ජුලි මස18 වන අඟහරුවාදා – ලග්නයෙන් ලග්නයට දවසේ පලාඵල

ද ක්‍රි. ව.2023 ක්‌ වූ ජුලි මස18 වන අඟහරුවාදා දිනයයි.

අද දින සූර්‍ය උදාව පෙ. ව.6:03ට සූර්‍ය අස්තය ප. ව. 6:31 ට

ශ්‍රී බු. ව. 2565 ක්‌ වූ අධි නිකිණි පුර පෑලවිය තිථිය පසුදින පූ.භා.2:10දක්වා පවති.

හර්ෂණ යෝගය පු.භා.9:35 දක්වා ද ඉන්පසු වජ්‍ර යෝගය පසු දින දක්වා පවතී.

කිංස්තුංග කරණය අ. භා.1:04 දක්වා ද ඉන්පසු බව කරණය ක්‍රියාත්මක වේ.

තරඟ කාරී කටයුතු, විභාග, මුල්‍යමය ආයෝජන, ලාබ බලාපොරොත්තුවෙන් කරන ආයෝජන සහ ඉඩකඩම්, නිවාස මිලදී ගැනීම රක්ෂණ වාරික තැන්පත් කිරීමට සුභයි.

ශකරාජ වර්ෂ 1945 ක්‌ වූ කටක රවී අංශක 00 කලා 59 විකලා 38 ක්‌ වූ කුජ දිනයයි. පෙ. ව. 6:00 න් ආරම්භ වේ.

මෙදින රාහු කාලය 3:03 සිට 4:33 දක්වා පවතී. (මෙය දිවා රාත්‍රී දෙකටම පොදුයි.) සුබ කටයුතු සදහා මෙම කාලය අත්හරින්න

මෙදින චන්ද්‍රයා කටක රාශියේ ගෝචර වන බැවින් සෙනසුරුට හිමි පුෂ නැකතේ පසු දින පූ. භා.7:57 දක්වා පවතී.

අද දිනය පුරා පෙ. ව. 6:00 පසු පුෂ, අනුර, උත්‍රපුටුප, අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප යන නැකත් වලට සීහුම් වේ.

ශුභ දිශාව දකුණු දිසාව

ශුභ කටයුතු සඳහා,
පෙ. ව.6:22 ඕනෑම ශුභ කටයුත්තක් සඳහා ද
පෙ. ව.10:06ගමන් බිමන් යාම සහ ඕනෑම ශුභ කටයුත්තක්‌ සඳහා යොදා ගත හැක.

මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට අද දවසේ පලාඵල ගෝචර වන්නේ කෙසේද විග්‍රහ කර බලමු.

මේෂ ලග්නය

ලග්නාදිපති කුජ සහ නැකත් අදිපති ශනි සමඟ සම ගත බැවින් අද දවස ව්‍යාපාර කටයුතු වලට පැවති බදා මගහැරේ. ඉවසිලි වන්තව කටයුතු කල හැක.මුදල් ලාබ ලැබේ. අලුත් ව්‍යාපාර නිසා දියුණුව ඇති වේ. අලුත් මිතුරන් සහ නෑදෑයන් මුණගැසේ. ගෙදර දොරේ කටයුතු වෙනුවෙන් මුල් තැන දී කටයුතු කලයුතුය.

ජය අංකය 4,6
ශුභ වර්ණය රතු

වෘෂභ ලග්නය

ලග්නදිපති සිකරු සහ නැකත අදිපති ශනි මිතුරු ගත බැවින් ගැටළුවක් වීම නිසා ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය. නින්දා අපහාස විදීමට සිදුවේ. නොකළ වැරදි වලට මුහුණ දීමට සිදුවේ. උදරාබාධ සහ යටි බඩ ආශ්‍රිත පීඩා වලින් පෙළීමට සිදුවේ. මුදල් ලාබ හිමි වේ. වංචා ප්‍රයෝග වලට හසුවිය හැක.

ජය අංකය 1,9
සුබ වර්ණය රෝස

මිථුන ලග්නය

ලග්නදිපති බුධ නැකත් අදිපති ශනි සමඟ සම ගත නිසා අද දවස වැඩ කටයුතු අතපසු වේ. වංචා ප්‍රයෝග වලට ලක්වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් ප්‍රවේසම් වන්න. අනුන්ගේ වැරදි වලට කර ගැසීමට සිදුවේ.

ජය අංකය 5,9
ශුභ වර්ණය කොල

කටක ලග්නය

ලග්නදිපති සඳු ශනිගේ නැකතක ගෝචර වන අද දවස තුල දුර බැහැර හිතවත් අයගෙන් උදව් උපකාර ලැබේ. වසනා සම්පත් හිමිවිය හැක. හදිසි අසනීප, රෝගාබාධ, සෙම් කිපීම, සහ ගෘහ ආශ්‍රත පීඩා ඇතිවිය හැකි දිනයකි.

ජය අංකය 1,3
සුබ වර්ණය විවිධ වර්ණ

 

සිංහ ලග්නය

ලග්නාදිපති රවී නැකත් අදිපති ශනි සමග සතුරු ගත බැවින් සිංහ ලග්නයෙන් උපන් ඔබ‍ට අද දින තුල ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතු වලදී තරමක් පාඩු සිදුවේ. වෙළඳ ව්‍යාපාර වල තරමක් පාඩු සිදුවිය හැක. ගනු දෙනු වලදී කල්පනාවෙන් කටයුතු කල යුතුයි.

ජය අංකය 4
සුබ වර්ණය රතු

කන්‍යා ලග්නය

අද දින ලග්නදිපති බුධ නැකත් අදිපති ශනි සමග සමව සිටින නිසා බුද්දිමත් ව කටයුතු කල යුතු දිනයකි. ලිපි ලේකන, සහ කළා කටයුතු වලින් මිල මුදල් ඉපැයීමට හැක. තාක්ෂනය උපයෝගී කරගෙන මුදල් උපයාගත හැක.ලේකන කලාවෙන් මුදල් ඉපැයීමට හැකියාව ඇත.

ජය අංකය 8
ශුභ වර්ණය කොළ

තුලා ලග්නය

ලග්නදීපති සිකුරු සහ මිතුරු ගත ශනි විවාහ සම්බන්දතා සාර්ථක කරවයි. බිදුණු සිත් නැවත එක්‌ වේ. මානසික ව්‍යකුලතාවය සමනය කරවයි. ගණුදෙනු වලදී ප්‍රවේසම් වන්න. ආර්ථික වාසි සැලසෙන මුල්‍යමය කටයුතු සාර්ථක වේ.

ජය අංකය 4
ජය වර්ණය ලා කහ

වෘච්චික ලග්නය

ලග්නදිපති කුජ සහ නැකත් අදිපති ශනි සම ගත බැවින් සතුටුදායක කටයුතු වලට හිත් යෙදේ. මුදල් ආයෝජනයෙන් ලාබ අපේක්ෂා කල හැක. බිදුණු සිත් නැවත එක්වේ. දුර බැහැර යාමට සහ දුර බැහැර අය මුණ ගැසීමට හැකිවේ. සතුටු සමිච්යේ යෙදීමට හැකිවේ.

ජය අංකය 7
ශුභ වර්ණය රතු

ධනු ලග්න

ලග්නදිපති ගුරු නැකත් අදිපති ශනි සමග සමව සිටින බැවින් වැඩිහියන්ගෙන් ආශීර්වාදය ලබයි. ලොකු පොඩි කා සමගත් සුහදව කටයුතු කිරීමට හැකියාව ඈත. ස්ථාවර තැන්පත් ගොඩනගා ගත හැක. මුල්‍යමය වාසි සැලසේ. මෙතෙක් අතපසු වූ කටයුත්තක්‌ සදහා වෙහෙස වීමට සිදුවේ.

ජය අංකය 1
ශුභ වර්ණය කහ

මකර ලග්නය

ලග්නදිපති සෙනසුරු නැකත අදිපති ශනි වන බැවින් ජීවිතයේ බැරෑරුම් අවදිය පසු කරමින් ගතවේ. ශරීර නිරෝගීතාවය පිලිබඳ ගැටළු ඇති නොවේ. අගහිග කම් වලට කරුණු යෙදේ. අද්ධ්‍යත්මික කටයුතු වලට සිත් පහළ වේ. බුද්දිමත්ව කටයුතු කිරීමෙන් ගැටළු නිරාකරණය කර ගත හැක.

ජය අංකය 3
සුභ වර්ණය නිල්

කුම්බ ලග්නය

ලග්නදිපතියා සහ නැකත් අදිපති ශනි එකට ක්‍රියාකිරීම නිසා නොසිතු වසනා සම්පත් හිමිවේ. බලාපොරොත්තු වූ ණය මුදලක් හිමිවන දිනයකි. ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතු සපල වේ. දුරබැහැර ගමන්බිමන් යෙදේ. රැකියාවේ උසස් වීම් වලට ශුභ දිනයකි.

ජය අංකය 5
ශුභ වර්ණය නිල්

මීන ලග්නය

ලග්නදිපති ගුරු නැකත අදිපති ශනිගේ නැකතක ගෝචර වන බැවින් අනාගතය වෙනුවෙන් කරන ආයෝජන වලින් ලාබ ලැබේ. බුද්දිමත් ව කටයුතු කිරීම තුලින් ඔබගේ මුදල් හොදින් වර්දනය කර ගැනීමට හැකියාව ඇත. මුදල් යොදවා කරන ආයෝජනය වලින් ලාබ සම්පුර්ණයෙන්ම හිමි වේ.

ජය අංකය 9
ශුබ වර්ණය කහ

 

Astrolankasri ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ පාසලේ විදුහල්පති
ජ්‍යෝතිර් විද්‍යා, ගුප්තවිද්‍යා,වාස්තුවිද්‍යා,හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය

ඉනෝකා චතුරානි හපුආරච්චි

T. P. 072 850 88 24 / 034 433 02 00
W/A 078 391 46 77 / 077 106 68 10