ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මීට සුළු මොහොතකට පෙර එම හමුව පැවති බවය.

දෙදින නිල සංචාරයක් සඳහා අද (20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙයයි.