වැඩිහිටි කන්දේදී කැබ් රථයක් පෙරළෙයි

කතරගම වැඩිහිටිකන්ද දක්වා බැතිමතුන් රැගෙන යන අතුරු මාර්ගයේදී කැබ් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

ඉහළමළුව සිට පහළමළුව දක්වා ධාවනය වූ බැතිමතුන් රැගත් කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරට ලක්වන අවස්ථාවේ කැබ් රථයේ කාන්තාවන් 07ක් සහ වයස අවුරුදු 10ක ගැහැණු දරුවෙකු සිට තිබේ.

අනතුරින් රියදුරුට තුවාල සිදුව නොමැති අතර ගමන්ගත් මගී කාන්තාවන් පිරිස සුළු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පවසන්නේ මෙම අනතුරින් තුවාල ලබා ඇති පිරිස වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.