ධවල මන්දිරයට ලෝකයේම අවධානය

ධවල මන්දිරයේ තිබී සුදු පැහැති වර්ණයෙන් යුතු කුඩු වර්ණයක් සොයාගැනීමත් සමඟ ලෝකයේම අවධානය ඒ වෙත යොමුව තිබේ.

මේ අතර අදාළ සිදුවීමත් සමඟ සුළු වේලාවකට ධවල මන්දිරයේ කාර්යමණ්ඩලය ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජනපද රහස් ඔත්තු සේවය විසින් මෙම ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති බවය.

එසේම පසුව සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම ද්‍රව්‍ය කොකේන් සඳහා ධනාත්මක ප්‍රතිඵල වාර්තා කරන බවය.

කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

\