රුවන්වැලි මහා සෑයට සුදු මල් වට්ටියක් පූජාකර නිරෝගී දරුඋපතක් ප්‍රාර්ථනා කරන්න

මවක් තම එකම පුත්‍රයා කෙරෙහි සලකන ලෙස සිය`ඵ සතුන් කෙරෙහි එක හා සමාන සිත් ඇතිව මෙත් සිත පතුරුවාලන්න. අනතුරුව දස දිසාවට සිය`ඵ සත්වයන් සුවපත් වේවායි සිතමින් මෙත් සිත පතුරුවන්න. තවද මිථ්‍යාදෘෂ්ඨි සියල්ල අත හරින්න. සිල්වත් වෙන්න. කම්සැප බැහැරලන්න. එවිට මව් කුසට නොපමිණ නිවන් සැපතට ලඟාවිය හැක. මේ ආත්ම භාවයේ නිවන් දැකීමට අවශ්‍ය නම්, මස් මාංශ අනුභවයෙන් වැලකෙන්න.
අද බෞද්ධයාගේ ප්‍රධාන මාතෘකාව සසර දුක් නිවන ප්‍රතිපදාව නොව නිර්මාංශ ප්‍රශ්ණයයි. අප ගන්නා ආහාරය සත්‍යාවබෝධයට බල පෑම් නොකරන බව සත්‍යයකි. එනමුදු මස් මාංශ වලට ගිජුවන මරනින් මතු නිරයෙහි උපදින බව බුද්ධ දේශණාවෙහි සදහන්ය. බුද්ධ දේශනයට අනුව මාර්ග ඵලයකට පත් වීම පැවිදි උතුමන්ගේ යුතුකම් අතරට එක්වේ. ඒ යුතුකමේ ස්භාවය විස්තර කරන බුදුරදුන්, කකුසද බුදුන් සමයේ නොරහත් පැවිදි උතුමන්ට ගිහියන් නිග්‍රහ කල බවත්, සෝවාන් නොවූ ගිහියන්ට මාර්ග ඵල ලාබීන් දොස් පැවරූ බවත් පෙන්වා දුන්සේක. ගිහි ගෙය අතහැර පැවිදි බිමට පිවිස නොමිලේ ලැබෙන සිව්පසය බුක්තිවිද මාර්ග ඵල ලැබීමට උත්සාහ නොදරහොත් ඒ කවර නම් පාපයක්ද?
සෝවාන් ඵලයට පත්වීම කෙතරම් සරලක්‍රියාවක්ද යන්න ඔබම සිතා බලා තීරනය ගත යුතුය. එනමුත් සෝවාන් වීමේ ක්‍රියාව සු`ඵපටු නැත. සෝවාන් ඵලයට පත්වීම සක්විති පදවියට පත්වීමට වඩා උතුම්ය. මිනිස් ලොව ඉක්මවා දෙව්ලොව දක්වා බලය පතුරන සක්විති රජුද අපාය භයෙන් නිදහස් නොවූවෙකි. සෝවාන් වූ අයට යළි කිසි දිනක අපාය භයක් නොමත. සෝවාන් වීම සක්විති රජ පදවියට වඩා උතුම් වන්නේ ඒ නිසාය. සෑම ප්‍රානියෙකුට මෙන්ම වස්තුවක් වටාද රශ්මි වලල්ලක් පිහිටා තිබේ. මෙම රශ්මි වලල්ල “ඹ්රා” (Aura) නමින් හදුන්වයි. මෙම රශ්මි වලල්ල ශක්ති ශරිරයක් (Energy field) වශයෙන්ද හදුන්වයි. මෙම රශ්මි වලල්ල සෙ.මී. 30-40 අතර විහිදී පවතී. බුදුරජාණන් වහන්සේ වැනි ආධ්‍යාත්මික වශයෙන් දියුණු පුත්ගලයන්ගේ මෙහි පරාසය විශාලව පවතී. අප තුල හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අප සිරුරේ ඇති  රෝගාබාධ අනුව අපගේ ඹ්රාව විවිධ වර්ණයන් ගනී. විශේෂයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ඉහල තලවල සිටින ඇත්තන්ගේ ඹ්රාව විහිදෙන්නේ කහ පැහැති ඉතා ප්‍රභාශ්වර රශ්මි ධාරාවකි. මෙම රශ්මි ධාරාව පියවි ඇසට දැකීමට අපහසුය. නමුත් අධිමානසික ශක්තියකින් හෙබි ධ්‍යානලාභී, යෝගීන්, ඍෂිවරුන්, භාවනාවෙන් ඉහල ආධ්‍යාත්මික වශයෙන් සිටිනා පුත්ගලයන්ට මෙම ඹ්රාව පියවි ඇසට දැකීමට හැකියාව පවතී.
ඒ ඒ සිතුවිලි ධාරා සහ හැගීම් අනුව ඔබේ සිරුරෙහි රශ්මි ධාරාවන් මෙවැනි වර්ණයන් ගනී.
පියකරු රෝස පැහැය – ආදරය සෙනෙහස සහ පිවිතුරු හැගීම්
තඹිලි පැහැය – නිර්භීත බව
දුඹුරු පැහැය – රෝගී කම
කොළ පැහැය – සුවපත් බව
රතු පැහැය – දැඩි කනස්සලු බව සහ කෝපය
තද දම් පැහැය – සන්සුන් බව සහ ප්‍රඥාවන්ත බව
කහ පැහැය – ආධ්‍යාත්මික දියුණු බව
අඳුරු ක`ඵ පැහැය – වෛරය පසුතැවිල්ල
කෙනෙකුගේ ඹ්රාව සිතුවිලි අනුව දිනකට විවිධ වර්ණයන් ගනී. අධිමානසික තත්වයක් හෝ භාවනාවෙන් උසස් ඵලයකට පැමිණි කෙනෙකුට මෙම රශ්මි ධාරාවන් නිරීක්‍ෂණය කිරීමෙන් කෙනෙකුගේ මානසික තත්වයසහ රෝගී තත්වයන් හඳුනා ගත හැක. කෙනෙකු මරනාසන්න වන විට ඔහුගේ ඹ්රා ශක්තිය ඉතා අඳුරු පැහැයක් ගනී. විශ්ව ශක්තියේ බලයෙන් ආධ්‍යාත්මික තත්වයට පත්වූ අයෙකුට ශරීරයේ fඖෂධ ගැල්වීමෙන් ඹ්රා ශක්තය යතාතත්වයට පත්කල හැකිය. ඇතම් දින වල අ`ඵයම් කාලයේ මා විහාරස්ථානයට ගොස් භාවනා කරන්නට පුරුදුවී සිටියෙමි. අ`ඵයම 4 -5 අතර බ්‍රහ්ම මූර්ථය පවතී. ඕනෑම අයෙකුට මෙම වේලාවට භාවනා කිරීමෙන් උසස් ප්‍රථිපල ලැබිය හැකිය. අ`ඵයම් කාලයේ බෝගසේ පත්‍ර වලින් නිකුත් කරන කිරන වල විශාල ශක්තියක් ගැබ්වී පවතී. මෙය ශරීරයට ඉතාම හිතකර වූ කිරන විශේෂයකි. එක් දිනක මා භාවනාවට සැරසෙන විට දී යුවලක් පැමිණ කඩිමුඩියේ මල් පහන් පූජා කොට බෝධි වන්දනාව කරන අයුරු දුටුවෙමි.භාවනාව තුලින් ඔවුන් ගැන බලන්නට මට සිතුනි. එම යුවලට දරුවන් නැත. විවාහ වී වසර 5 කි. මා පෙර කර්මය බැලුවෙමි. ඔවුන් කරන්නා වූ පූජා කටයුත්ත එයට නොගැලපේ. පූජාව කල යුතු ආකාරය මම ඔවුන්ට කියා දුන්නෙමි. දරුවන් ලැබීමට නම් පෙර කර්මය අහෝසි කල යුතුය. කර්මය පාලනය කිරීමට අවශ්‍ය පරිධි බෝධිපූජාව සිදුකලේ නම් ඉතා උසස් ප්‍රථීපල ලැබිය හැකිය.
බෝධිපූජා කටයුතු මගින් පින් රැස්වේ. නමුත් අවශ්‍ය කාරනයට ගැලපෙන පරිදි කර්මය බලා බෝධි පූජාවන් සිදු කල යුතුය. එමගින් විශිෂ්ට ප්‍රථීපල ලැබේ. භාවනාව වූ කලී මෙලොව ජීවත්වන සිය`ඵ දෙනාටම අත්‍යාවශ්‍ය වූ ද අනුගමනය කල යුතුද වූ මාර්ගයකි. සිත දියුණු කරගත් පුත්ගලයෙකුට දෙවියන් හා සම්බන්ද විය හැකිය. පෙර කර්මය බැලිය හැකිය. කර්මය අහෝසි වන පරිද්දෙන් පූජා කටයුතු කල හැකිය. ලොව්තුරා බුදුදහම හැර නිවැරදි දහමක් වෙන නැත. ද්‍රෝණයක් වු ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති රුවන්වැලි මහා සෑයට සුදු මල් වට්ටියක් පූජාකර කර ඔබගේ ප්‍රාර්ථනාව කරන්න. එය සත්‍ය ලෙසම ඉටුවේ. එය ශ්‍රද්ධාවෙන් යුතුව පිලිවෙලකට කල යුතුය. එයින් උසස් ප්‍රථිපල ලැබේ. දුක් කරදරයනට මුහුණ පෑ මිනිසුන් සරණ සොයා යන්නේ දෙවියන් අභියසටයි. නමුත් දෙවියන් පිහිට වන්නේද ධර්මාණු කූලව ජීවත් වන ඇත්තන්ටයි. භාවනාවේදී මා හා සම්බන්ද වන සම්‍යයක් දෘෂ්ටික දෙවියන් පවා බුදුන් පලමු කොට සලකයි. මියගිය පසු තන්හාව ආශාව සහ බැදීම් නිසා පුද්ගලයින්ගේ ආත්මයන් ලොවින් චුත නොවී මෙහි ඇලී ගැලී ජීවත් වෙයි.
මොවුන් ප්‍රේතයන්, භූතයන්, මලයක්‍ෂයන්, ලෙසත් නිරිසතුන් ලෙසත් හඳුන්වයි. මොවුන්ට ඇත්තේ සූක්‍ෂම සිරුරුයි. ඕරා ශක්තිය පහල වැටුනු පසු මොවුන් අපගේ සිරුරු වලට ඇතුල්වී හෝ අපගේ නිවෙස්වලට අරක් ගෙන අප තුල කෝපය, වෛරය, ඇබ්බැහිවීම් ආදී සිතුවිලි ජනිත කර අපගේ ශක්තිය උරා ගෙන ඔව ුන්ගේ සිතැඟි ඉටු කර ගනිමින් ජීවත් වෙයි. සමහර නිරි සතුන් මිනිසුන්ගේ ලේ, සෙම්, සොටු අසූචී, වැනි අපද්‍රව්‍ය ද ආහාර වශයෙන් ගනී. බොහෝ විට මිනිසුන් ඇබ්බැහි වීම් වලට යොමු කරවන්නේ මෙවැනි බලවේගයි. මත්පැන් මත්දාව්‍ය වලට ඇබ්බහි වූ හා දැඩි ලිංගික ඇසුර ප්‍රිය කල මියගිය ආත්මයන් මිනිස් ශරීර තුලට රිංගා ඔවුන්ගේ පහත් ආශාවන් සන්සිදුවා ගැනීමට මිනිසා තුලින් මාන බලයි- මානසික හා ශාරීරික ශක්තිය දුර්වල වුනු අවස්ථා වලදී අපගේ ඕරා ශක්තියේ කුඩා සිදුරු :චදරඒකි* හටගනී- අප දැඩි කනස්සල්ලට, ශෝකයට, රෝගාතුර
වූ විට, දරුණු අපයෝජනයට ලක් වූ විට අපගේ සිරුරේ ශක්තිය, රශ්මි වලල්ලේ සිදුරු වලින් කාන්දුවීමට පටන් ගනී- එවිට ඉහත කී කුඩා සිදුරු ඇතිවේ- එවිට මේ නිරි සතුන්ට අපගේ සිරුරුවලට ඇතුල් වීමට අවකාශ ලැබේ-
මෙම ආත්මයන් බොහෝමයක් ඉතා ආත්මාර්ථකාමී පහත් ආත්මයන් වේ- මොවුන් ඔබේ සිරුරේ පාලනයට ඇතු`ඵවීම ඉතා භයානක තත්වයකි- ඔවුන් ඔබ බියපත් කොට ඔබව ඔවුන්ගේ පාලනයට නතුකොට ඔබගේ සිරුරට ඇලී ඔබගේ ශක්තිය උරාගෙන ජීවත් වීමට පටන් ගනී- එවිට ඔබ රෝගී වේ- ඔවුන් ඔබව පොලබවාගෙන අයහපත් දේ කරන්නට පටන් ගනී- සමහරක් තමන්ගේ ඥාතීන්ගෙන් පලිගැනීම සඳහා ද සිරුරු තුලට ඇතුල් වේ- ඔබගේ ජීවිතය අනතුරකට ලක් කිරීමටද මොවුන්ට හැකියාව පවතී- මෙවනි සමහර ආත්මයන් මිනිස් සිරුර තුලට ආවේශ වී දෙවිවරුන්ගේ නම් විකුනමින් සාස්තර කීමටද පටන් ගනී- සමහරුන් ඉතා බොරු කියනා අතර සමහරෙක් සත්‍ය තොරතුරු පවසති- අපගේ ඕරාව නැත්නම් රශ්මි වලල්ල පිරිසිදුව මෙන්ම ශක්තිමත්ව තබා ගැනීමට අප උත්සාහ ගත යුතුය- එය අපට කල හැක්කේ කනස්සල්ල, ඊර්ෂ්‍යාව, භිය, වෛරය, වැනි සිතුවිලි වලින් තොරව ආදරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය වැනි ධනාත්මක සුභවාදී සිතුවිලි අප සිත් තුල ජනිත කිරීම තුලිනි-
නිරෝගීමත් මෙන්ම සැනසිලි දායක ජීවිතයක් ගතකිරීම සඳහා ආධ්‍යාත්මික ගුණවගාවන් පිරුණු ආතතියෙන් තොර ශක්තිමත් මානසික තත්වයෙන් යුතු දිවියක් ගත කිරීමට ඔබ සිතා ගන්න- එමෙන්ම ඔබගේ ස්වාමිපුරුෂයා වැඩිපුර මත්දාව්‍ය වලට ඇබ්බහි නම්, ඔහුගේ හැසිරීම අසාමාන්‍ය නම්, බිරිඳ වූ ඔබ වඩාත් හොඳින් ඒ ගැන සැලකිලිමත් විය යුතුය-

තවත් තොරතුරු අපි ඉදිරියේදී කතා කරමු.

 

දේශබන්දු, විශ්ව කීර්ති, විශ්ව අභිමානී,
දේශ කීර්තී, ශ්‍රී ලංකා අභිමානී ජනරංජන සාසන කීර්ති ශ්‍රී දේශමාන්‍ය, හෙළවෙද අභිමානී, දේශ ගෞරවකීර්ති, වෙද්‍යෙ ශූරී…

මහගොඩගේ යෝගීතුමා
”සමාධී සෙවණ” අසපුව
070 339 1162/ 076 368 7313