ජුනි මස 15 වන බ්‍රහස්පතින්දා – අද දවස ඔබට කොහොමද?

ජ්‍යෝතිර් විද්‍යාල,ගුප්තවිද්‍යාල, වාස්තුවිද්‍යාල, හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය
‘ඉනෝකා චතුරානි හපුආරච්චි  ‘සුබනෙත’ වෙබ් අඩවිය ඔස්සේ දිනපතාම ගෙනෙන විශේෂ ලග්න පලාපල විස්තරය

 

අද ක්‍රි. ව.2023 ක්‌ වූ ජුනි මස 15 වන බ්‍රහස්පතින්දා  සූර්‍ය උදාව පෙ. ව.5:55 ට සූර්‍ය අස්තය ප. ව. 6:27 ට ශ්‍රී බු. ව. 2565 ක්‌ වූ පොසොන් මස අව දොළොස්වක තිථිය පුර්වභාග 8:32 න් අවසන් වී තෙලෙස්වක පසුදින පුර්වභාග 8:40 දක්වා පවතී.

ශකරාජ වර්ෂ 1945 ක්‌ වූ වෘෂභ රවී අංශක 29 කලා 30 විකලා 41ක්‌ වූ ගුරු දිනයයි. පසු දින පෙ. ව. 6:00 දක්වා පවතී. මෙදින රාහු කාලය 1:26 හේ සිට 2:56 දක්වා පවතී. (මෙය දිවා රාත්‍රී දෙකටම පොදුයි.)

මෙදින චන්ද්‍රයා මේෂ රාශියේ ගෝචර වන බැවින් ප.ව. 2:11 දක්වා බෙරණ නැකතද ඉන්පසු පසුදින ප.ව. 3.06 දක්වා කැති නැකත ක්‍රියාත්මක වේ.

ප. ව. 2:11 දක්වා බෙරණ, පුවපල්, පුවසල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප , දෙට, අස්ලිස,රේවතී, අස්විද, මා, මුල යන නැකත් වලට සීහුම් වේ.

ශුභ දිශාව උතුර

මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට අද දවසේ පලාඵල ගෝචර වන්නේ කෙසේද විග්‍රහ කර බලමු.

මේෂ ලග්නය

ලග්නාදිපති කුජ සහ නැකත් අදිපති සිකුරු සම ගතියෙන් යුක්ත අතර දැඩි බව නිසා තනි තීරණය ගැනීමේදී කල්පනා කාරී වන්න. පාඩුවට හේතු වේ. ලේ විස වීම් වලට ගොදුරු විය හැක. වැය පස ඉහල යයි. තරග ජයග්‍රහණය හිමි වේ. විප්ලවකාරී අදහස් ක්‍රියාත්මක වීම නිසා හොද හිත පලුදු වේ.
ජය අංකය 6
ශුභ වර්ණය රතු

වෘෂභ ලග්නය

ලග්නදිපති සිකුරු තම නැකත අදිපතිගේම නැකත ක්‍රියාත්මක වන බැවින් වෘෂභ ලග්නයෙන් උපන් ඔබ‍ට අද දවස විනෝදයෙන්, සැහැල්ලුවෙන් ගත කල හැකි. උත්සව ප්‍රිය සම්බෂණ වලට ඇරයුම් ලැබේ. විවාහ යෝජනා වලට සුබ දිනයකි. සතුටුදායක පුවත් අසන්නට ලැබේ.
ජය අංකය 8
සුබ වර්ණය සුදු

මිථුන ලග්නය

ලග්නදිපති බුධ නැකත් අදිපති සිකුරු සමග මිත්‍රව ගත කරන අද දවස ඔබ‍ට සැහැල්ලුවෙන් ජීවිතය ගත කල හැකිය. හිත්මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. පව්ලේ සමගිය හොද හිත ආරක්ෂා වේ. කෙටි ගමන් යෙදේ. ලොතරැයි වාසනාවට හිමිකම් කියයි.
ජය අංකය 4
ශුභ වර්ණය කොල

කටක ලග්නය

ලග්නදිපති චන්ද්‍රයා සිකුරුගේ නැකතක ගෝචර වන බැවින් ප්‍රියවචන වලින් අන් අය ආකර්ෂණය කර ගත හැක. උදව් උපකාර ලබාගත හැක. රුපසෝබව වෙනුවෙන් කාලය වැය වේ. බලාපොරොත්තු සපල කර ගත හැක. මුදල් ලාබ ලැබේ.
ජය අංකය 1
සුබ වර්ණය විවිධ වර්ණ

සිංහ ලග්නය

ලග්නාදිපති රවී නැකත් අදිපති සිකුරු සමග සතුරු ගත බැවින් හදිසි අනතුරු, ශෙල්‍ය කර්ම වලට භාජනය වියහැකි බැවින් ප්‍රවේසම් වෙන්න. මුදල් හා කාලය වැය විය හැක. නොසිතු ගමන් බිමන් යෙදේ. මිතුරන් සතුරු විය හැක. සතුටට බදා වේ.
ජය අංකය 9
සුබ වර්ණය රතු

කන්‍යා ලග්නය

අද දින ලග්නදිපති බුධ නැකත් අදිපති සමග මිතුරුව කටයුතු කරන අතර කලාවට, අධ්‍යාපන කටයුතු වලට, සාහිත්‍යට, ලිපි ලේකන කටයුතු කරන අයට ශුභ දායක දිනයකි. නව නිපැයුම් සහ අර්ථවත් දේ විකුණා මුදල් හම්බ කල හැක.සැමගේ හොදහිත දිනාගත හැකි දිනයකි.
ජය අංකය 6
ශුභ වර්ණය රෝස

තුලා ලග්නය

ලග්නදීපති සිකුරු බලවත්ව තමාගේ නැකතක අද දින ගෙවෙන බැවින් ප්‍රිය සම්බාෂණ ආරාධනා ලැබේ. විවාහ කටයුතු වලට ශුභ දිනයකි. විවාහ යෝජනා සපල වේ. ප්‍රේම සම්බන්දතා වලට ආරයුම් ලැබේ.දුර බැහැර නෑදෑ හිතවතුන්ගෙන් ආධාර උපකාර ලැබේ.
ජය අංකය 3
ජය වර්ණය ලා කහ

වෘශ්චික ලග්නය

ලග්නදිපති කුජ සහ නැකත් අදිපති සිකුරු සමව ගෝචර වන අද දවසේ තරග ජයග්‍රහණය අත් කර ගැනීමට හැකියාව ලැබේ. ලාබ අපේක්ෂාවෙන් කරන ආයෝජනය වලට ශුභඵල දායක වේ. අරමුණ සපල කරගත හැකිය. දරුවන් සම්බන්ද ශුභ පුවත් අසන්නට ලැබේ.
ජය අංකය 4
ශුභ වර්ණය රතු

ධනු ලග්නය

ලග්නදිපති ගුරු නැකත් අදිපති සිකුරු සමග සතුරු ගත බැවින් අද දවසේ ඔබගේ කටයුතු සපල කරගැනීමට වෙහෙස මහන්සි වි කටයුතු කල යුතුයි. ශාරීරික අබාද සදහා ව්‍යෙද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. මිල මුදල් වැය වන දිනයකි. හොදහිත පලුදු වේ.
ජය අංකය 2
ශුභ වර්ණය කහ

මකර ලග්නය

ලග්නදිපති සෙනසුරු නැකත් අදිපති සිකුරු සමග ම්තුරුව සිටින අද දිනයේ වියාපාර වලින් අපේක්ෂිත ලාබ ලබාගැනීම හැකියාව ලැබේ. හිතමිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. ශරීර සුවය සම්බදයෙන් ගැටළු මතුවේ. නිසි ප්‍රතිකාර වලට යොමුවිය යුතු දිනයකි.

ජය අංකය 5
සුභ වර්ණය නිල්

කුම්බ ලග්නය

ලග්නදිපතියා ලග්නයේ ගෝචර වන බැවින් ද නැකත් අදිපති මිත්‍රව සිටින අද දිනයේ මද්‍ය සුබ ඵල උදාකරයි. ව්‍යාපාර සාර්ථක කරයි. දුර බැහැර ගමන් බිමන් යෙදේ. රැකියාවේ වෙනසක් ඇතිකරයි. අත මිට මිලමුදල් ගැවසෙන දිනයකි. ස්නායු ආභාද ඇතිවේ.

ජය අංකය 7
ශුභ වර්ණය නිල්

මීන ලග්නය

ලග්නදිපති ගුරු නැකත් අදිපති සිකුරු සමග සතුරුවන අද දිනයේ බුද්බිමත්ව කටයුතු කල යුතු දිනයකි. වෙහෙස මහන්සි වී කටයුතු කල යුතුයි. මහන්සියෙ තරමට ප්‍රතිපල නොලැබෙන දිනයකි. කම්මැලි කම් නිසා පාඩු සිදු වේ.කා සමගත් සුහදව කටයුතු කල යුතු දිනයකි.

ජය අංකය 1
ශුභ වර්ණය කහ

 

Astrolankasri ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ පාසලේ විදුහල්පති
ජ්‍යෝතිර් විද්‍යා, ගුප්තවිද්‍යා,වාස්තුවිද්‍යා,හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය

ඉනෝකා චතුරානි හපුආරච්චි

T. P. 072 850 88 24 / 034 433 02 00
W/A 078 391 46 77 / 077 106 68 10