මංගල රෑ අවසන් ගමන් ගිය අඹුසැමි යුවළක්

ඉන්දියාවෙන් මේ දිනවල අසන්නට ලැබෙන්නේ එතරම් සුබදායි ආරච්චි නොව තම මංගල රාත්‍රියේම සැකකටයුතු ලෙස මියගොස් සිටි අඹුසැමි යුවළක් සම්බන්ධයෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වීම නිසයි.

22 හැවිරිදි ප්‍රතාප් යාදව් සහ එම ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි පුෂ්පා දේවි විවාහ වී ඇත්තේ පසුගිය 30වනදාය.

විවාහය දා රාත්‍රියේ යුවළ ප්‍රතාප් යාදව්ගේ නිවසේ චාරිත්‍රානුකූලව නතර වී ඇති අතර, පසුව දා උදෑසන ඥාතීන් පැමිණ කතා කළද ඔවුන් කාමරයෙන් එළියට නොපැමිණි නිසා දොර කඩා පරීක්ෂා කර තිබේ.

එහිදි ඔවුන් දෙදෙනා කාමරය තුළ මියගොස් ඇතැයි අනාවරණය වී ඇත.