ඊශ්‍රායලය ප්‍රහාර දැඩි කරයි

බටහිර ඉවුරේ පලස්තීන සටන්කාමීන් ඉලක්ක කර ඊශ්‍රායල හමුදා දැඩි ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ජෙනින් සරණාගත කඳවුරට ඩ්‍රෝන ප්‍රහාර එල්ලකර අනතුරුව හමුදා කණ්ඩායම් කඩා වැදුණු බවය.

මේ දක්වා පලස්තීනුවන් පස් දෙනෙක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.