උඩ දියළුම දියඇල්ලේ කෑම්ප් ගිහින් අලියාගේ පහරකෑ තරුණිය මරුට

අද( 12) අලුයම කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි  යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද කොස්ලන්ද පොලීසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කැකනදුර පදිංචි වී සිටි ජී තරූෂි නමැති 23 හැවිරිදි තරුණියකි. තුවාල ලබා ඇත්තේ වාරියපොල  පදිංචි  කේ ඒ ධනුෂ්ක (22) තරුණයෙකි.

මොවුහු කොස්ලන්ද උඩ දියලුම සංචාරයක පැමිණ රාත්‍රී කාලයේ කදවුරු බැඳගෙන සිටී බව පොලීසිය කියයි.