ජුලි මස 13 වන බ්‍රහස්පතින්දා – ලග්නයෙන් ලග්නයට දවසේ පලාඵල

අද ක්‍රි. ව.2023 ක්‌ වූ ජුලි මස 13 වන බ්‍රහස්පතින්දා දිනයයි.

අද දින සූර්‍ය උදාව පෙ. ව.6:02ට සූර්‍ය අස්තය ප. ව. 6:31 ට

ශ්‍රී බු. ව. 2565 ක්‌ වූ ඇසල අව එකොලොස්වක තිථිය අ. භා.6:25 දක්වා පවති.

ශුල යෝගය පු.භා.8:52 දක්වා ද ඉන්පසු ගන්ඩ යෝගය පසු දින දක්වා පවතී.

බව කරණය පු.භා.6:08 දක්වා ද ඉන්පසු බාලව කරණය අ. භා.6:25 දක්වා ද ඉන්පසු කෞලව කරණය ක්‍රියාත්මක වේ.

අලුත් දේ හැදෑරීම, පොත පත කියවීම, ලිවිම සහ අලෙවි කිරීම, සාහිත්‍ය, නාට්‍ය කලා නව නිර්මාණ එලි දැක්වීම, ගමන් බිමන් සදහා පිටත් වීම, විවාහ මංගල කරනා සදහා ශුභ්වේ. නීතිමය කටයුතු වලට සහ සහනදායි ඉල්ලුමට සුබදායක වේ.

ශකරාජ වර්ෂ 1945 ක්‌ වූ මිථුන රවී අංශක 26කලා 13 විකලා 09 ක්‌ වූ ගුරු දිනයයි. පෙ. ව. 6:00 න් ආරම්භ වේ.

මෙදින රාහු කාලය1:32 සිට 3:02දක්වා පවතී. (මෙය දිවා රාත්‍රී දෙකටම පොදුයි.) සුබ කටයුතු සදහා මෙම කාලය අත්හරින්න

මෙදින චන්ද්‍රයා වෘෂභ රාශියේ ගෝචර වන බැවින් රවි හිමි කැති නැකතේ ප. ව.8:52 දක්වා පවතී.

අද දින ප. ව.8:52 දක්වා කැති, උත්‍රපල්, උත්‍රසල,රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල, බෙරණ, පුවපල්, පුවසල යන නැකත් වලට සීහුම් වේ.

ශුභ දිශාව උතුර

ශුභ කටයුතු සඳහා,
පෙ. ව.5:38 ඕනෑම ශුභ කටයුත්තක් සඳහා ද
පෙ. ව.9:20 මංගල කටයුතු, ගමන් බිමන් යාම සහ ඕනෑම ශුභ කටයුත්තක්‌ සඳහා යොදා ගත හැක.

මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට අද දවසේ පලාඵල ගෝචර වන්නේ කෙසේද විග්‍රහ කර බලමු.

මේෂ ලග්නය

ලග්නාදිපති කුජ සහ නැකත් අදිපති රවි සමඟ මිත්‍ර ගත නිසා ව්‍යාපාර කටයුතු වලට පැවති බදා මගහැරේ. ඉවසිලි වන්තව කටයුතු කල හැක.මුදල් ලාබ ලැබේ. දුර බැහැර ගමන් යෙදේ, ඉන් වාසි සැලසේ. ව්‍යාපාර කටයුතු නව මුහුණුවරකින් ආරම්භ කිරීමට හැකි වේ.

ජය අංකය 3,5
ශුභ වර්ණය රතු

වෘෂභ ලග්නය

ලග්නදිපති සිකුරු සහ නැකත අදිපති රවි වීම නිසා ත් සිකුරු සමඟ රවි සතුරු ගත වීම නිසා ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය. නින්දා අපහාස විදීමට සිදුවේ. නොකළ වැරදි වලට මුහුණ දීමට සිදුවේ. අප්‍රසාදයට ලක්වීමට හේතු ඇති බැවින් ප්‍රවේසම් වන්න.

ජය අංකය 6,8
සුබ වර්ණය රෝස

මිථුන ලග්නය

ලග්නදිපති බුධ නැකත් අදිපති රවි සමඟ මිතුරු ගත නිසා අද දවස මානසික පීඩනය ආවම වේ. භූමියෙන් ලාබ අපේක්ෂා කල හැක. මුල්‍යමය ආයෝජන තුලින් ලාබ අපේක්ෂා කලහැක. බුද්දිමත්ව කටයුතු කිරීමෙන් ජයග්‍රහණය අත් කර ගැනීමට හැකි වේ.

ජය අංකය 2,9
ශුභ වර්ණය කොල

කටක ලග්නය

ලග්නදිපති සඳු රවිගේ නැකතක ගෝචර වන අද සිත, කය, මනස වෙහෙසා කටයුතු කිරීමෙන් බොහෝ ලාබ අපේක්ෂා කල හැක. බාවනා, යෝගී කටයුතු සාර්ථක කරගැනීමට සුබවේ. ආර්ථික වාසි වෙනුවෙන් කරන ආයෝජනය වලට ශුභයි.

ජය අංකය 1,3
සුබ වර්ණය විවිධ වර්ණ

සිංහ ලග්නය

ලග්නාදිපති රවී සහ නැකත් අදිපති රවි වීම නිසා සිංහ ලග්නයෙන් උපන් ඔබ‍ට අද දින දුර බැහැර ගමන් බිමන් යෙදේ. රැකියා කටයුතු අතින් අවිවේකි දිනයකි. කය වෙහෙසා කටයුතු කිරීමට සිදුවේ. හිසේ බර ගතිය නිසා වෙහෙසකර තත්ත්වය අදික වේ.

ජය අංකය 2,7
සුබ වර්ණය රතු

කන්‍යා ලග්නය

අද දින ලග්නදිපති බුධ සහ නැකත් අදිපති රවි සමග මිත්‍ර ගතව සිටින නිසා තරඟකාරී කටයුතු වලදී අදික ලෙස මහන්සි විය යුතු දිනයකි. සාහිත්‍ය, කලා, කටයුතු වලින් හොද නම දිනාගත යුතුය. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් මුදල් ප්‍රතිලාබ අපේක්ෂා කල හැක.

ජය අංකය 5,9
ශුභ වර්ණය ලා කොළ

තුලා ලග්නය

ලග්නදීපති සිකුරු සහ නැකත අදිපති රවී සතුරු ගත වීම නිසා දුර බැහැර ගමන් බිමන් යෙදේ. විවාහ යෝජනා ආවත් ඒවා සාර්ථක නොවේ. මුදල් යොදවා කරන ආයෝජනය තුලින් පාඩු සිදුවීමට ඇති හෙයින් කල්පනාකාරී වන්න. සිත් බිදීමට හේතු වේ.

ජය අංකය 1,6
ජය වර්ණය ලා කහ

වෘච්චික ලග්නය

ලග්නදිපති කුජ සහ නැකත් අදිපති රවි සමඟ මිතුරු ගත වීම නිසා විදේශ ගමන් වලට ශුභ දිනයකි. විදේශ ආයෝජනය තුලින් වාසි සැලසේ. ස්තිර තැන්පත් තුලින් හොද ප්‍රතිලාබ අපේක්ෂා කල හැක. ස්ථිර ධනය වර්ධනය කරගැනීමට හැකියාව ඇත.බලාපොරොත්තු රහිත ධන වසනා හිමිවේ.

ජය අංකය 4,6
ශුභ වර්ණය රතු

ධනු ලග්න

ලග්නදිපති ගුරු සහ නැකත් අදිපති රවි සමඟ මිතුරු ගත බැවින් විනෝද ජනකව කටයුතු කල හැක. සැහැල්ලුවෙන් ජීවිතය ගෙවෙන දිනයකි. උසස් අය ඇසුරට ලැබේ. ඉන් වැසිද සැලසේ. ලොතරැයි වසනා වලට හිමිකම් කියයි. සුබ ආරංචි අසන්නට ලැබේ.

ජය අංකය 2,8
ශුභ වර්ණය කහ

මකර ලග්නය

ලග්නදිපති සෙනසුරු නැකත අදිපති රවී සමඟ සතුරු ගතව සිටින බැවින් ස්ථාවර ධනයක් ගොඩනගා ගැනීමට යහපත් දිනයකි. මිතුරු ඇසුරේ දී ප්‍රවේසම් වන්න. කය වෙහෙසා වැඩ කලයුතු දිනයකි. වෙහෙසකර බව නිසා වැඩ අතපසු වේ. දුර බැහැර ගමන් බිමන් යෙදේ.

ජය අංකය 6,9
සුභ වර්ණය නිල්

කුම්බ ලග්නය

ලග්නදිපතියා ශනි නැකත් අදිපති රවි සමඟ සතුරු ගත බැවින් ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතු ගැටළු කාරී වේ. දුරබැහැර ගමන්බිමන් යෙදේ. බලාපොරොත්තු නොවූ කටයුතු වෙනුවෙන් වෙහෙස විය හැක. මුල්‍ය ආයෝජන තුලින් ලාබ හිමිවේ. වංචා ප්‍රයෝග වලට හසුවීමට ඉඩකඩ ඇත.

ජය අංකය 3,6
ශුභ වර්ණය නිල්

මීන ලග්නය

ලග්නදිපති ගුරු සහ නැකත් අදිපති රවි සමඟ මිතුරු ගත බැවින් ස්ථිර ධනයක්, තැන්පතුවක් ගොඩනගාගත හැක. මුල්‍ය ආයෝජනය තුලින් ලාබ අපේක්ෂා කල හැක. හොඳ මිතුරන් පිරිසක් ගොඩනගාගත හැක. තම නමට ප්‍රසංසා හිමිවේ.

ජය අංකය 1,7
ශුබ වර්ණය කහ

 

Astrolankasri ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ පාසලේ විදුහල්පති
ජ්‍යෝතිර් විද්‍යා, ගුප්තවිද්‍යා,වාස්තුවිද්‍යා,හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය

ඉනෝකා චතුරානි හපුආරච්චි

T. P. 072 850 88 24 / 034 433 02 00
W/A 078 391 46 77 / 077 106 68 10