අද ක්‍රි. ව.2023 ක්‌ වූ ජුලි මස 8 වන සෙනසුරාදා දිනයයි. අද දින සූර්‍ය උදාව පෙ. ව.6:01ට සූර්‍ය අස්තය ප. ව. 6:31 ට

ශ්‍රී බු. ව. 2565 ක්‌ වූ ඇසල අව සැටවක තිථිය අ. භා.9:51දක්වා පවති.

සෞභාග්‍ය යෝගය අ. භා.5:22 දක්වා ද ඉන්පසු ශෝබන යෝගය පසු දින දක්වා පවතී.

ගරජ කරණය පු. භා.11:00දක්වා ද ඉන්පසු වාණිජ කරණය අ. භා.9:51 ක්‍රියාත්මක වේ.

වෙහෙර විහාර,දේවස්ථාන ආගමික හා පුජනිය ස්ථාන වල කටයුතු, යෝගී බාවනා කටයුතු ආරම්බ කිරීමට අද්යාත්මික කටයුතු හා බමුණු පුජක වරුන් හට දන්, පැන් සහ සිව් පසයෙන් උපස්ථාන කිරීමට සුදුසු වේ.

ශකරාජ වර්ෂ 1945 ක්‌ වූ මිථුන රවී අංශක 21කලා 27 විකලා 06ක්‌ වූ ශනි දිනයයි. පෙ. ව. 6:00 න් ආරම්භ වේ.

මෙදින රාහු කාලය 9:01 සිට 10:31 දක්වා පවතී. (මෙය දිවා රාත්‍රී දෙකටම පොදුයි.)

මෙදින චන්ද්‍රයා කුම්බ රාශියේ ද පසුව මීන රසියේ ද ගෝචර වන බැවින් ගුරුට හිමි පුවපුටුප නැකතේ ප. ව.8:35 දක්වා පවතී.

අද දින ප. ව.8:35 න් පසු පුනාවස, විසා, පුවපුටුප, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනාට, අද, සා, සියාවස යන නැකත් වලට සීහුම් වේ,

ශුභ දිශාව දකුණ

ශුභ කටයුතු සඳහා
පෙ. ව.6:01 ගමන් යාම සඳහා ද
පෙ. ව.10:43 ආගමික වතාවක් සහ ඕනෑම ශුභ කටයුත්තක්‌ සඳහා යොදා ගත හැක.

මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට අද දවසේ පලාඵල ගෝචර වන්නේ කෙසේද විග්‍රහ කර බලමු.

මේෂ ලග්නය

ලග්නාදිපති කුජ සහ නැකත් අදිපති ගුරු සමඟ මිතුරු ගතනිසා ව්‍යාපාර කටයුතු වලට පැවති බදා මගහැරේ. ඉවසිලි වන්තව කටයුතු කල හැක. නොරිස්සුම් ගති නිසා බොහෝ පාඩු සිදුවේ. දුර බැහැර ගමන් යෙදේ. මුදල් ලාබ ලැබේ.

ජය අංකය 1,7
ශුභ වර්ණය රතු

වෘෂභ ලග්නය

ලග්නදිපති සිකුරු සහ නැකත අදිපති ගුරුසමඟ සම ගත වීම නිසා සැලසුමකට අනුව කටයුතු කිරීමෙන් වාසි සැලසේ. කා අතරත් හොද හිත වර්ධනය වේ. ප්‍රිය වචන තුලින් ඕනෑම කෙනෙක් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පවතී. මුල්‍යමය ආයෝජන තුලින් ලාබ අපේක්ෂා කරගත හැක.බුද්ධිමත්ව කටයුතු කල හැක.

ජය අංකය 6,9
සුබ වර්ණය රෝස

මිථුන ලග්නය

ලග්නදිපති බුධ නැකත් අදිපති ගුරු සමඟ සම ගත නිසා අද දවස මානසික පීඩනය ඇතිවේ. අදික වෙහෙසකාරී බව නිසා වැඩ කතයුතු මගහැරේ. කලින් සැලසුම් කල වැඩ කටයුතු කල්තියා අවසන් කර ගත හැක. භූමියෙන් ලාබ අපේක්ෂා කල හැක.

ජය අංකය 1,4
ශුභ වර්ණය කොල

කටක ලග්නය

ලග්නදිපති සඳු ගුරුගේ නැකතක ගෝචර වන අද දවසේ නොසිතු වියදම් දැරීමට සිදුවන දිනයකි. කරන කියන කටයුතු වගකීමෙන් සිදුකල යුතුය. කාගේත් හොඳ හිත දිනා කටයුතු සිදු කල යුතු දිනයකි. මව් හො මව් පාර්ශවයේ අය සමඟ ගැටුම් ඇති කරගෙන බොහෝ පාඩු විදීමට සිදුවේ.

ජය අංකය 2,8
සුබ වර්ණය විවිධ වර්ණ

සිංහ ලග්නය

ලග්නාදිපති රවී සහ නැකත් අදිපති ගුරු සමඟ මිතුරු ගත වීම නිසා සිංහ ලග්නයෙන් උපන් ඔබ‍ට අද දින දුර බැහැර ගමන් බිමන් අධික වන දිනයකි. ලොතරැයි වසනා හිමිවීමට වාසනාව තිබේ. මව් පාර්ශවයේ නෑයන් ගෙන් හොදහිත දිනාගත හැක.

ජය අංකය 4,8
සුබ වර්ණය රතු

කන්‍යා ලග්නය

අද දින ලග්නදිපති බුධ සහ නැකත් අදිපති ගුරු සමග සම ගතව සිටින නිසා තරඟකාරී කටයුතු වලදී අදික ලෙස මහන්සි විය යුතුය. මහන්සියේ තරම් ප්‍රතිපල නොලැබේ. දුර සිටින නෑයන්ගෙන් වාසි සැලසේ. උදව් උපකාර ලැබේ. විෂබීජ අසාදන ඇතිවිය හැක.

ජය අංකය 6,9
ශුභ වර්ණය ලා කොළ

තුලා ලග්නය

ලග්නදීපති සිකුරු සහ නැකත අදිපතියා ගුරු සම ගත වීම නිසා දුර බැහැර ගමන් බිමන් යෙදේ. කරන කියන කටයුතු වගකීමෙන් කිරීමට වගබලාගන්න. මුල්‍ය ආයෝජන තුලින් සාර්ථක ප්‍රතිපල ඇතිවේ.ව්‍යාපාර දියුණු කර ගැනීමට සුබ දිනයකි. විනෝදයට බර දිනයකි.

ජය අංකය 1,3
ජය වර්ණය ලා කහ

වෘච්චික ලග්නය

ලග්නදිපති කුජ සහ නැකත් අදිපති ගුරු සමඟ මිතුරු ගත වීම නිසා විදේශ ගමන් වලට ශුභ දිනයකි. විදේශ ආයෝජනය තුලින් වාසි සැලසේ. ස්තිර තැන්පත් තුලින් හොද ප්‍රතිලාබ අපේක්ෂා කල හැක.

ජය අංකය 1,5
ශුභ වර්ණය රතු

ධනු ලග්න

ලග්නදිපති සහ නැකත් අදිපති ගුරු බලවත් බවින් ස්ථිර තැන්පතු වර්ධනය කර ගතහැක. මුල්‍ය ආයෝජන තුලින් ලාබ ප්‍රයෝජන ලබාගත හැක. නිදහස් ජීවිතයකට හිමිකම් කියයි. දුරබැහැර ගමන් බිමන් යෙදේ. වාසි සැලසේ. නොහිතු ධන වසනා හිමිවේ.

ජය අංකය 2,7
ශුභ වර්ණය කහ

මකර ලග්නය

ලග්නදිපති සෙනසුරු නැකත අදිපති ගුරු සමඟ සමව සිටින බැවින් අසල්වැසියන් සමග ගැටුම් ඇතිකර ගනී. ස්ථාවර ධනයක් ගොඩනගා ගැනීමට යහපත් දිනයකි. මිතුරු ඇසුරේ දී ප්‍රවේසම් වන්න. කය වෙහෙසා වැඩ කලයුතු දිනයකි. වෙහෙසකර බව නිසා වැඩ අතපසු වේ.

ජය අංකය 4,7
සුභ වර්ණය නිල්

කුම්බ ලග්නය

ලග්නදිපතියා ශනි නැකත් අදිපති ගුරු සමඟ සම ගත බැවින් ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතු ගැටළු කාරී වේ. දුරබැහැර ගමන්බිමන් යෙදේ. බලාපොරොත්තු නොවූ කටයුතු වෙනුවෙන් වෙහෙස විය හැක. මුල්‍ය ආයෝජන තුලින් ලාබ හිමිවේ.

ජය අංකය 5,7
ශුභ වර්ණය නිල්

මීන ලග්නය

ලග්නදිපති සහ නැකත් අදිපති ගුරු වන බැවින් තම ශාස්තෘන් වහන්සේලා වෙනුවෙන් වතාවක් කලයුතු දිනයකි. හදිසි අනතුරු ගෘහ ආශ්‍රිත අනතුරු වලට ගොදුරු විය හැක. සිත කය වචන සංවර කර ගතයුතුම දිනයකි. අද්යාත්මික සුවය ලගා කර ගැනීමට සුදුසුම දිනයකි.

ජය අංකය 3,5
ශුබ වර්ණය කහ

Astrolankasri ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ පාසලේ විදුහල්පති
ජ්‍යෝතිර් විද්‍යා, ගුප්තවිද්‍යා,වාස්තුවිද්‍යා,හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය

ඉනෝකා චතුරානි හපුආරච්චි

T. P. 072 850 88 24 / 034 433 02 00
W/A 078 391 46 77 / 077 106 68 10