ජුනි මස 21 වන බ්‍රහස්පතින්දා – අද දවස ඔබට කොහොමද?

ජ්‍යෝතිර් විද්‍යාල,ගුප්තවිද්‍යාල, වාස්තුවිද්‍යාල, හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය
‘ඉනෝකා චතුරානි හපුආරච්චි  ‘සුබනෙත’ වෙබ් අඩවිය ඔස්සේ දිනපතාම ගෙනෙන විශේෂ ලග්න පලාපල විස්තරය

 

අද ක්‍රි. ව.2023 ක්‌ වූ ජුනි මස 22 වන බ්‍රහස්පතින්දා, සූර්‍ය උදාව පෙ. ව.5:57 ට සූර්‍ය අස්තය ප. ව. 6:28ට ශ්‍රී බු. ව. 2565 ක්‌ වූ ඇසල පුර ජලවක තිථිය අ. භා.5:28 දක්වා පවතින අතර ඉන්පසු පුර විසේනිය තිථියයි.
ව්‍යගාත යෝගය පු. භා. 2:33 දක්වා ද ඉන්පසු හර්ෂණ යෝගය පසු දින පු. භා. 3:30 දක්වා පවතී. වාණිජ කරණය පු. භා.,4:17 දක්වා ද විශ්ඨී කරණය අ. භා. 5:28 දක්වා ද ඉන්පසු බව කරණය ද ක්‍රියාත්මක වේ.

මංගල කරුණු, විවාහ කටයුතු, විදේශ ගත වීම්, මුල්‍යමය ආයෝජන, දුරබැහැර ගමන් බිමන්, රැකියා පත්වීම්, සහ ආනයන අපනයන කටයුතු සදහා ශුභයි.

ශකරාජ වර්ෂ 1945 ක්‌ වූ මිථුන රවී අංශක 6කලා 11 විකලා 49 ක්‌ වූ ගුරු දිනයයි. පෙ. ව. 6:00 න් ආරම්භ වේ. මෙදින රාහු කාලය 1:27 හේ සිට 2:57 දක්වා පවතී. (මෙය දිවා රාත්‍රී දෙකටම පොදුයි.)

මෙදින චන්ද්‍රයා කටක රාශියේ ගෝචර වන බැවින් අස්ලිස නැකත පසුදින පෙ.ව. 4:17 දක්වා ක්‍රියාත්මක වේ. පසුදින පෙ . ව. 4:17 දක්වා අස්ලිස, දෙට, රේවතී, අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකත් වලට සීහුම් වේ.

ශුභ දිශාව උතුර, මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට අද දවසේ පලාඵල ගෝචර වන්නේ කෙසේද විග්‍රහ කර බලමු.

මේෂ ලග්නය

ලග්නාදිපති කුජ සහ නැකත් අදිපති බුධගේ නැකතක සමග සතුරු ගත වීම නිසා ප්‍රවේසමෙන් කටයුතු කල යුතු දිනයකි. සතුරු කරදර ඇතිවිය හැක. නමට කැළැල් ඇතිවිය හැක. ව්‍යාපාර කටයුතු වලට බදා පැවති. මුදල් වංචා වලට හසුවිය හැක. ගෙදර දොර කටයුතු අතපසු වේ. මානසික නිදහස අඩුවේ.

ජය අංකය 9
ශුභ වර්ණය රතු

වෘෂභ ලග්නය

ලග්නදිපති සිකුරු සහ නැකත අදිපති බුධ මිතුරු බැවින් යහපත් අය ඇසුරට ලැබේ. වත්කම් හිමිකම් ලැබේ. මුදල් ඉතිරි කිරීමට ශුභ දිනයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තරඟ ජයග්‍රහණයකා අතරත් හොද හිත වර්දනය වේ.ඇතිවේ.

ජය අංකය 2
සුබ වර්ණය රෝස

මිථුන ලග්නය

ලග්නදිපති බුධ නැකත් නැකත් අදිපතියාම වීම නිසා අද දවස තරග ජයග්‍රහණය අත් කර ගත හැක. විබහග කටයුතු වලින් සතුටට පත් විය හැක. නොසිතු වාසනාව ලගා කරවන දිනයකි. කා සමගත් හොදහිත වර්දනය කර ගත හැක. කෘෂිකාර්මික කටයුතු වලන් ලාබ ලැබේ.

ජය අංකය 1
ශුභ වර්ණය කොල

කටක ලග්නය

ලග්නදිපති චන්ද්‍රයා බුධගේ නැකතක ගෝචර වන අද දවසේ වැටීම්, තැලීම්, තුවාල වීම් සිදුවිය හැක.ජලයෙන්, ගින්නෙන්, විදුලියෙන් අනතුරු ඇති වන දිනයකි. නොසිතු වියදම් දැරීමට සිදුවන දිනයකි. බුද්දීමත්ව මුල්‍ය ආයෝජන තුලින් ලාබ උපයාගත හැක. දෙමාපියන් දුදරුවන් අතර ගැටුම් ඇති වේ.

ජය අංකය 6
සුබ වර්ණය විවිධ වර්ණ

සිංහ ලග්නය

ලග්නාදිපති රවී නැකත් අදිපති බුධ සමග සම ගත බැවින් සිංහ ලග්නයෙන් උපන් ඔබ‍ට අද දින තුල කල්පනා කරිව කටයුතු කලයුතු දිනයකි. බැරෑරුම් තීන්දු තීරණ ගනිද්දී ප්‍රවේසමෙන් කටයුතු කලයුතු දිනයකි, හදිස්සි හර්දයබද වලට ඉඩ ඇති දිනයකි.

ජය අංකය 4
සුබ වර්ණය රතු

කන්‍යා ලග්නය

අද දින ලග්නදිපති සහ නැකත් අදිපති බුධ වීම නිසා සිටින බුද්දිමත් ව කටයුතු කල හැකි දිනයකි. නව රැකියා බාර ගැනීම සහ ඉල්ලුම් කිරීමට ශුභ දිනයකි. විවාහ කටයුතු සාර්ථක වේ. අලුත් හිතවතුන්,නෑදෑයන් මුණගැසේ. ආර්ථික කටයුතු අනාගතේ වෙනුවෙන් කරන මුල්‍ය ආයෝජනය වාසිසහගත වේ.

ජය අංකය 8
ශුභ වර්ණය කොළ

තුලා ලග්නය

ලග්නදීපති සිකුරු සහ මිතුරු ගත බුධගේ නැකත විවාහ සම්බන්දතා සාර්ථක කරවයි. බිදුණු සිත් නැවත එක්‌ වේ. මානසික ව්‍යකුලතාවය සමනය කරවයි. ගණුදෙනු වලදී ප්‍රවේසම් වන්න. ආර්ථික වාසි සැලසෙන මුල්‍යමය කටයුතු සාර්ථක වේ. ගේදොර කටයුතු වෙනස් කිරීමට සිදුවේ.

ජය අංකය 4
ජය වර්ණය ලා කහ

වෘශ්චික ලග්නය

ලග්නදිපති කුජ සහ නැකත් අදිපති බුධ සතුරු ගත බැවින් දුර බැහැර ගමන් නිසා පාඩු සිදුවේ. අබුසැමි ආරවුල් ඇතිවේ. විදේශ ගමන් වලට ශුභ දිනයකි. මිතුරන් අතර හොද හිත පලුදු විය හැක. රැකියා කටයුතු සාර්ථක කර ගත හැක. උසස් වීම් සහ තරඟ කටයුතු වලට ශුභයි.

ජය අංකය 7
ශුභ වර්ණය රතු

ධනු ලග්න

ලග්නදිපති ගුරු නැකත් අදිපති බුධ සමග සතුරුව සිටින බැවින් මෙතෙක් අතපසු වූ කටයුත්තක්‌ සදහා වෙහෙස වීමට සිදුවේ. නීතිමය ගැටළුවක් නිසා පිඩනයට පත්වේ. නොකළ වැරදි වලට දඩුවම් විදීමට සිදු වේ. හොදනමට කැළැල් ඇති වේ. දැඩි වෙහෙස කාරී දිනයකි.

ජය අංකය 1
ශුභ වර්ණය කහ

මකර ලග්නය

ලග්නදිපති සෙනසුරු නැකත අදිපති බුධ සමග මිතුරු ගත බැවින් ශරීර නිරෝගීතාවය පිලිබඳ ගැටළු ඇති වේ. අදික රුදිර පීඩනය, දියවැඩියාව, මානසික ආතතිය නිසා පීඩනයට පත්වේ. මුදල් වැයවන දිනයකි. අසල්වැසියන් සමග ගැටුම් ඇතිකර ගනී.

ජය අංකය 3
සුභ වර්ණය නිල්

කුම්බ ලග්නය

ලග්නදිපතියා ශනි නැකත් අදිපති බුධ සමග මිතුරු ගත බැවින් ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතු සපල වේ. දුරබැහැර ගමන්බිමන් යෙදේ. රැකියාවේ උසස් වීම් වලට ශුභ දිනයකි. මුල්‍යමය ලාබ ලැබේ. ආයෝජනය සදහා වටිනාකමක් සහිත ලාබ ලැබීමේ හැකියාව පැවති.

ජය අංකය 5
ශුභ වර්ණය නිල්

මීන ලග්නය

ලග්නදිපති ගුරු නැකත අදිපති බුධ සමග සම ගතව ගෝචර වන බැවින් අනාගතය වෙනුවෙන් කරන ආයෝජන වලින් ලාබ ලැබේ. ගේ දොර කටයුතු සාර්ථක කෙරේ. දරුවන්ගේ කටයුතු වලට දැඩි වෙහෙස කර දිනයකි. මුදල් ලාබ ලැබේ. පව්ලේ අයගේ කටයුතු සොයා බලා සිදුකල යුතු වේ.

ජය අංකය 9
ශුබ වර්ණය කහ

 

Astrolankasri ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ පාසලේ විදුහල්පති
ජ්‍යෝතිර් විද්‍යා, ගුප්තවිද්‍යා,වාස්තුවිද්‍යා,හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය

ඉනෝකා චතුරානි හපුආරච්චි

T. P. 072 850 88 24 / 034 433 02 00
W/A 078 391 46 77 / 077 106 68 10