වර්‍ෂ 2023 ජූනි මාසය ඔබට කොහොමද – ලග්නයෙන් ලග්නය පලාපල මෙන්න

මෙම ජූනි මාසයේ පළමුදින සිට ජූනි 30 දක්වා ඔබගේ කේන්ද්‍රය තුල ග්‍රහයින්ගේ යෙදීම හා සදු ග්‍රහයාගේ ග්‍රහ ගමන් තත්ත්වය ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී ජ්‍යෙතිෂ විද්‍යාකීර්ති නිහාල් හේවාබටගොඩගේ  ‘සුබනෙත epaper’ මඟින් ගෙනෙන විශේෂිත ලග්න පලාපල විස්තරය.

 

මේෂ ලග්නය

මාසයේ ආරම්භයේ දීම බුධ හා බ්‍රහස්පති ග්‍රහය ලග්නයේ ගමන් කිරීම යෙදී ඇති බැවින් ඉගෙනීමේ කටයුතු වලට ශුභයි. විභාගවලට පෙනී සිටින අයට ජය අත්වේ. උනන්දුවන්න ප්‍රතිඵල සාර්ථක
වෙයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. හදිසි ධන ලාභවලට හා භූමිය සම්බන්ධ ලැබීම් වලටත් ශුභයි. බුධ හා බ්‍රහස්පතිගේ මහා දශා අන්තර්දශාව ගෙවන අයට ශුභ ඵලද සෙනසුරුගේ දශා ගෙවන අයට මධ්‍යම ඵලද උදාවේ. කේතුගේ මහා දශාව ඇති අයට පවුලේ ප්‍රශ්නද මතුවීමට ඇත. පවුලේ සතුට ඇතිවේ. ගෙදර වැඩ අතපසුවුනදේ කරන්නට සිත් පහළ වෙයි. රෝග ලෙස ඔළුවේ කැක්කුම හා හිසේ බර ගතිය එයි. තුනටියේ රිදීම් හා මුත්‍රාවල දෝෂ මුත්‍රාවල ආසාදන මතුවීමට ඉඩ ඇත.
ස්ථිරකම හිත හයිය බැවින් ජය අත්කරයි.

ශුභ අංකය – 2, 4, 5, 7
ශුභ දිනය – අඟහරුවාදා, සිකුරාදා
අපල දෝෂ සඳහා කතරගම දෙවිඳුට රතුමල් හා කහ මල් ජූජා කරලා පිං දෙන්න

වෘෂභ ලග්නය

මාසයේ ආරම්භයට වඩා මාසයේ මැද සිට ශුභඵල ගෙනදෙයි. විදේශගතවන අයට යහපත් වෙයි. ඉගෙනගන්න අයටත ් ශුභ වේ. නමුත් හවුලේ කරන දේවල්වලට බාදාවේ. හිත රිදීම් ඇතිවෙයි. පවුලේද තරමක් ප්‍රශ්ණ මතුවේ. ඔබ කරන දේ හරියට කරන බැවින් පිළිවෙලට කරයි. ප්‍රේම සම්බන්ධතා ඇතිවීම මංගල කටයුතු බලාපොරොත්තු අයට ඒවා ඉටුවීමට හොඳ කාලයයි. දියුණුවට යම් යම් බාධා මතු වුවත් ස්ථිර බව නිසා අවහිර බාධා ජය ගෙන තම කටයුතු සාර්ථක කරගැනීමට බලයි. නිතරම සත්‍ය බව අගය කරයි. වෙළදාම් ව්‍යාපාර වල දියුණුවටද ශුභයි. සිකුරුගේ මහා දශා අන්තර්දශාව හා බුදගේ දශාව ගෙවන අයට ශුභඵලද සෙනසුරු දශා ගෙවන අයට මධ්‍යම ලෙසද කේතුගේ දශාව ගෙවන අයට බඩේ රෝගද මතුවෙයි.

ශුභ අංකය – 5, 6
ශුභ දිනය – බදාදා
අපල දෝෂ සඳහා පත්තිනි මෑණියන්ට කහමල් වට්ටි 3 ක් පූජා කරන්න

මිථුන ලග්නය

මාසය ආරම්භයේ සිටම ශුභ වෙයි. ඉගෙන ගන්නා අයට ශුභයි. නව රැකියා බලාපොරොත්තු වන අයට තම අදහස් ඉටු වෙයි. රැකියාවේ උසස්වීම් වලටත් ශුභයි. විදේශ ගමන් වන්දනා ගමන් වලටහිත ඇතිවේ. ඒවාට ශුභයි. ධනය ලැබීමට ද ශුභයි. බුද්ධියෙන් කරන වැඩ සාර්ථක වේ. රහස් සතුරු කරදර මතුවීමට ඇත. විදේශගත අයද රහස් සතුරු කරදර වලින් ආරක්ෂා වන්න. වියදම් තත්වය තරමක් ඉහළ යයි. හිත් රිදීම් මතුවෙයි. නමුත් හැමදේම බුද්ධියෙන් සිතා ජය ගැනීමට ශුභ කාලයයි. පිං දහම් වල යෙදෙන්න ශුභ වේ. මෙම අය වැඩිය දේව විශ්වාසය නැති වුවත් බුදුගුණ වලට කැමැත්ත ඇති බැවින් ධර්මානුකූලව කටයුතු කර ජය ගන්න. බුධගේ මහ දශාව අන්තර්දශාව හා සිකුරුගේ දශා ගෙවන අයට වඩා ශුභ ඵලද අනෙක් දශා ගෙවන අයට මධ්‍යම ඵලද උදා කරයි.
ශුභ අංකය – 3, 5
ශුභ දිනය – සඳුදා, සිකුරාදා
අපල දෝෂ සඳහා විෂ්ණු දෙවිඳුට නිල් මල් වට්ටියක් පූජා කරලා එළඟි තෙල් පහනක් දල්වා පිං දෙන්න.

කටක ලග්නය

මාසයේ මුල තරමක් අගුණ වුවත් මාසයේ අග වනවිට යහපත් වෙයි. මංගල කටයුතු බලාපොරොත්තු අයට ශුභයි. කරන
රැකියාවෙන් බාධා ඇතිවීම් අතමිට මුදල් හිඟවීම් මතුවෙයි. හිතට පීඩා ගෙන දෙයි. දරුවන්ගේ ප්‍රශ්න වලින් පීඩා විදීමට සිදුවෙයි. නමුත් වරින් වර හිතට සතුට ගෙන දෙයි. ගෙදර ප්‍රශ්න මතුවෙන කාලයයි. භූත දෝෂ ප්‍රේත දෝෂ මඟින් නිවසට බලපෑම් ඇතිවේ. දියුණුවට බාධාවීම් මතුවෙයි. රෝග ලෙස මුත්‍රාවල හා තුනටියේ අමාරු මතුවෙයි. බඩේ ආමාශගත රෝගද ඒමට ඇත. වරින් වර සෙම් බව මතුවෙයි. වැඩිපුර උත්සහවන්ත වීම අවශ්‍ය වේ. පවුලේ සමගියට බාධාවන දේ සිදුවෙයි. බ්‍රහස්පතිගේ මහ දශාව අන්තර්දශාව හා රවිගේ දශාව ගෙවන අයට යහපත් වන අතර සෙනසුරුගේ මහ දශාව අන්තර්දශාව ගෙවන අයට තරමක් අගුණ ගෙන දෙයි. රෝගී වීමට ඇත.
ශුභ අංකය – – 2, 7, 9
ශුභ දිනය – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
මෙම දෝෂ ඉවත්වීමට කතරගම දෙවිදුට රතු හා කහමල් පූජා කරන්න. තල තෙල් පහනක් දල්වා පිං දෙන්න.

සිංහ

මාසයේ මුල සිටම ශුභ ඵල උදාවෙයි. ඉගෙන ගන්නා අයටත් ඉගෙනීමේ කටයුතු සාර්ථකවීම රැකියා කරන අයගේ රැකියා උසස්වීම්, විදේශගත වීමට බලාපොරොත්තු වන අයට ඒවා ඉටුවන මාර්ගපෑදෙයි. සතුට සමගිය ඇතිවේ. උසස් අධ්‍යාපනය ලබන අයට ශුභවෙයි. ලැබීම වෙළදාම් ව්‍යාපාර වල දියුණුවට ද ශුභ වෙයි. පපුවේ රෝගී බව ඇති අය ප්‍රවේශම් වන්න පපුවට සෙම් ඒමට බලයි. දෙපාවල රිදීම් මතුවෙයි. හිතවත් නෑයෝ විරසක වීමක්ද ඇත. නමුත් තමාගේ ගමන යන්න හොඳ අධිෂ්ඨාන ශක්තියක් ඇති වෙයි. රවි මහ දශාව අන්තර්දශාව ගෙවන අයට හා බුදගේ දශාව ගෙවන අයට ශුභ යහපත් වන අතර රාහු දශාව සෙනසුරුගේ දශාව ගෙවන අයට මධ්‍යම ලෙසද බලපානු ඇත.
ශුභ අංකය – 1, 4
ශුභ දිනය – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
අපල දෝෂ සඳහා විෂ්ණු දෙවිඳුට නිල් මල් වට්ටියක් පූජා කරලා එළඟි තෙල්
පහනක් දල්වා පිං දෙන්න.

කන්‍යා

මාසයේ මුල් දින 10 තරමක් බාධා ගෙන දෙයි. දරුවන් නිසා වෙහෙසීමට සිදුවෙයි. වචනයේ දෝෂයක් නිසා හිත් රිදීම් අන් අයට ඇති වෙයි. කතා කරන විට ප්‍රවේශම් වන්න. රෝග ලෙස මුත්‍රාවල හා බඩේ ආමංශගත රෝග මතු වෙයි. මංගල යෝග කටයුතු සාර්ථක වෙයි. විවාහය ගැන හිතන අයට ශුභ ඵල ඇති මාසයක් වෙයි. පවුලේ සමගිය ඇති වෙයි. අතමිට ද සරු වෙයි. ඉගෙන ගන්නා අයටද විභාග ගන්න අයටත් ශුභයි. සංගීත නැටුම් මැහුම් ජනමාධ්‍ය කලා නිර්මාණ කරන අයට ශුභයි. නව අදහස් පහළ වෙයි. ඒවා සාර්ථක වන ලකුණු පහළ වෙයි. සිකුරුගේ මහ දශාව අන්තර් දශාව හා බුදගේ දශාව ගෙවන අයට යහපත් ලෙසද අනෙක් දශා ගෙවන අයට මධ්‍යම ලෙසද කාලය ගත වෙයි. කේතුගේ දශාව ගෙවන අයට ඇස්වල අමාරු හා රෝගී වීමට හැකියාව ඇත.

ශුභ අංකය – 2, 3, 5
ශුභ දිනය – බදාදා, සිකුරාදා

පවතින දෝෂ සඳහා බෝධි පූජාව දින 3 ක් තබා ගෙන විෂ්ණු දෙවිදුට
නිල් මානෙල් මල් 3 පූජා කරන්න.

තුලා

මාසයේ මුල මැද අග වරින් වර අගුණ මතුවෙයි. නමුත් ඉගෙනගන්නා අයට ශුභවේ. නිතරම හිත සතුටින් ඉන්නට බලයි. සැහැල්ලු බව ගැන සිතයි. දෝෂාරෝපණ ඇසීමක් ඇත. මිත්‍ර සබඳකම් වලදී හවුලේ
කටයුතු කරන අය ප්‍රවේශම් වන්න. මංගල යෝග උදාවීම් ඇත. යහපත් මංගල
යෝජනා එයි. වෙළදාම් ව්‍යාපරායේ දියුණුවට වෙනදාට වඩා මහන්සි වී කටයුතු කල යුතුවෙයි. අමනුෂ්‍ය දෝෂද බලපාන අතර අවේලාවේ තෙල් බැඳුම් කෑමෙන් වළකින්න. රෝග ලෙස ඔළුවේ කැක්කුම හිසේ බරගතිය. හා මුත්‍රාවල ආසාදන මතුවීමට ඇත. බුධ මහා දශාව අන්තර් දශාව සදුගේ දශාව ගෙවන අයට යහපත් වේ. අනෙක් දශා ගෙවන අයට මධ්‍යමඵල උදාවෙයි. කේතුගේ මහදහාව අයට රෝගී වීමට ඇත. ප්‍රේත දෝෂ මතුවේ. කෑම අගුණවීම් ශරීරය දුර්වල වීම් ඇතිවෙයි. රාහු දශාව ගෙවන අයට පවුලේ ප්‍රශ්න ඇතිවේ.

ශුභ අංකය – 6, 7
ශුභ දිනය – අඟහරුවාදා, බදාදා, සිකුරාදා
අගුණ දෝෂ සඳහා බෝධි මළුව අතුගෑම කරලා නිතරම පත්තිනි මෑණියන්ට කහ මල් පූජා කරලා පිං දී සෙත ලබාගන්න.

වෘශ්චික

මාසයේ මුල හා මැද සිට යහපත් වේ. නමුත් උත්සාහවන්ත බව ඇතිව ඒවා ඉටු වෙයි. යහපත්වකරනදේට හා ඉගෙන ගන්නා අයට ශුභයි. විදේශගතවීමට බලාපොරොත්තු වන අයට අදහස් කරන අයට ඒවා ඉටුවෙයි. මංගලයෝග ද උදාවෙයි. ධනය ලැබීමටද ශුභ වෙයි. රැකියාවේ උසස්වීම් දියුණුවට ශුභයි. යහපත් දරුවන් ලැබීමටද ශුභ මාසයක් වෙයි. වරින් වර හිතට පීඩා ගෙන දෙයි. බඩේ රෝග මතුවේ මුත්‍රාවල තුනටියේ වේදනා ගෙනදෙයි. කලබල නොවී ඉවසීමෙන් වැඩකර යහපත උදා කරගන්න. අගහරුගේ මහාදශාව අන්තර්දශාව ගෙවන අයට හා බ්‍රහස්පතිගේ දශා ගත කරන අයට ශුභ වෙයි. බුධගේ හා කේතු දශා ගත කරන අයට වරින් වර අගුණ වෙයි. අනෙක් දශා ගෙවන අයට මධ්‍යස්ථ ඵල උදාවෙයි.

ශුභ අංකය – 1, 5, 7
ශුභ දිනය – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
අගුණ දෝෂ සඳහා බෝධි මළුව අතුගෑම කරලා නිතරම පත්තිනි මෑණියන්ට කහ මල් පූජා කරලා පිං දී සෙත ලබාගන්න.

ධනු ලග්නය

මාසයේ මුල හා මැද යහපත් වේ. ශුභයි. මව්ට තරමත් අගුණ වීම් පෙන්වයි. දියුණුවට උනන්දුව ඇතිවෙයි. හොඳට දුරදිග බලා වැඩ කරයි. ඉතිරි කිරීමට බලයි. තනතුරු උසස්වීම් ලැබීම් වලට ශුභයි. භූමිලාභ හා ගෙදර දියුණුවට කටයුතු සිදුවෙයි. වරින්වර හිතට දුක ගෙන දේ වෙයි. හිතවත් අය සමඟ හවුගේ වැඩ කරන්නට ඕන ප්‍රවේශමිවයි. තමාගේ හොඳ කමින් අයුතු ප්‍රයෝජන ගැනීමට බලයි. රෝග ලෙස බඩේ ආමාශගත රෝග සෙම් බව මතුවීම තුනටියේ අමාරු මතුවීමට ඇත. බුධගේ මහ දශාව අන්තර් දශාව හා රවිගේ දශාව ගෙවන අයගේ ශුභ ඵල අත්වේ. සදුගේ හා රාහුගේ දශා ගෙවන අයට අගුණ ගෙනදෙයි. අනෙක් දශා ගෙවන අයට මධ්‍යස්ථ වෙයි.
ශුභ අංකය – 5, 6, 8
ශුභ දිනය – බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා
පවතින දෝෂ සඳහා බෝධි පූජාව දින3 ක් තබා කතරගම දෙවිඳුට රතු නෙළුම් මල් 7 ජූජා කර පිං දෙන්න

මකර ලග්නය

මාසයේ මුල සිටම ශුභ වන අතර ගෙදර තිබුණ අඩුපාඩු බොහෝ දේ යහපත් අතට හැරීමට කාලයයි. මංගල යෝජනා බලාපොරොත්තු අයට ඒවා ඉටුවෙයි. වියදම් තරමක් ඉහළ යන බවක් පෙනේ.
මුදල් නාස්තිවීම් ඇත. අවශ්‍ය දේට වඩා වියදම් වේ. ඉතිරි කරලා දියුණුවෙන්න ගන්නා හොඳ උත්සාහ සාර්ථක වෙයි. දුරගමන් යාමට සිදුවෙයි. විනෝද චාරිකා වන්දනා ගමන් යාමට සිත් පහළ වෙයි. විදේශගත අයටත් ශුභයි. ගෙදර දියුණුවට ඉතාම ශුභයි. තමාට අවශ්‍යදේ නිදිමරා ගෙන හෝ කරයි. උත්සාහය අත් හරින්නේ නැතිව වැඩ කරයි. ඇස්වල පීඩා මතුවීම දත්වල දෝෂ ඒම හා පපුවේ රිදීම් ඒමට බොහෝ ඉඩ ඇත. බුධ මහ දශාව අන්තර් දශාව ගෙවන අයට හා සිකුරුගේ දශාව ගෙවන අයට යහපත් වේ. අනෙක් දශා ගෙවන අයට මධ්‍යස්ථ වේ. රාහුගේ දශා ගෙවන අයට ඉඩම් ප්‍රශ්ණ ආරවුල් මතුවේ. කේතු දශා ගෙවන අයට ආදායම් මාර්ගවලට බාධා මතුවේ. රැකියාවේ කරදර මතුවෙයි
ශුභ අංකය – 6, 8
ශුභ දිනය – බදාදා, සෙනසුරාදා
පවතින දෝෂ අපල වලට බෝධි පූජාව තබාගෙන විෂ්ණු දෙවිට නිල් මානෙල් මල් 7 පූජා කරන්න.

මීන ලග්නය

මාසයේ මුල සිටම ටික ටික ගුණ දීමට පටන්ගන්නා අතර උනන්දුවීම් වැඩිවන තරමට ධනය ලැබීම්ද ඇත. විදේශගත වීමට බලාපොරොත්තු වන අයට ඒවා සාර්ථකවන ලකුණු පහළ වෙයි. ඉගෙනගන්නා අයටද ශුභයි. ඉගෙනීම් සාර්ථක වෙයි. වටිනා දෙයක් නැතිවීමට ඇත. හිත්පීඩා ගෙන දීමට කරුණු උදාවෙයි. විෂකුරු සතුන්ගෙන්ද අනතුරු වීමට ඇත ඉතාම ප්‍රවේශම් වන්න. වන්දනා ගමන් යන අයටත් ශුභයි. වන්දනා ගමන් යාමට අවස්ථාව උදාවෙයි. වෙනදාට වඩා පිංකම්වල යෙදීමට සිත් පහළ වෙයි. රෝග ලෙස තුනටියේ රිදීම් මුත්‍රාවල ආසාදන මතුවීම ඇස්වල හා දත්වල දෝෂ ඒමට ඇත. බඩේ ආමාශගත රෝග මතුවෙයි. බ්‍රහස්පතිගේ මහ දශාව අන්තර් දශාව ගත කරන අයට ශුභයි. සිකුරුගේ දශාව ගත කරන අයට විදේශගතවීමට අවස්ථාව උදාවේ. රාහුගේ දශාව ගත කරන අයට වියදම් අධික වෙයි. ණයවීමට පවා ඇත
ශුභ අංකය – 3, 9
ශුභ දිනය – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
පවතින දෝෂ වලට බෝධියට උදේට කිරිබත් පාත්‍ර 3 ජූජා කරන්න. විෂ්ණු හා
කතරගම දෙවිට පිං දෙන්න.

 

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
ජ්‍යොතිෂය
විද්‍යා විශ්වකීර්ති

නිහාල්
හේවාබටගොඩගේ
077 418 1943