රස වෙදකම ගැන ඔබ දැනුවත්ද?

මහා ඍෂි පුලස්ති හෙළ වෙද පරපුරෙන් ඇරඹී මහා රාවනා පරපුරෙන් පෝෂණය වී මහාකන්දා වැදි පරපුරෙන් පැවත එන වසර දහස් ගණනක් පැරණි මහා හෙළ වෙද පරම්පරාවකින් සුපෝෂිත වූ සරත් කුමාර එරමුදුගහගෙදර වෙද මහතාගේ සහ එම වෙද හාමිනේගේ පුත්‍රරත්නයක් වූ පාරම්පරික හෙළ වෙද වෛද්‍ය වජිරජීව සරත් කුමාර වෙදැදුරාණන් තම පරම්පරාවේ මෙන්ම දේශීය වෙදකම්  ක්‍රමයන්ගෙන් මනා ලෙස දැන උගත් වෛද්‍ය ක්‍රම ඇසුරින් මේ වන විට විශිෂ්ට ලෙස රෝගීන් සුව කරමින් කීර්තිමත් සේවාවක් මෙරට මෙන්ම විදෙස්වලට ද ඉටුකරමින් සිටී.
‘සුබනෙත’ පාඨකයන්ගේ දැනගැනීම පිණිස අප එතුමා මුණ ගැසුනේ එතුමාගේ විශ්වකර්ම පිළිකා රෝගීන් සුවපත් කිරීමේ තොරතුරු දැනගැනීම පිණිසය.
ජීවබල වෙද මැඳුර, නො 46/2/4, නැඟෙනහිර මාවත, නුවර පාර කිරිල්ලවල, කඩවත යන ලිපිනයේ වෙද මැඳුරට අප ගොඩවන වටත් එතුමාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් රැසක්ම සිටිනු දක්නට ලැබිණි. අප සමග කතාබහ අරඹමින් එතුමා පිළිකාව සහ එය සෑදෙන අයුරු අප හා පැවසුවේ මෙසේය.

 

වෛද්‍යතුමනි මොකක්ද මේ පිළිකාව කියන්නේ ?
අපේ ශරිරියේ තියෙන කුඩාම ඒකකය තමයි සෛලයක් කියන්නේ. තවදුරටත් එම සෛලයේ අභ්‍යන්තරය විශ්ලේෂණය කරලා බැලුවහොත් සෛලයේ බිත්තිය, සෛල ප්ලස්මාව, විශේෂයෙන්ම සෛල න්‍යෂ්ටිය තියෙනවා. මේ න්‍යෂ්ටිය කියෙන්නේ සෛලයේ මැද. මේ න්‍යෂ්ටියේ මැද තියෙනවා වර්ණදේහ කියලා කොටසක් මේවා අපේ පියවි ඇසට පෙනේන්නේ නැහැ. එම වර්ණදේහවල තියෙනවා භෂ්ම අනුපිළිවෙලක්, මෙන්න මේ භෂ්ම අනුපිළිවෙලට තමා අපි DNA (Deoxyribonucleic Acid) කියලා කියන්නේ. මේක ඇසිඩි එකක්. මේ භෂ්ම අනුපිළිවෙල හරියට විශ්ලේෂණය කරලා ගත්තාම DNA (Deoxyribonucleic Acid)ආදි වශයෙන් නම් කරලා තියෙනවා. මේ භෂ්ම අනුපිළවෙල එකිනෙකට ගැලපෙන භෂ්ම අනුපිළිවෙලක් තමා නිර්මාණය කරන්නේ.

මේ ආකාරයට එක සෛලයකින් ඊළඟ සෛල නිර්මාණය වීමේදී එම සෛලයේ තියෙන භෂ්ම අනුපිළිවෙලට සමාන සෛලයක් දෙවැනි පරම්පරාවේ සෛලයක් ලෙස හැඳුනොත් එහි කිසිදු ගැටලුවක් නොමැති නිරෝගී සෛලයක්. නමුත් මේ සාධකයන්ට පිටින් පෙනෙන නොපෙනෙන යම් යම් හේතු සාධක මත මේ සෛලවල තියෙන DNA අනුවේ භෂ්ම අනුපිළිවෙල වෙනස් වුවහොත්, ඒ වෙනස් වන සෛලයෙන් බිහිවන්නේ විකෘති වු සෛලයක්. මේ ආකාරයට විකෘති වූ සෛල ගණනාවක් ක්‍රමක් ක්‍රමයෙන් සාමන්‍ය සෛල වර්ධනය වෙන වේගයට වඩා වේගයෙන් බිහිවෙනවා. මේ බිහිවෙන විකෘති සෛල ඉතා වේගයෙන් ශරිරයේ පැතිරෙනවා, මේ ආකාරයට ශරිරයේ තියෙන සාමාන්‍ය සෛල වලට වඩා ආක්‍රමණ ශීලිව ශරිරයේ පවතින අනෙකුත් පද්ධතීන්ට හානිකර අයුරින් යම් සෛලයක් වර්ධනය වේද එය පිළිකා සෛලයක් ලෙස හදුන්වනවා.

වෛද්‍යතුමනි පිළිකාවක් ඇතිවීමට බලපාන හේතු සාධක මොනවාද?
පිළිකා ඇතිවීමට බලපාන හේතු සාධක ගොඩක් තියෙනවා. පළවෙනිම හේතු සාධකය තමයි තමන් පෙර සසරේ කරන ලද අකුසල කර්මයන් වල බලපෑම. ඇත්තටම බුදුන්වහන්සේ බුද්ධ දේශානවල නිවැරදිව දේශනා කරල තියෙනවා සිය`ථ කර්ම රෝගයන් හැදෙන්නේ කොහොමද කියලා. දෙවැනි සාධකය අප ගන්නා ආහාරවල ඇතිවන විෂමතාවන්. අප ගන්නා ආහාරවල නොගැලපීම් එකට ජීර්ණය වූ විට ඇතිවන හෝමෝන එන්සයිම ශ්‍රාවිය ද්‍රවයන් තුල විෂක් හටගන්නවා. එම විෂ හට ගැනීම නිසා අක්මාව/අග්න්‍යාසය/ පිත්තාශය වැනි ඉන්ද්‍රියන්වලින් ශ්‍රාවය වන ශ්‍රාවිය ද්‍රවයවලින් ආහාර දිරව ගන්න බැරුව ජීර්ණ පද්ධතියේ දුර්වල තා ඇතිවෙනවා. එම දුර්වලතා හේතුකොටගෙන ආහාරවල ආම විෂක් ඇතිවෙනවා මෙසේ නිෂ්පාදනය වන ආම විෂ ලේ ඔස්සේ ගොස් සෛලවල වීකෘති තා ඇති කර විකෘති වූ සෛල බිහිකරනවා.

වෛද්‍යතුමනි පිළිකා වර්ග කොපමණ සංඛ්‍යාවක් තියෙනවාද?
ඇත්තටම දේශිය වෛද්‍යක්‍රමය තුල පිළිකා වර්ග 4848ක් තියෙනවා. අප සතුව පවතින පාරම්පරික දේශිය වෙදකම තුළින් මේ පිළිකාවලින් වර්ග 4000කට ආසන්න ප්‍රමාණයක් ස්ථීරවම සුවකල හැකි අතර. සමහර පිළිකා මොනම වෛද්‍ය ක්‍රමයක් තුළින් වත් සුවකල නොහැකියි. විශේෂයෙන් අස්ථි ආශ්‍රිතව ඇතිවන අස්ථි පිළිකා (අවසන් අදියරේ පවතින බැවින් කොතරම් ප්‍රතිකාරකළත් ශරිරයට පත්තියන් නොවන බැවින්) සහ ගලනාලය ආශ්‍රිතව ඇතිවන පිළිකා (බෙහත් බීමට ඇති අපහසු තාවය නිසා) සුවකිරීමට තරමක් අපහසුයි.

වෛද්‍යතුමනි පිළිකාවක පූර්ව රෝග ලක්ෂණ මොනවාද?
ඕනෑම රෝගයකට පූර්ව රූප තියෙනවා. ඉර පායන්නට පෙර අරුණෝදය වැටෙනවා වගේ පිළිකාවක් ශරිරයේ ඇතිවෙන්න කලින් පූර්ව රූප පෙන්වනවා. පිළිකාව වර්ධනය වන තැන අනුව එය විවිධාකාර විය හැකියි. පොදුවේ ගත් කල ප්‍රධාන ලක්ෂණය තමා ශරිරයේ බර අඩුවීම. ඊට අමතරව පිළිකාව වර්ධනය වන තැනට අනුව උණගතිය/ඉදිමිම්/තඩිස්සිවීම්/හිරිවැටීම්/වර්ණ වෙනස්වීම්/ අධික වෙහෙස ගතිය වැනි සාමාන්‍ය ශරිරයට යම් අපහසුතා දැනෙන්න පුලුවන්.ගුද මාර්ගය ආශ්‍රිතව නම් ලේ යෑම්,ගෙඩි එළියට එම, පෙනහල්ල ආශ්‍රිතව නම් කැස්ස, හතිය සහ ලේත් එක්ක සෙම කරකරලා යන්න පුලුවන්.
ගලනාලය ආශ්‍රිතව නම් කෑම කන්න අපහසුතා, කෙළ ගිලින්න අපහසුතා වැනි දැ ඇතිවිය හැකියි.

වෛද්‍යතුමනි මේ හෙළවෙදකම තුලින් පිළිකාව ස්ථීරවම සුවකල හැකිද?
ඇත්තටම ඔව්, දේශිය වෙදකම තුළින් පිළිකාව ස්ථීරවම සුවකල හැකියි. වසර 5000කට පෙර සිටි තුන්කල් දක්නා නුවන ඇති මහ සෘෂිවරු විසින් බිහි කරන ලද ඖෂධ වට්ටෝරු පුස්කොල පොත්වල සටහන් කර තියෙනවා.
මා පැවත එන්නේ පුලස්ති සෘෂිවරයාගේ රාවණා රජ පරපුරේ ගලේවෙල දේවහූව දඬුබැදිරුප්ප පුලස්ති වෙද පරපුරෙ ජීවබල වෙද පරපුරෙ මහකන්දා වැදි පරපුරෙන්. අපට පාරම්පරිකව උරුමවෙලා තියෙන පුස්කොල පොත්වල තියෙන වට්ටෝරු වලට අනුව තමයි මේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ.
පිළිකා සඳහා ඇති ඖෂධ වට්ටෝරුවක ශරීරයේ ඇතිවන අභ්‍යන්තර පිළිකා හෝ බාහිරින් ඇතිවන ඕනෑම පිළිකාවක් සුවකිරිම සඳහා සුවිශේෂි ඖෂධ තියෙනවා. එම ඖෂධ සකස් කරනු ලබන්නේ රස ඖෂධ භාවිතා කිරීමෙනි. මේ රස බෙහෙත්වල රසදිය/ගෙන්දගම්/මනෝසිල්/රත්තරන්/පාෂාණ වර්ග අඩංගු බැවින් ඖෂධ වල ක්‍රියාකාරිත්වය ඉතා ප්‍රබල සහ ඉහළයි. ඊට අමතරව වූර්ණ/ගුලි වර්ග/කසාය/අරිෂ්ඨ/තෙල් වර්ග/ආලේපන වර්ග ආදි ඖෂධ වර්ගත් අපගේ ප්‍රතිකාර පද්ධතිය සතුව තියෙනවා. මෙම ඖෂධ භාවිතා කිරීමේ විශේෂත්වය වන්නේ ඉන් විනාශවන්නේ පිළික සෛල පමණක් වීමයි.
මෙම රස වෛද්‍ය ප්‍රතිකාර තුලින් පිළික රෝගය පමණක් නොව වකුගඩු රෝග/ආතරයිටිස්/අක්මා රෝග/දියවැඩියාව/
හෘද රෝග/ අංශභාගය/කොලෙස්ටරෝල්/අර්ශස්/පීනස/නහර ගැට ගැසීම/හිසේ කැක්කුම/රක්තවාතය/අපස්මාරය/හතිය/
සෙම අමාරු/හිරි වාතය/ ඇඟපත රුදාව/අන්ඩවාතය/ලිංගික අප්‍රාණිකත්වය ආදි ඕනෑම රෝගයක් පහසුවෙන් සුවකරගන්න පුලුවන්.
බොහොම වගකීමෙන් කිව යුතුයි මොනම වෛද්‍ය ක්‍රමයකින් හෝ සුවකල නොහැකි යැයි පවසන ඕනෑම රෝගී තත්ත්වයක් අප පරම්පරාව සතුව පවතින රහස් ඖෂධ වට්ටෝරුව අනුව සකසන ලද මෙම ප්‍රබල රස ඖෂධ භාවිතා කර ඉතාමත් කෙටි කාලයක් තුලදී ස්ථීර සුවය ලබාදිය හැකියි.

වෛද්‍යතුමනි මේ රස ඖෂධ භාවිතා කිරීමේදි විශේෂ වූ ආහාර රටාවක් තියෙනවාද?
මෙවැනි ඖෂධ භාවිතා කරන විට කරල් සැබෝ ශාකය සහ අමු ඉඟුරු එකට කොටා යුෂ මිරිකා නිතර පානය ගුණදායකයි. එසේම සේර දඬු යුෂ තේ හැන්දක් හෝ දෙකක් දිනපතා පානයත් ගුණදායකයි. ඊට අමතරව ගොටු කොළ, මුකුණුවැන්න, කොහිල අල, කොහිල දළු, එළබටු, සුදු ලූනු, මුරුංගා කොළ මැල්ලුම්, මුරුංගා කරල් ආදිය නිතර ආහාරයට ගැනීමත් ගුණදායකයි. ඉන් මෙම ඖෂධවල ඇති රස ඖෂධ ගුණය තවත් වැඩිවෙනවා.
තක්කාලි, කරවිල, අඹ, අච්චාරු, අන්නාසි, ඇඹුල් තියල්, බල මාළු, පුහුල්, තෙල් අධික ආහාර, ආනමාලු, ඇම්බුම්, පැණි කොමඩු වැනි ආහාරද විශේෂයෙන් පිළිකා වැනි රෝග තත්ත්වයකදී ඇ`ගේ සෙම ගතිය පාලනය කරගත යුතු බැවින් සෙම වඩවන ආහාර ආදිය ද මෙම රස ඖෂධ භාවිත කරන විට කෑමට නොගත යුතුයි.

වෛද්‍යතුමනි පිළිකා රෝගියෙකු මෙම ඖෂධ කොපමණ කාලයක් ලබාගත යුතුද?
ඇත්තටම වෛද්‍යවරුන් වන අපගේ මූලික පරමාර්තය වනුයේ සියලු රෝගීන් සුවපත් කිරිමයි. අපගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගින්ගෙන් කරුණු වීමසීමේදී අපට පෙනෙන දෙයක් තමා පවතින අනෙකුත් සියලු වෛද්‍යක්‍රමයන් වෙත ගොස් සුවනොවන තැන අපවෙත එන පැමිණෙන බව, ඒ වන විට රෝගය උත්සන්න වී මු`ථ ශරිරය පුරාම වර්ධනය වී අහවර වී ඇති බව පේනවා. ඒ බැවින් පිළිකා රෝගින් සියයක් ආවෝත් සියයම සුවකරනවා කියා අපිට විශ්වාසයක් නැහැ. කොහොම වුවත් රෝගී තත්ත්වය දැනගත් වහාම අප වෙත පැමිණ වෛද්‍ය උපදෙස් මත ක්‍රමාණුකූලව ප්‍රතිකාර ලබාගන්නේ නම් මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ පිළිකාව සුවකර ගන්න පුලුවන්.
අප සතුව පවතින විශේෂ වු මේ ප්‍රතිකර පද්ධතිය තුළ මාස 3ක බෙහෙත් කෝස් එක දවස් 16න් ඉවර කරනවා. මේ ආකාරයට දවස් 16 බෙහෙත් වාර 1ත් 8ත් අතර කාලයකදි පිළිකාව ස්ථීරව සුවකර ගන්න පුලුවන්.

 

අයුර්වේද පාරම්පරික
දේශීය සර්වාංග හා රස ජීවබල වෛද්‍ය
වජිරජීව සරත්කුමාර
(මුලුදිවයිනටම සාම විනිසුරු)

071 828 5605/077 898 5757

ඡීවබල වෙද මැදුර

(සෙනසුරාදා,ඉරිදා, සඳුදා දිනවල
උදේ 9.00 සිට සවස 5.30 දක්වා)
නො 46/2/4, නැඟෙනහිර මාවත, නුවර පාර කිරිල්ලවල, කඩවත.

(බදාදා, බ්‍රහස්පතින්දා දිනවල
උදේ 9.00 සිට සවස 5.30 දක්වා)
ගලේවෙල, දේවහූව, දඬුබැදිරුප්ප.