ජුනි මස 26 වන සදුදා – අද දවස ඔබට කොහොමද?

ජ්‍යෝතිර් විද්‍යාල,ගුප්තවිද්‍යාල, වාස්තුවිද්‍යාල, හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය
‘ඉනෝකා චතුරානි හපුආරච්චි  ‘සුබනෙත’ වෙබ් අඩවිය ඔස්සේ දිනපතාම ගෙනෙන විශේෂ ලග්න පලාපල විස්තරය

 

අද ක්‍රි. ව.2023 ක්‌ වූ ජුනි මස 26 වන සදුදා, සූර්‍ය උදාව පෙ. ව.5:58 ට සූර්‍ය අස්තය ප. ව. 6:29ට ශ්‍රී බු. ව. 2565 ක්‌ වූ ඇසල පුර අටවක පසුදින පු. භා.00:25 දක්වා පවති. අටවක පොහෝ දින සිල් අදදින වේ.

ව්‍යගාත යෝගය පු. භා.6:05 වන තෙක් ද ඉන්පසු වාරියන් යෝගය පසුදින පු. භා.6:22 දක්වා පවති.
වණිජ කරණය පු. භා.00:25 දක්වා ද ඉන්පසු විශ්ටි කරණය අ. භා.1:19 දක්වා ද ඉන්පසු පසුදින දක්වා බව කරණය ක්‍රියාත්මක වේ.

ආද්යාත්මික සුවය සදහා ද, ගේදොර කටයුතු සදහාද, රෝග විනිශ්චය සදහා මෙන්ම, ප්‍රතිකාර වෙත යොමු වීම සදහා සුබ වේ. ශකරාජ වර්ෂ 1945 ක්‌ වූ මිථුන රවී අංශක 10කලා 00 විකලා 48ක්‌ වූ සඳු දිනයයි. පෙ. ව. 6:00 න් ආරම්භ වේ.

මෙදින රාහු කාලය 7:28 හේ සිට 8:58 දක්වා පවතී. (මෙය දිවා රාත්‍රී දෙකටම පොදුයි.) මෙදින චන්ද්‍රයා සිංහ කන්‍යා රාශියේ ගෝචර වන බැවින් රවිට හිමි උත්‍රපල් නැකත ප. ව.12:43 දක්වා ද ඉන්පසු සඳුට හිමි හත නැකත පසුදින ප.ව. 2:43 දක්වා ක්‍රියාත්මක වේ.

පසුදින ප. ව.12:43 දක්වා රෙහෙණ, හත, සුවණ,අස්ලිස, දෙට, රේවතී, පුනාවස, විසා, පුවපුටුප,බෙරණ, පුවපල්, පුවසල,කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, යන නැකත් වලට සීහුම් වේ.

ශුභ දිශාව නැගෙනහිර

මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට අද දවසේ පලාඵල ගෝචර වන්නේ කෙසේද විග්‍රහ කර බලමු.

මේෂ ලග්නය

ලග්නාදිපති කුජ සහ නැකත් අදිපති රවි සමඟ මිත්‍ර ගත වීම නිසා ව්‍යාපාර කටයුතු වලට පැවති බදා මගහැරේ. ස්ථිර මුල්‍යමය ආයෝජන නිසා වාසි සැලසේ. අනාගත සැලසුම් වෙනුවෙන් කාලය විඩංගු වියහැක. මුදල් ලාබ සහ දෙපළ ලබහිමිවේ. විවාහ යෝජනා වලට වඩාත් ශුභදායක වේ.

ජය අංකය 6
ශුභ වර්ණය රතු

වෘෂභ ලග්නය

ලග්නදිපති සිකුරු සහ නැකත අදිපති රවි සතුරු ගත වීම තමන්ගේ අඩුපාඩු නිසා සාර්ථක ගමනක් යාමට නොහැකි වේ. සතුරු කරදර ඇතිවේ. ලප කැළැල් තුවාල ඇතිවිය හැක. නොරිස්සුම් ගති නිසා කාගේත් අප්‍රසාදයට ලක්වේ. ප්‍රවේසමෙන් කටයුතු කලයුතු දිනයකි.

ජය අංකය 4
සුබ වර්ණය රෝස

මිථුන ලග්නය

ලග්නදිපති බුධ නැකත් අදිපති රවි සමඟ මිතුරු ගත නිසා අද දවස තරග ජයග්‍රහණය අත් කර ගත හැක. විබහග කටයුතු වලින් සතුටට පත් විය හැක. නොසිතු වාසනාව ලගා කරවන දිනයකි. වැඩිහියන්ගෙන් ආශීර්වාදය ලැබේ. මෙතෙක් හිමි කම් නොකියූ දේපල වලට අයිතිය ලැබේ.

ජය අංකය 9
ශුභ වර්ණය කොල

කටක ලග්නය

ලග්නදිපති චන්ද්‍රයා රවිගේ නැකතක ගෝචර වන අද දවසේ නොසිතු වියදම් දැරීමට සිදුවන දිනයකි. බුද්දීමත්ව මුල්‍ය ආයෝජන තුලින් ලාබ උපයාගත හැක. දරු පල ලාබ ලැබේ. විවාහ යෝජනා වලට ස්ථිර විසදුම් ලැබේ. අබුසැමි ආරවුල් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

ජය අංකය 1
සුබ වර්ණය විවිධ වර්ණ

 

සිංහ ලග්නය

ලග්නාදිපති රවී සහ නැකත් අදිපති රවිම වීමනිසා සිංහ ලග්නයෙන් උපන් ඔබ‍ට අද දින තුල කල්පනා කරිව කටයුතු කලයුතු දිනයකි. නමටතද කැල්ලක් ඇතිවිය හැක. හිසේ කැක්කුම,තද උණ වේදනාව ඇතිවේ. කායික හා මානසික සුවයට බදා ඇති කරයි.

ජය අංකය 7
සුබ වර්ණය රතු

කන්‍යා ලග්නය

අද දින ලග්නදිපති බුධ සහ නැකත් අදිපති රවි මිතුරු ගතව සිටින නිසා සිටින නව රැකියා ඉල්ලුම් කිරීමට ශුභ දිනයකි. අලුත් හිතවතුන්,නෑදෑයන් මුණගැසේ. ආර්ථික කටයුතු අනාගතේ වෙනුවෙන් කරන මුල්‍ය ආයෝජනය වාසිසහගත වේ. අලුත් බඩු බාන්ඩ මිලට ගනී.දුර බැහැර නෑදෑයන්ගෙන් වාසි සැලසේ. විදේශ ගමන් සාර්ථක වේ.

ජය අංකය 3
ශුභ වර්ණය ලා කොළ

තුලා ලග්නය

ලග්නදීපති සිකුරු සහ නැකත අදිපතියා රවි වීම නිසා විවාහ සම්බන්දතා සාර්ථක කරවයි. බිදුණු සිත් නැවත එක්‌ වේ. ගණුදෙනු වලදී ප්‍රවේසම් වන්න. ආර්ථික වාසි සැලසෙන මුල්‍යමය කටයුතු සාර්ථක වේ. ලාබ අපේක්ෂාවෙන් කරන ආයෝජන ප්‍රතිපල දරයි.

ජය අංකය 2
ජය වර්ණය ලා කහ

වෘශ්චික ලග්නය

ලග්නදිපති කුජ සහ නැකත් අදිපති රවි මිතුරු ගත වීම නිසා විදේශ ගමන් වලට ශුභ දිනයකි. මගහැරුණ කරුණු සාර්ථක කරගත හැකි දිනයකි. ගේදොර අලුත් වැඩියාවක් සදහා කරුණු යෙදේ. අරමුණු සාර්ථක කරගෙන ක්‍රමානුකුල දියුණුවකට හොද ආයෝජනයක්‌ කලහැක.

ජය අංකය 5
ශුභ වර්ණය රතු

ධනු ලග්න

ලග්නදිපති ගුරු නැකත් අදිපති රවි සමග මිතුරුව සිටින බැවින් මෙතෙක් අතපසු වූ කරුණු සම්පුර්ණ කර ගත හැක. ලොතරැයි වසනා වලට හිමිකම් කියන දිනයකි. භුමිලාබ වාසස්ථාන වලට හිමිකම් කියයි. මුල්‍ය මය වත්කම් වලට වාසි සහගත දිනයකි.

ජය අංකය 1
ශුභ වර්ණය කහ

මකර ලග්නය

ලග්නදිපති සෙනසුරු නැකත අදිපති රවි සමග සතුරු ගත බැවින් ශරීර නිරෝගීතාවය පිලිබඳ ගැටළු ඇති වේ. අසල්වැසියන් සමග ගැටුම් ඇතිකර ගනී. පදිංචිය හො ස්ථානය මරු කිරීමට සිදුවේ. යෝගී බාවනා කිරීමට සුදුසු ස්ථාන කරා යොමු විය හැක.

ජය අංකය 3
සුභ වර්ණය නිල්

කුම්බ ලග්නය

ලග්නදිපතියා ශනි නැකත් අදිපති රවි සමග සතුරු ගත බැවින් ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතු ගැටළු කාරී වේ. දුරබැහැර ගමන්බිමන් යෙදේ. මුල්‍යමය ආයෝජනය සදහා වටිනාකමක් සහිත ලාබ ලැබීමේ හැකියාව පැවති. භූමියෙන් වාසි, මෙන්ම වස්තු ලැබෙන දිනයකි. අන්සතු වස්තුවකට හිමිකම් කියයි.

ජය අංකය 5
ශුභ වර්ණය නිල්

මීන ලග්නය

ලග්නදිපති ගුරු නැකත අදිපති රවි සමග මිතුරු ගතව ගෝචර වන බැවින් වෙහෙසකර දිනයකි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වන දිනයකි. ලාබ අපේක්ෂාවෙන් කරන ආයෝජනවන ප්‍රතිපලදායි වන දිනයකි. විවාහ කටයුතු සාර්ථක වේ. දරුඵල වාසනාව හිමි දිනයකි.

ජය අංකය 9
ශුබ වර්ණය කහ

 

Astrolankasri ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ පාසලේ විදුහල්පති
ජ්‍යෝතිර් විද්‍යා, ගුප්තවිද්‍යා,වාස්තුවිද්‍යා,හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය

ඉනෝකා චතුරානි හපුආරච්චි

T. P. 072 850 88 24 / 034 433 02 00
W/A 078 391 46 77 / 077 106 68 10