ජුලි මස 5 වන බදාදා – ජුලි මස 5 වන බදාදා දිනයයි – රාහු කාලය 12:00 හේ සිට 1:30දක්වා

අද ක්‍රි. ව.2023 ක්‌ වූ ජුලි මස 5 වන බදාදා දිනයයි. අද දින සූර්‍ය උදාව පෙ. ව.6:00 ට සූර්‍ය අස්තය ප. ව. 6:30 ට ශ්‍රී බු. ව. 2565 ක්‌ වූ ඇසල අව දියවක තිථිය පු.භා.10:02 දක්වා ද ඉන්පසු අව තියවක තිථිය පසු දින දක්වා ද පු. භා.6:30 දක්වා ද පවති.

වෛධ්‍රුති යෝගය පු. භා.7:46 දක්වා ද ඉන්පසු විෂ්කම්භ යෝගය පසුදින පු. භා.3:47 දක්වා පවතී. ගරජ කරණය පු. භා.10:02 දක්වා ද ඉන්පසු වාණිජ කරණය අ. භා.8:15 දක්වා ද ඉන්පසු විෂ්ටි කරණය ක්‍රියාත්මක වේ.

වෙලහෙළඳ කටයුතු, ව්‍යාපාර ස්වං රැකියා, කලාත්මක බඩු භාණ්ඩ, ලිපි ද්‍රව්‍ය හුවමාරු, අත්සන් තැබීම්, සහ ලේකන කලාව ආරම්භ කිරීමට වඩාත්ම සුදුසු වේ. ශකරාජ වර්ෂ 1945 ක්‌ වූ මිථුන රවී අංශක 18කලා 35 විකලා 33 ක්‌ වූ බුධ දිනයයි. පෙ. ව. 6:00 න් ආරම්භ වේ.

මෙදින රාහු කාලය 12:00 හේ සිට 1:30දක්වා පවතී. (මෙය දිවා රාත්‍රී දෙකටම පොදුයි.) මෙදින චන්ද්‍රයා මකර රාශියේ ගෝචර වන බැවින් රවිට හිමි උත්‍රසල නැකත පෙ.ව45:39 දක්වා ද ඉන්පසු සඳුට හිමි සුවණ නැකත පසුදින පෙ. ව.2:55 දක්වා ද ක්‍රියාත්මක වේ.

අද දින පෙ. ව.5:39 න් පසු මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප,අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවණ යන නැකත් වලට සීහුම් වේ.

ශුභ දිශාව නැගෙනහිර

ශුභ කටයුතු සඳහා
පෙ. ව.6:14 ගමන් යාම සඳහා ද
පෙ. ව.10:04 කෙටි කටයුතු සහ ඕනෑම ශුභ කටයුත්තක්‌ සඳහා යොදා ගත හැක.

මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට අද දවසේ පලාඵල ගෝචර වන්නේ කෙසේද විග්‍රහ කර බලමු.

මේෂ ලග්නය

ලග්නාදිපති කුජ සහ නැකත් අදිපති සඳු සමඟ මිතුරු ගත වීම නිසා ව්‍යාපාර කටයුතු වලට පැවති බදා මගහැරේ. ස්ථිර මුල්‍යමය ආයෝජන නිසා වාසි සැලසේ. අනාගත සැලසුම් වෙනුවෙන් කාලය විඩංගු වියහැක. නීති ගරුක බවය නිසා දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවේ.

ජය අංකය 8
ශුභ වර්ණය රතු

වෘෂභ ලග්නය

ලග්නදිපති සිකුරු සහ නැකත අදිපති සඳු සතුරු ගත වීම නිසා තමන්ගේ අඩුපාඩු නිසා සාර්ථක ගමනක් යාමට නොහැකි වේ. සතුරු කරදර ඇතිවේ. ලප කැළැල් තුවාල ඇතිවිය හැක. උදරාබාද ඇතිවේ. පව්ලේ සමගියට බාදක ඇතිවේ. අන් අය සමග හොද හිත පලුදු වේ.

ජය අංකය 6
සුබ වර්ණය රෝස

මිථුන ලග්නය

ලග්නදිපති බුධ නැකත් අදිපති සඳු සමඟ සතුරු ගත නිසා අද දවස මානසික පීඩනය ඇතිවේ. අදික වෙහෙසකාරී බව නිසා වැඩ කතයුතු මගහැරේ. තරඟකාරී කටයුතු වලට අදික තෙහෙට්ටුව නිසා මග හැරී යයි. පව්ලේ කටයුතු වලින් ඈත් වී සිටීමට සිදුවේ.

ජය අංකය 1
ශුභ වර්ණය කොල

කටක ලග්නය

ලග්නදිපති සඳු, සඳුගේම නැකතක ගෝචර වන අද දවසේ නොසිතු වියදම් දැරීමට සිදුවන දිනයකි. බුද්ධිමත්ව මුල්‍ය ආයෝජන තුලින් ලාබ උපයාගත හැක. ගෙදරදොර කටයුතු වලට මුලිකත්වය දී කටයුතු කිරීමට සිදුවේ. කෘෂිකාර්මික කටයුතු වලින් නිසි පල ප්‍රයෝජන ගත හැක.

ජය අංකය 5
සුබ වර්ණය විවිධ වර්ණ

සිංහ ලග්නය

ලග්නාදිපති රවී සහ නැකත් අදිපති සඳු සමඟ මිතුරු ගත වීම නිසා සිංහ ලග්නයෙන් උපන් ඔබ‍ට අද දින තුල කය වෙහෙසා වැඩ කටයුතු සිදුකල යුතු වේ. වැඩිමල් සහෝදර සහෝදරියන්ගෙන් කරදර ඇතිවිය හැක.දුර ගමන් බිමන් වලට හේතු කරනා යෙදේ.මුල්‍යමය ආයෝජනය තුලින් ලාබ හිමිවේ.

ජය අංකය 7
සුබ වර්ණය රතු

කන්‍යා ලග්නය

අද දින ලග්නදිපති බුධ සහ නැකත් අදිපති සඳු සමග සතුරු ගතව සිටින නිසා තරඟකාරී කටයුතු වලදී අදික ලෙස මහන්සි විය යුතුය. මහන්සියේ තරම් ප්‍රතිපල නොලැබේ.මුල්‍යමය තත්වය යහපත් වේ. බාල මහළු වැඩිහිටි අයගේ උදව් උපකාර ලැබේ. දුර බැහැර ගමන් යෙදේ. බොහො පාඩු සිදුවේ.

ජය අංකය 9
ශුභ වර්ණය ලා කොළ

තුලා ලග්නය

ලග්නදීපති සිකුරු සහ නැකත අදිපතියා සඳු සතුරු ගත වීම නිසා දුර බැහැර ගමන් බිමන් යෙදේ. කරන කියන කටයුතු වගකීමෙන් කිරීමට වගබලාගන්න. නිකරුනේ වැරදි වලට හසු වීමට ඉඩ තිබේ. ලොකු පොඩි අයගෙන් ගැරහුමට පාත්‍ර වේ.

ජය අංකය 2
ජය වර්ණය ලා කහ

වෘච්චික ලග්නය

ලග්නදිපති කුජ සහ නැකත් අදිපති සඳු මිතුරු ගත වීම නිසා විදේශ ගමන් වලට ශුභ දිනයකි. මගහැරුණ කරුණු සාර්ථක කරගත හැකි දිනයකි. ගේදොර අලුත් වැඩියාවක් සදහා කරුණු යෙදේ. භූමි ලාබ ලැබේ. පතල් සහ කැනීම් වලින් නොසිතු වාසනාව හිමිවේ.

ජය අංකය 3
ශුභ වර්ණය රතු

ධනු ලග්න

ලග්නදිපති ගුරු සහ නැකත් අදිපති සඳු බලවත්ව මිතුරුව සිටින බැවින් මෙතෙක් අතපසු වූ කරුණු සම්පුර්ණ කර ගත හැක. ලොතරැයි වසනා වලට හිමිකම් කියන දිනයකි. භුමිලාබ වාසස්ථාන වලට හිමිකම් කියයි. මුල්‍ය මය වත්කම් වලට වාසි සහගත දිනයකි. ලාබ අපේක්ෂාවෙන් කරන කටයුතු සාර්ථක වේ.

ජය අංකය 1
ශුභ වර්ණය කහ

මකර ලග්නය

ලග්නදිපති සෙනසුරු නැකත අදිපති සඳු සමඟ සතුරුව සිටින බැවින් ශරීර නිරෝගීතාවය පිලිබඳ ගැටළු ඇති වේ. අසල්වැසියන් සමග ගැටුම් ඇතිකර ගනී. ස්ථාවර ධනයක් ගොඩනගා ගැනීමට යහපත් දිනයකි. මුල්‍යමය ආයෝජන කිරීමේදී කල්පනාකාරී වන්න.

ජය අංකය 3
සුභ වර්ණය නිල්

කුම්බ ලග්නය

ලග්නදිපතියා ශනි නැකත් අදිපති සඳු සමඟ සතුරු ගත බැවින් ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතු ගැටළු කාරී වේ. දුරබැහැර ගමන්බිමන් යෙදේ. හදිසි අනතුරු වලින් ප්‍රවේසම් වන්න. ගෘහ ආශ්‍රිතව අනතුරු වලට බලපෑම් වන දිනයකි.

ජය අංකය 5
ශුභ වර්ණය නිල්

මීන ලග්නය

ලග්නදිපති ගුරු නැකත අදිපති සඳු සමඟමිතුරු ගත වන බැවින් නඩු තීන්දු යහපත් වේ.දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වන දිනයකි. උත්සව අවස්ථා සඳහා ආරාධනා ලැබේ. දුර ගමන් බිමන යෙදේ. සතුටු සමිචි සාද වලට ආරාධනා ලබේ. අනුන් නිසා වියදම් කිරීමට සිදුවේ. මුදල් ගණුදෙනු වලදී ප්‍රවේසම් වන්න.

ජය අංකය 9
ශුබ වර්ණය කහ

 

Astrolankasri ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ පාසලේ විදුහල්පති
ජ්‍යෝතිර් විද්‍යා, ගුප්තවිද්‍යා,වාස්තුවිද්‍යා,හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය

ඉනෝකා චතුරානි හපුආරච්චි

T. P. 072 850 88 24 / 034 433 02 00
W/A 078 391 46 77 / 077 106 68 10