මනම්පිටිය කොටලීය පාලමේ ගැටී බස් රථයක් ඔයට පෙරළෙයි

පොළොන්නරුවේ මනම්පිටිය – කොතලිය පාලම මතින් බස් රථයක් පෙරළී සිදු වූ අනතුරින් පුද්ගලයින් 10 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වෙයි. කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස පාලමින් පෙරළී ඇත.

තුවාලකරුවන් මනම්පිටිය සහ පොළොන්නරුව යන රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, මනම්පිටිය රෝහලට ඇතුළත් කළ එක් අයෙකු මියගොස් සිටි අතර තුවාලකරුවන් සිව්දෙනෙකුගෙන් තිදෙනෙක් පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇත.
තවත් තුවාලකරුවන් 20කට ආසන්න සංඛ්‍යාවක් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත්කර තිබෙයි.
රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන පරිදි තුවාලකරුවන් 35ක පමණ පිරිසක් මේ වනවිට රෝහල් ගත කර ඇත.
පොළොන්නරුව සිට කාත්තන්කුඩි බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොටලීය පාලමින් පෙරළීම නිසා අනතුරට ලක් වූ පිරිස මුදාගැනීමේ මෙහෙයුම් ඇරඹීම අපහසුවූයේ එම ස්ථානයේ පැවති අඳුර නිසයි.