මාරාන්තික HMPV ශ්වසන ආසාදන වෛරසය ගැන ලංකාව සීරුවෙන්

මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
HMPV වෛරසය අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක්‍ පවතින බව වාර්තාවී තිබේ.

බොහෝ දෙනෙකුට HMPV වැළඳී තිබුණද, ඔවුන් එය ඇති බව නොදැන සිටින බව වෛද්‍ය මතයයි.
එය වැළඳෙන බොහෝ දෙනෙකුට බරපතල රෝග ලක්ෂණ ඇති නොවන අතර දින හතක් හෝ දහයක් ඇතුළත සුවය ලබයි. ඊට අමතරව, වෛරසය හඳුනාගනු ලබන්නේ රෝහල්වල හෝ හදිසි කාමරවල සිදු කරනු ලබන සංකීර්ණ අණුක පරීක්ෂණ මගින් පමණි.

නාසයෙන් දියර ගැලීම, වියළි කැස්ස, උගුරේ අමාරුව සහ උණ: මෙම රෝග ලක්ෂණ වල එකතුවක් මේ රෝගයට අදාළය. COVID-19 වසංගතය තුළ ජීවත් වූ ඕනෑම අයෙකු මෙම අවාසනාවන්ත වෛරසයේ පුනර්ජීවයට ගොදුරු විය හැකි බව වෛද්‍ය මතයයි.
වසර දෙකක සමාජ දුරස්ථභාවය සහ මුහුණු ආවරණ පැළඳීමෙන් පසු, ජනගහනය අතර ප්‍රතිශක්තිය අඩුවීම උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම මේ සමඟ සම්බන්ධ වී ඇත.
කෙටියෙන් පවසතොත් COVID-19 වසංගතයට මිනිසුන් හුරුවූ ආරක්ෂණ ක්‍රමවේද මෙම වෛරසය ව්‍යාප්තියට හේතුවී ඇත.