ජුනි මස 16 වන සිකුරාදා – අද දවස ඔබට කොහොමද?

අද ක්‍රි. ව.2023 ක්‌ වූ ජුනි මස 16 වන සිකුරාදා සූර්‍ය උදාව පෙ. ව.5:55 ට සූර්‍ය අස්තය ප. ව. 6:27 ට ශ්‍රී බු. ව. 2565 ක්‌ වූ පොසොන් මස අව තිථිය තෙලෙස්වක පුර්ව භාග 8:40 න් අවසන් වී තුදුස්වක තිථිය පසුදින පුර්වභාග 9:11 දක්වා පවතී.

සුකර්ම යෝගය පු. භා. 2:30 ට අවසන් වී ධ්‍රුති යෝගය පසු දින පු. භා. 1:22 දක්වා පවතී.

මෙදින වාණිජ කරණය පු. භා. 8:40 දක්වාත්, විෂ්ටි කරණය අ. භා. 8:53 දක්වා පවතී.ඉන් පසු ශකුණ කරණය ක්‍රියාත්මක වේ.

කෘෂි කාර්මික කටයුතු සදහාත් මල් වර්ග, බෝග වගාව, සහ පලතුරු වර්ග වගාව, වෙලහෙලද කටයුතු සදහා වඩාත් ශුභ දිනයකි.

ශකරාජ වර්ෂ 1945 ක්‌ වූ මිථුන රවී අංශක 00 කලා 28 විකලා 01 ක්‌ වූ කිවි දිනයයි. පෙ. ව. 6:00 න් ආරම්භ වේ.

මෙදින රාහු කාලය 10:26 හේ සිට 11:56 දක්වා පවතී. (මෙය දිවා රාත්‍රී දෙකටම පොදුයි.)

මෙදින චන්ද්‍රයා වෘෂභ රාශියේ ගෝචර වන බැවින් ප.ව. 3:06 දක්වා කැති නැකතද ඉන්පසු පසුදින ප.ව. 4.24 දක්වා රෙහෙන නැකත ක්‍රියාත්මක වේ.

ප. ව. 3:06 දක්වා කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙන, හත, සුවණ, අද, සා, සියවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල, බෙරණ, පුවපල්, උත්‍රපල් යන නැකත් වලට සීහුම් වේ.

ශුභ දිශාව දකුණු

මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට අද දවසේ පලාඵල ගෝචර වන්නේ කෙසේද විග්‍රහ කර බලමු.

මේෂ ලග්නය

ලග්නාදිපති කුජ සහ නැකත් අදිපති රවී මිතුරු ගතියෙන් යුක්ත අතර තම කටයුතු ප්‍රයෝගික කර ගත හැක. මුල්‍ය වත්කම් වලින් ලාබ උපයා ගත හැක. මිතුරන් ගෙන් උදව් උපකාර ලැබේ. කෙටි ගමන් බිමන් යෙදේ. ලේ සහිත දෝස ඇතිවේ.
ජය අංකය 4
ශුභ වර්ණය රතු

වෘෂභ ලග්නය

ලග්නදිපති සිකුරු තම සතුරු ගත රවී ගෙ නැකත අද දින තුල ක්‍රියාත්මක බැවින් මුදල් පාඩු සහ මුදල් වැඩිපුර වියදම් වන දිනයකි. ශරීර සුවය සදහා එතරම් සුබ නැත. නොකළ වැරදි වලට හසු වේ. පවුලේ අසමගිය ඇතිවීමට හේතු ඇති නිසා කල්පනා වෙන් කටයුතු කල යුතු දිනයකි.
ජය අංකය 6
සුබ වර්ණය සුදු

මිථුන ලග්නය

ලග්නදිපති බුධ නැකත් අදිපති රවී සමග මිතුරුව කටයුතු කරන අද දවසේ බොහෝ ආධාර උපකාර ලැබේ. තරග ජයග්‍රහණය අත් කර ගත හැක. විබහග කටයුතු වලින් සතුටට පත් විය හැක. පවුලේ සමගිය ආතිකර ගත හැක. සතුටු සාමිචි සදහා ආරාධනා ලැබේ.
ජය අංකය 5
ශුභ වර්ණය කොල

කටක ලග්නය

ලග්නදිපති චන්ද්‍රයා රවිගේ නැකතක ගෝචර වන අද දවසේ ඔබගේ මගහැරුණු කටයුතු වලට අත තැබීමේ හැකියාව ලැබේ. ගමන් බිමන් ප්‍රවේසමෙන්, ගණුදෙනු වලදී සැලකිලි මත් වන්න. විදේශ ගමන් සහ දුර බැහැර ගමන් වලින් වාසි සැලසේ. දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු වලට සුබයි.
ජය අංකය 1
සුබ වර්ණය විවිධ වර්ණ

සිංහ ලග්නය

ලග්නාදිපති රවී නැකත් අදිපති රවිගේම වීම නිසා සිංහ ලග්නයෙන් උපන් ඔබ‍ට අද දින තුල ආර්ථිකය වාසි සහගත ලෙස පරිහරණය කල හැක. දේශපාලන කටයුතු සදහා සුබ වේ. කාගේත් සිත් දිනාගනී. ව්‍යාපාර වලට ශුභ කාලයකි. මුල්‍යමය කටයුතු දියුණුව ශුභ දිනකි.
ජය අංකය 3
සුබ වර්ණය රතු

කන්‍යා ලග්නය

අද දින ලග්නදිපති බුධ නැකත් අදිපති රවි සමග මිත්‍රව සිටින නිසා බුද්දිමත් ව කටයුතු කල හැක. ජයග්‍රහණය ලබයි. හොද හිතවතුන් ඇසුරට ලැබේ. ප්‍රයෝජන ද ලැබේ. ලිපි ලේකන, සහ කළා කටයුතු වලින් මිල මුදල් ඉපැයීමට හැක. ප්‍රේම සම්බන්දතා තහවුරැ වේ.
ජය අංකය 2
ශුභ වර්ණය රෝස

තුලා ලග්නය

ලග්නදීපති සිකුරු සහ සතුරු ගත රවීගෙ නැකත හේතුවෙන් අද දින ඔබ‍ට විවාහ කාරකාදීන්ගෙන් පීඩා ඇතිවිය හැක. කට පරිස්සම් කරගතයුතු දිනයකි. අන් අය සමග ගැටුම් අතිවීමට ඉඩ තිබේ. මානසික ආතතිය නිසා සිත වියාකුල වේ. හදිසි අනතුරු ඈත.

ජය අංකය 8
ජය වර්ණය ලා කහ

වෘච්චික ලග්නය

ලග්නදිපති කුජ සහ නැකත් අදිපති රවී මිත්‍රව සිටින නිසා ව්‍යාපාර සාර්ථක කර ගත හැක. විවාහ යෝජනා සපල වේ. විවාහ දිවිය තුල පවතින අඩ දබර මග හැරී යයි. ලාබ උපේක්ෂා වෙන් කරන ගණුදෙනු ලාබ සහගත වේ. භූමි ලාබ ලැබෙන දිනයකි.
ජය අංකය 9
ශුභ වර්ණය රතු

ධනු ලග්නය

ලග්නදිපති ගුරු නැකත් අදිපති රවී සමග මිත්‍රව සිටින බැවින් වැඩිහියන්ගෙන් ආශීර්වාදය ලබයි. ලොකු පොඩි කා සමගත් සුහදව කටයුතු කිරීමට හැකියාව ඈත. පිනට දහමට ලැදිව කටයුතු කල හැකියව ලැබේ. කෘෂිකාර්මික කටයුතු වලින් හොද ලාබ ලැබේ.
ජය අංකය 6
ශුභ වර්ණය කහ

මකර ලග්නය

ලග්නදිපති සෙනසුරු නැකත අදිපති රවී සමග සතුරු ගත බැවින් ජීවිතයේ බැරෑරුම් අවදිය පසු කරමින් ගතවේ. ශරීර නිරෝගීතාවය පිලිබඳ ගැටළු ඇතිවේ. අගහිග කම් වලට කරුණු යෙදේ. ස්ථාවර ධනය ප්‍රවේසමෙන්.

ජය අංකය 5
සුභ වර්ණය නිල්

කුම්බ ලග්නය

ලග්නදිපතියා ලග්නයේ ගෝචර වන බැවින් ද නැකත අදිපති සතුරු ගත බැවින් ද ව්‍යාපාර කටයුතු වලින් අපේක්‍ෂිත ලාබ බලාපොරොත්තු විය නොහැකි. සිතේ සතුට මග හැරී යයි. සහෝදරයන් අතර ගැටළු මතු වේ. දෙපළ ප්‍රශ්න වලට නීති සහය පැතීමට සිදුවේ.

ජය අංකය 4
ශුභ වර්ණය නිල්

මීන ලග්නය

ලග්නදිපති ගුරු නැකත අදිපති රවී සමග මිතුරු බැවින් අනාගතය වෙනුවෙන් කරන ආයෝජන වලින් ලාබ ලැබේ. බුද්දිමත් ව කටයුතු කිරීම තුලින් ඔබගේ මුදල් හොදින් වර්දනය කර ගැනීමට හැකියාව ඇත. දියුණු වීමට සිතන ඔබ‍ට මෙම දිනය ඉතා වැදගත් තීරණාත්මක දිනයකි.

ජය අංකය 7
ශුබ වර්ණය කහ

 

Astrolankasri ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ පාසලේ විදුහල්පති
ජ්‍යෝතිර් විද්‍යා, ගුප්තවිද්‍යා,වාස්තුවිද්‍යා,හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය

ඉනෝකා චතුරානි හපුආරච්චි

T. P. 072 850 88 24 / 034 433 02 00
W/A 078 391 46 77 / 077 106 68 10