ජුනි මස 27 වන අඟහරුවාදා- දවස ඔබට කොහොමද?

අද ක්‍රි. ව.2023 ක්‌ වූ ජුනි මස 27 වන අඟහරුවාදා,

සූර්‍ය උදාව පෙ. ව.5:58 ට සූර්‍ය අස්තය ප. ව. 6:29ට

ශ්‍රී බු. ව. 2565 ක්‌ වූ ඇසල පුර නවවක පසුදින පු. භා.3:05දක්වා පවති.

වාරියන් යෝගය පු. භා.6:22 දක්වා ද ඉන්පසු පරිඝ යෝගය පසුදින 6:07 දක්වා පැවති.

බව කරණය පු. භා.2:05 දක්වා ද ඉන්පසු බාලව කරණය අ. භා.2:40 දක්වා ද ඉන්පසු කෞලව කරණය ක්‍රියාත්මක වේ.

තරඟ විභාහග, ක්‍රීඩා කටයුතු, ලොතරැයි උරගා බැලීමට, මහජන නියෝජිතයන් මුණගැහෙන්න, විප්ලවකාරී අදහස් මත දැරීම සඳහා ශුභයි.

ශකරාජ වර්ෂ 1945 ක්‌ වූ මිථුන රවී අංශක 10කලා 58 විකලා 01ක්‌ වූ කුජ දිනයයි. පෙ. ව. 6:00 න් ආරම්භ වේ.

මෙදින රාහු කාලය 2:58 හේ සිට 4:28 දක්වා පවතී. (මෙය දිවා රාත්‍රී දෙකටම පොදුයි.)

මෙදින චන්ද්‍රයා සිංහ කන්‍යා රාශියේ ගෝචර වන බැවින් සඳුට හිමි හත නැකත ප. ව.2:43 දක්වා ද ඉන්පසු කුජට හිමි සිත නැකත පසුදින ප.ව. 4:00 දක්වා ක්‍රියාත්මක වේ.

පසුදින ප. ව.2:43 දක්වා රෙහෙණ, හත, සුවණ,අස්ලිස, දෙට, රේවතී, පුනාවස, විසා, පුවපුටුප,බෙරණ, පුවපල්, පුවසල,කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, යන නැකත් වලට සීහුම් වේ.

 

ශුභ දිශාව දකුණ

මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට අද දවසේ පලාඵල ගෝචර වන්නේ කෙසේද විග්‍රහ කර බලමු.

මේෂ ලග්නය

ලග්නාදිපති කුජ සහ නැකත් අදිපති සඳු සමඟ මිත්‍ර ගත වීම නිසා ව්‍යාපාර කටයුතු වලට පැවති බදා මගහැරේ. ස්ථිර මුල්‍යමය ආයෝජන නිසා වාසි සැලසේ. අනාගත සැලසුම් වෙනුවෙන් කාලය විඩංගු වියහැක. රක්ෂණ සැලසුම් වලින් නිසි ලාබ ප්‍රයෝජන ලබාගත හැක. ඉඩකඩම් මිල දී ගැනීම සඳහා නිසි ඉහල වාසි සැලසේ.

ජය අංකය 6
ශුභ වර්ණය රතු

වෘෂභ ලග්නය

ලග්නදිපති සිකුරු සහ නැකත අදිපති සඳු සතුරු ගත වීම තමන්ගේ අඩුපාඩු නිසා සාර්ථක ගමනක් යාමට නොහැකි වේ. සතුරු කරදර ඇතිවේ. ලප කැළැල් තුවාල ඇතිවිය හැක. කායික හා මානසික පීඩනය ඇතිවේ. ප්‍රවේසමෙන් කටයුතු කලයුතු දිනයකි. හොද නම පලුදු වේ.

ජය අංකය 4
සුබ වර්ණය රෝස

මිථුන ලග්නය

ලග්නදිපති බුධ නැකත් අදිපති සඳු සමඟ මිතුරු ගත නිසා අද දවස මානසික පීඩනය ඇතිවේ. අදික වෙහෙසකාරී බව නිසා වැඩ කතයුතු මගහැරේ. ජලයෙන් සහ විදුලියෙන් ප්‍රවේසමෙන් කටයුතු කරන්න. තරඟකාරී කටයුතු වලට අදික තෙහෙට්ටුව නිසා මග හැරී යයි.

ජය අංකය 9
ශුභ වර්ණය කොල

කටක ලග්නය

ලග්නදිපති චන්ද්‍රයා සන්දුගේම නැකතක ගෝචර වන අද දවසේ නොසිතු වියදම් දැරීමට සිදුවන දිනයකි. බුද්දීමත්ව මුල්‍ය ආයෝජන තුලින් ලාබ උපයාගත හැක. දරු පල ලාබ ලැබේ. විවාහ යෝජනා වලට ස්ථිර විසදුම් ලැබේ. අබුසැමි ආරවුල් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

ජය අංකය 1
සුබ වර්ණය විවිධ වර්ණ

සිංහ ලග්නය

ලග්නාදිපති රවී සහ නැකත් අදිපති සඳු වීමනිසා සිංහ ලග්නයෙන් උපන් ඔබ‍ට අද දින තුල කය වෙහෙසා වැඩ කටයුතු සිදුකල යුතු වේ. අනුන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන දිනයකි. මහන්සියේ තරම් ප්‍රතිපල නොලැබේ. තද නීති ගරුක බව නිසා ගැරහුමට පාත්‍රවේ.

ජය අංකය 7
සුබ වර්ණය රතු

කන්‍යා ලග්නය

අද දින ලග්නදිපති බුධ සහ නැකත් අදිපති සඳු සතුරු ගතව සිටින නිසා තරඟකාරී කටයුතු වලදී අදික ලෙස මහන්සි විය යුතුය. මහන්සියේ තරම් ප්‍රතිපල නොලැබේ.දුර බැහැර නෑදෑයන්ගෙන් වාසි සැලසේ. විදේශ ගමන් සාර්ථක වේ. මුල්‍යමය වාසි සැලසෙන දිනයකි.

ජය අංකය 3
ශුභ වර්ණය ලා කොළ

තුලා ලග්නය

ලග්නදීපති සිකුරු සහ නැකත අදිපතියා සඳු සතුරු ගත වීම නිසා දුර බැහැර ගමන් බිමන් යෙදේ. කරන කියන කටයුතු වගකීමෙන් කිරීමට වගබලාගන්න. නිකරුනේ වැරදි වලට හසු වීමට ඉඩ තිබේ. තරඟ කාරී ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු සිදුකල යුතයි.

ජය අංකය 2
ජය වර්ණය ලා කහ

වෘච්චික ලග්නය

ලග්නදිපති කුජ සහ නැකත් අදිපති සඳු මිතුරු ගත වීම නිසා විදේශ ගමන් වලට ශුභ දිනයකි. මගහැරුණ කරුණු සාර්ථක කරගත හැකි දිනයකි. ගේදොර අලුත් වැඩියාවක් සදහා කරුණු යෙදේ. අරමුණු සාර්ථක කරගෙන ක්‍රමානුකුල දියුණුවකට හොද ආයෝජනයක්‌ කලහැක.

ජය අංකය 5
ශුභ වර්ණය රතු

ධනු ලග්න

ලග්නදිපති ගුරු නැකත් අදිපති සඳු සමග මිතුරුව සිටින බැවින් මෙතෙක් අතපසු වූ කරුණු සම්පුර්ණ කර ගත හැක. ලොතරැයි වසනා වලට හිමිකම් කියන දිනයකි. භුමිලාබ වාසස්ථාන වලට හිමිකම් කියයි. මුල්‍ය මය වත්කම් වලට වාසි සහගත දිනයකි.

ජය අංකය 1
ශුභ වර්ණය කහ

මකර ලග්නය

ලග්නදිපති සෙනසුරු නැකත අදිපති සඳු සමග සතුරු ගත බැවින් ශරීර නිරෝගීතාවය පිලිබඳ ගැටළු ඇති වේ. අසල්වැසියන් සමග ගැටුම් ඇතිකර ගනී. පදිංචිය හො ස්ථානය මරු කිරීමට සිදුවේ. යෝගී බාවනා කිරීමට සුදුසු ස්ථාන කරා යොමු විය හැක.

ජය අංකය 3
සුභ වර්ණය නිල්

කුම්බ ලග්නය

ලග්නදිපතියා ශනි නැකත් අදිපති සඳු සමග සතුරු ගත බැවින් ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතු ගැටළු කාරී වේ. දුරබැහැර ගමන්බිමන් යෙදේ. මුල්‍යමය ආයෝජනය සදහා වටිනාකමක් සහිත ලාබ ලැබීමේ හැකියාව පැවති. භූමියෙන් වාසි, මෙන්ම වස්තු ලැබෙන දිනයකි. අන්සතු වස්තුවකට හිමිකම් කියයි.

ජය අංකය 5
ශුභ වර්ණය නිල්

මීන ලග්නය

ලග්නදිපති ගුරු නැකත අදිපති සඳු සමග මිතුරු ගතව ගෝචර වන බැවින් වෙහෙසකර දිනයකි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වන දිනයකි. ලාබ අපේක්ෂාවෙන් කරන ආයෝජනවන ප්‍රතිපලදායි වන දිනයකි. විවාහ කටයුතු සාර්ථක වේ. දරුඵල වාසනාව හිමි දිනයකි.

ජය අංකය 9
ශුබ වර්ණය කහ

Astrolankasri ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ පාසලේ විදුහල්පති
ජ්‍යෝතිර් විද්‍යා, ගුප්තවිද්‍යා,වාස්තුවිද්‍යා,හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය

ඉනෝකා චතුරානි හපුආරච්චි

T. P. 072 850 88 24 / 034 433 02 00
W/A 078 391 46 77 / 077 106 68 10