ජුනි මස 21 වන බදදා – අද දවස ඔබට කොහොමද?

ජ්‍යෝතිර් විද්‍යාල,ගුප්තවිද්‍යාල, වාස්තුවිද්‍යාල, හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය
‘ඉනෝකා චතුරානි හපුආරච්චි  ‘සුබනෙත’ වෙබ් අඩවිය ඔස්සේ දිනපතාම ගෙනෙන විශේෂ ලග්න පලාපල විස්තරය

ද ක්‍රි. ව.2023 ක්‌ වූ ජුනි මස 21 වන බදදා,  සූර්‍ය උදාව පෙ. ව.5:57 ට සූර්‍ය අස්තය ප. ව. 6:28ට ශ්‍රී බු. ව. 2565 ක්‌ වූ ඇසල පුර තියවක තිථිය අ. භා. 3:09 ට අවසන් වන අතර පසු දින අ. භා.5:28 දක්වා පුර ජලවක තිථියයි.

ධ්‍රුව යෝගය පු. භා.1:46 පසු අවසන් වී ඉන්පසු ව්‍යගාත යෝගය පසුදා පු. භා. 2:33 දක්වා පවතී. තෙයිතිල කරණය පු. භා.2:06 දක්වා ද ගරජ කරණය අ. භා.3:09 දක්වා ද, ඉන්පසු වාණිජ කරණය ද ක්‍රියාත්මක වේ.

ශාස්ත්‍රීය කටයුතු, තරඟ විබහග කටයුතු, කලා, නර්තන, කාව්‍ය, ගද්‍ය, පද්‍ය, රචනා, කෙටි කථා, නව කථා, පොත්පත් ලියවීම ආරම්භ කිරීමට නව රැකියා බාර ගැනීමට වඩාත්ම ශුභයි.

ශකරාජ වර්ෂ 1945 ක්‌ වූ මිථුන රවී අංශක 05කලා 14 විකලා 32 ක්‌ වූ බුධ දිනයයි. පෙ. ව. 6:00 න් ආරම්භ වේ. මෙදින රාහු කාලය 11:57 හේ සිට 1:27 දක්වා පවතී. (මෙය දිවා රාත්‍රී දෙකටම පොදුයි.)

මෙදින චන්ද්‍රයා කටක රාශියේ ගෝචර වන බැවින් පුෂ නැකත පසුදින පෙ.ව. 1:20 දක්වා ක්‍රියාත්මක වේ.

පසුදින පෙ . ව. 1:20 දක්වා අද, සා, සියාවස,පුනාවස, විසා, පුවපුටුප,පුෂ, අනුර, උත්‍රපුටුප, අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ යන නැකත් වලට සීහුම් වේ.

ශුභ දිශාව උතුර මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට අද දවසේ පලාඵල ගෝචර වන්නේ කෙසේද විග්‍රහ කර බලමු.

 

මේෂ ලග්නය

ලග්නාදිපති කුජ සහ නැකත් අදිපති ශනිගේ නැකතක සම ගත වීම නිසා තරගකාරී කටයුතු, මුල්‍ය වත්කම් වලින් ලාබ උපයා ගත හැක. අධද්යාත්මික ග්‍රන්ථ රචනා කිරීම, පරිශීලනය කිරීමට ශුභ දිනයකි. නව රැකියා බාර ගැනීම සදහා අත්සන් තැබීමට ශුභ දිනයකි.
ජය අංකය 9
ශුභ වර්ණය රතු

වෘෂභ ලග්නය

ලග්නදිපති සිකුරු සහ නැකත අදිපති ශනි මිතුරු බැවින් යහපත් අය ඇසුරට ලැබේ. වත්කම් හිමිකම් ලැබේ. මුදල් ඉතිරි කිරීමට ශුභ දිනයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තරඟ ජයග්‍රහණයකා අතරත් හොද හිත වර්දනය වේ.ඇතිවේ.

ජය අංකය 2
සුබ වර්ණය රෝස

මිථුන ලග්නය

ලග්නදිපති බුධ නැකත් අදිපති ශනි සම බැවින් යුත්ත නිසා තරග ජයග්‍රහණය අත් කර ගත හැක. විබහග කටයුතු වලින් සතුටට පත් විය හැක. නොසිතු වාසනාව ලගා කරවන දිනයකි. කා සමගත් හොදහිත වර්දනය කර ගත හැක.භූමි ලාබ සහ කෘෂිකාර්මික කටයුතු වලන් ලාබ ලැබේ.

ජය අංකය 1
ශුභ වර්ණය කොල

කටක ලග්නය

ලග්නදිපති චන්ද්‍රයා ශනිගේ නැකතක ගෝචර වන අද දවසේ වැටීම්, තැලීම්, තුවාල වීම් සිදුවිය හැකි නිසා ප්‍රවේසමෙන්, හදිස්සි අනතුරු වලට ගොදුරු විය හැක. ජලයෙන්, ගින්නෙන්, විදුලියෙන් අනතුරු ඇති වන දිනයකි. විෂබීජ ආසාදන වලට ලක්වීමට හේතු ඇති නිසා ප්‍රවේසමෙන් කටයුතු කරන්න.

ජය අංකය 6
සුබ වර්ණය විවිධ වර්ණ

 

සිංහ ලග්නය

ලග්නාදිපති රවී නැකත් අදිපති ශනි සමග සතුරු ගත බැවින් සිංහ ලග්නයෙන් උපන් ඔබ‍ට අද දින තුල ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතු වලදී තරමක් පාඩු සිදුවේ. වෙළඳ ව්‍යාපාර වල තරමක් පාඩු සිදුවිය හැක. ගනු දෙනු වලදී කල්පනාවෙන් කටයුතු කල යුතුයි.

ජය අංකය 4
සුබ වර්ණය රතු

කන්‍යා ලග්නය

අද දින ලග්නදිපති බුධ නැකත් අදිපති ශනි සමග සමව සිටින නිසා බුද්දිමත් ව කටයුතු කල යුතු දිනයකි. ලිපි ලේකන, සහ කළා කටයුතු වලින් මිල මුදල් ඉපැයීමට හැක. තාක්ෂනය උපයෝගී කරගෙන මුදල් උපයාගත හැක.ලේකන කලාවෙන් මුදල් ඉපැයීමට හැකියාව ඇත.

ජය අංකය 8
ශුභ වර්ණය කොළ

තුලා ලග්නය

ලග්නදීපති සිකුරු සහ මිතුරු ගත ශනි විවාහ සම්බන්දතා සාර්ථක කරවයි. බිදුණු සිත් නැවත එක්‌ වේ. මානසික ව්‍යකුලතාවය සමනය කරවයි. ගණුදෙනු වලදී ප්‍රවේසම් වන්න. ආර්ථික වාසි සැලසෙන මුල්‍යමය කටයුතු සාර්ථක වේ.

ජය අංකය 4
ජය වර්ණය ලා කහ

වෘශ්චික ලග්නය

ලග්නදිපති කුජ සහ නැකත් අදිපති ශනි සම ගත බැවින් සතුටුදායක කටයුතු වලට හිත් යෙදේ. මුදල් ආයෝජනයෙන් ලාබ අපේක්ෂා කල හැක. බිදුණු සිත් නැවත එක්වේ. දුර බැහැර යාමට සහ දුර බැහැර අය මුණ ගැසීමට හැකිවේ. සතුටු සමිච්යේ යෙදීමට හැකිවේ.

ජය අංකය 7
ශුභ වර්ණය රතු

ධනු ලග්න

ලග්නදිපති ගුරු නැකත් අදිපති ශනි සමග සමව සිටින බැවින් වැඩිහියන්ගෙන් ආශීර්වාදය ලබයි. ලොකු පොඩි කා සමගත් සුහදව කටයුතු කිරීමට හැකියාව ඈත. ස්ථාවර තැන්පත් ගොඩනගා ගත හැක. මුල්‍යමය වාසි සැලසේ. මෙතෙක් අතපසු වූ කටයුත්තක්‌ සදහා වෙහෙස වීමට සිදුවේ.

ජය අංකය 1
ශුභ වර්ණය කහ

මකර ලග්නය

ලග්නදිපති සෙනසුරු නැකත අදිපති ශනි වන බැවින් ජීවිතයේ බැරෑරුම් අවදිය පසු කරමින් ගතවේ. ශරීර නිරෝගීතාවය පිලිබඳ ගැටළු ඇති නොවේ. අගහිග කම් වලට කරුණු යෙදේ. අද්ධ්‍යත්මික කටයුතු වලට සිත් පහළ වේ. බුද්දිමත්ව කටයුතු කිරීමෙන් ගැටළු නිරාකරණය කර ගත හැක.

ජය අංකය 3
සුභ වර්ණය නිල්

කුම්බ ලග්නය

ලග්නදිපතියා සහ නැකත් අදිපති ශනි එකට ක්‍රියාකිරීම නිසා නොසිතු වසනා සම්පත් හිමිවේ. බලාපොරොත්තු වූ ණය මුදලක් හිමිවන දිනයකි. ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතු සපල වේ. දුරබැහැර ගමන්බිමන් යෙදේ. රැකියාවේ උසස් වීම් වලට ශුභ දිනයකි.

ජය අංකය 5
ශුභ වර්ණය නිල්

මීන ලග්නය

ලග්නදිපති ගුරු නැකත අදිපති ශනිගේ නැකතක ගෝචර වන බැවින් අනාගතය වෙනුවෙන් කරන ආයෝජන වලින් ලාබ ලැබේ. බුද්දිමත් ව කටයුතු කිරීම තුලින් ඔබගේ මුදල් හොදින් වර්දනය කර ගැනීමට හැකියාව ඇත. මුදල් යොදවා කරන ආයෝජනය වලින් ලාබ සම්පුර්ණයෙන්ම හිමි වේ.

ජය අංකය 9
ශුබ වර්ණය කහ

 

Astrolankasri ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ පාසලේ විදුහල්පති
ජ්‍යෝතිර් විද්‍යා, ගුප්තවිද්‍යා,වාස්තුවිද්‍යා,හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය

ඉනෝකා චතුරානි හපුආරච්චි

T. P. 072 850 88 24 / 034 433 02 00
W/A 078 391 46 77 / 077 106 68 10