වැසි සහ තද සුළං

අද (26) සවස 5.30 වන තෙක් බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් තද වැසි සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි ඇති විය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.