මෝදි 20 වනදා අමෙරිකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු හා ඊජිප්තු සංචාරයක් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි දැක්වෙන්නේ ලබන 20 වනදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණෙන බවය.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සංචාරය සිදුකරන අතර ඊට සමගාමීව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනට් සභාවේ සාමාජිකයින් එකවර ඇමතීමට ද නියමිතය.