයට හා ස්කන්ධ පුරාණයට අනුව යමෙකුට අධ්‍යාත්මික දියුණුව සලසා ගැනීමට අවැසි නම් තුල්සි දේවියගේ ආශිර්වාදය අවශ්‍ය වේ. මෙකී ලෙසට තුල්සි ශාකය සම්බන්ධ දිව්‍යමය, පුරාවෘත බොහෝය. ඒ සියලු කතා පුවත් සවිස්තරව මේ කෙටි ලිපියට ලඝුකිරීම ප්‍රායෝගික නොවේ.
කෙසේ නමුත් සකල සෞභාග්‍යය උදා කරනු සමත් තුල්සි ශාකයක් කවර දහමක් අදහන්නකු වේවා තම නිවසේ ඉදිරිපිට වවා මහත් භක්ත්‍යාදරයෙන් පුද පූජා පවත්වන කල ප්‍රතිඵල ගෙන දෙන බව නම් ස්ථිරය. විශේෂයෙන් කෙම්මුර දින සේ පිළිගැනෙන බදාදා, සෙනසුරාදා වැනි දිනක නිවැරැදිව ක්‍රමවත්ව කිලි සහිත මාංශයෙන් වැලකී තුල්සි පූජාව පැවැත්වීම ප්‍රත්‍යක්‍ෂ ගුණ ගෙන දේ. විශේෂයෙන් එම පූජාව ධනය, බලය, කීර්තිය මෙන්ම යසස ළඟාකර ගැනීමට හේතුය. තුල්සි ශාකය සැලකිය යුතු කලක සිට වන්දනා කරන්නන් මෙකී සත්‍යය අත්දැක ඇතුවාට සැක නැත.
ඉන්දියානු වේද සාහිත්‍යයේ විශේෂ ස්ථානයක් හිමි වන තුල්සි ශාකය තුල්සි මාතාව නමින්ද හඳුන්වයි. තුල්සි මාතාව නැමදීමත් පුද පූජා පැවැත්වීමත් නිහඬව ප්‍රසිද්ධියක් ලබා නොදෙමින් හුදකලාව හදවතින්ම භක්තිමත්ව කළ යුත්තකි. එකී අයුරින් යම් සැලකිය යුතු කාලයක් තුල්සි වන්දනාව සිදුකර යම් සාදනීය මට්ටමේ යහපත් ප්‍රතිඵල ලබන කල අන් අයගේ ද ජීවිත වල යහපත උදෙසා මේ සම්බන්ධව නිවැරැදිව දැනුවත් කිරීම උචිතය. ඒ හුදෙක් මෙවන් පුද පූජා මිත්‍යාවන් සේ බැහැර නොකර විශ්වාස කරන අය සඳහා පමණි. කවුරුන් කෙසේ කීවත් මොන තර්ක විතර්ක ගෙනහැර පෑවත් මොන යම් හෝ සාධාරණ ක්‍රමයකින් ජීවිතවලට සැපත, සතුට, සෞභාග්‍යය මෙන්ම යහපත උදාකර ගත හැකි නම් එවැනි දේ සිදුකිරීමේ මෙන්ම පර්යේෂණාත්මකව අත්හදා බැලීමේ කිසිදු වරදක් නොපෙනේ. එකී පිළිවෙත් කවර ආගමකට, කවර දර්ශනයකට අදාළ ද යන වග වැදගත් නොවේ. වැදගත් මෙන්ම අදාළ වන්නේ සැමගේ යහපත පිණිස එය පැවතීම පමණි. තවද ඒ හරහා කිසිවකුට මොනම අයුරකින් වත් හිංසාවක් පීඩාවක් නොවීමද ඉතාම වැදගත්ය.
විශේෂයෙන් ඉන්දියානු ආයුර්වේදයේ බොහෝ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තුල්සි ශාකය ශ්‍රී ලංකාවේ ද බහුල ව්‍යාප්තියක් පෙන්වන ශාකයකි. අප රටේ නම් මදුරුතලා එසේත් නැත්නම් හීන් මදුරුතලා ලෙස හඳුන්වන මෙම ශාකය ඉන්දියාවේ පුද පූජා ලබන තුල්සි ශාකයම බව බහුතර පිළිගැනීමයි. තුල්සි ගසේ ව්‍යාප්තිය අතු මගින් මෙන්ම අබ ඇටයටත් වඩා කුඩා බීජ මගින් ද සිදුවේ. එනිසා පුද පූජා පැවැත්වීමට නම් ඉන්දියාවෙන්ම තුල්සි ශාකයක ඇට ගෙන්වා පැළකර ගැනීම හෝ තුල්සි අතු කැබැල්ලක් හෝ පැළයක් ගෙන්වා ගැනීම වඩාත් සුදුසු යැයි සිතේ. තුල්සි ගසක කොළ පොඩිකළ විට සුවඳය. විශේෂයෙන් මදුරුවන් පලවාහැරීමේ හැකියාවක් තුල්සි ශාකයට පවතී. එනිසාම ඇතමුන් තුල්සි ශාකයේ අතු කඩා අමුවෙන්ම ගින්නට දමා මදුරුවන් පලවාහරිනු ද දැකිය හැක.
තුල්සි ශාකය මනුෂ්‍ය ජීවිතයේ ආයුෂ වැඩි කරන නිසා ආයුර්වේදයේදී අමුර්තය ලෙස ද හඳුන්වයි. විශේෂයෙන් අක්මා රෝග, මුඛ රෝග වැනි රෝගවලට බෙහෙවින් ගුණදායක තුල්සි කොළ රුධිරයේ සීනි පාලනයට මෙන්ම හෘද රෝග සඳහා ද සුදුසු බව දේශීය වෛiවරුන්ගේ පිළිගැනීමයි. තවද වකුගඩු ගල් ඇතිවීම, මානසික ආතතිය සේම ප්‍රතිජීවකයක් ලෙස උණ වැනි වෛරස් රෝගවලට ද තුල්සි භාවිතය හිතකරය. එනිසාම ඇතමුන් තුල්සි කොළ වේලා කොටා කුඩුකර පානයක් ලෙස ද භාවිත කරනු දැකිය හැක. එපමණක් නොව මුඛයේ හටගන්නා තුවාල සුවකිරීමේ ගුණය ද තුල්සි ශාකය සතුව පවතී. ආහාර ජීරණය පවා පහසු කරන තුල්සි ශාකයේ කොළ ඉන්දියාවේ නම් තෙල් හිදගැනීමට පවා භාවිතා කරයි.
මෙලෙස මහත් ඖෂධීය ගුණයකින් යුතු මෙන්ම මහත් ප්‍රාතිහාර බලයකින් යුතු දිව්‍යමය ශාකයක් වූ තුල්සි ශාකය ඔබත් පිරිසිදු මල් පෝච්චියක් වැනි බඳුනක වවා ගන්න. ඉහතදී සඳහන් කළ ආකාරයට නිසි අයුරින් ක්‍රමවත්ව ස්ථානගත කර යහපත් එකඟ වූ සිතින් යුතුව පිරිසිදුව පුද සත්කාර කරන්න. හැකි ඉක්මණින් තුල්සි මාතාවගේ රැකවරණය හිමිකර ගන්න. සතුට, සැපත, සෞභාග්‍යය, දියුණුව උදාකර ගන්න. තුල්සි මාතාවගේ පිහිටෙන් ජීවිතවලට යහපතම සලසා ගන්න.