පුටින් සාම සාකච්ඡාවට කැමතියි

යුක්‍රේනය සම්බන්ධයෙන් සාම සාකච්ඡා පිළිබඳ අදහස තමා ප්‍රතික්ෂේප කර නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.

කෙසේවෙතත් යුක්‍රේන හමුදා විසින් ප්‍රහාර එල්ල කරන අතරතුර සටන් විරාමයක් ක්‍රියාත්මක කළ නොහැකි බව රුසියානු ජනාධිපතිවරයා පවසයි.

අප්‍රිකානු නායකයින් සමග පැවති හමුවකින් අනතුරුව යුක්‍රේන – රුසියා අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් ව්ලැද්මීර් පුටින් මේ බව සඳහන් කර තිබේ.