ග්ලූකෝමාව සුවකරන කෙම් ක්‍රමයේ රහස….

ප්රශ්නය – ග්ලූකෝමා රෝගය සහ වර්ණ අන්ධතාවය ගැන පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළා. පාඨකයන් වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි අද ග්ලූකෝමාව ගැන වැඩි දුරටත් කතා කිරීමට අදහස් කරනවා.
වෛද්ය බන්දු ලන්දෙගෙදර – ලොව පුරා තිබෙන අන්ධභාවයට ප්රධාන හේතුවක් තමයි ග්ලූකෝමාව. නවීන විද්යාවට තවමත් පුළුවන් වෙලා නැහැ ග්ලූකෝමා රෝගය සුවපත් කරන්නට. හැබැයි පාරම්පරික සිංහල බෙහෙත්වල හැකියාව තිබෙනවා ඒ අභියෝගය ජයගන්නට.
ප්රශ්නය – ග්ලූකෝමාවට හේතුවන තත්ත්වය ගැන නැවත වතාවක් විස්තර කරන්න.
වෛද්ය බන්දු ලන්දෙගෙදර – ග්ලූකෝමාව හටගන්නේ ඇසේ දෘෂ්ටික ස්නායුව හෙවත් දෘෂ්ය ස්නායුව (Optic nerve) ආබාධයට ලක්වීම නිසයි. දෘෂ්ය ස්නායුව පීඩාවට පත්වීමට ප්රධාන හේතුව තමයි එම ස්නායුවේ තන්තු මියයෑම. ඇසේ පීඩනය එයට හේතු වනවා. මෙය Intra Ocular Pressure යනුවෙන් හඳුන්වනවා.
ප්රශ්නය – මෙයට හේතුව ශරීරයේ පවතින අධික රුධිර පීඩනයද?
වෛද්ය බන්දු ලන්දෙගෙර – රුධිර පීඩනය එකක්. ඇසේ පීඩනය තව එකක්. තවත් වැදගත් කාරණයක් කිව යුතුයි. ග්ලූකෝමා රෝගය හටගත්තාම එය ගැන දැනුමක් රෝගියාට නැහැ. රෝගය ක්රමයෙන් වර්ධනය වෙලා ඇසේ පෙනීම අඩු වෙන්නට පටන් ගත්තාම තමයි
රෝගියා අක්ෂි වෛද්යවරයා වෙත යන්නේ. රෝගියා ග්ලූකෝමා රෝගයෙන් පෙළෙන බව හෙළිවන්නේ එවිටයි.
ප්රශ්නය – ග්ලූකෝමා රෝගය වැඩිපුර හැදෙන්නේ කොයි වගේ අයටද?
වෛද්ය බන්දු ලන්දෙගෙදර – අවුරුදු 40 ඉක්මවා සිටීම, දියවැඩියා රෝගයෙන් පෙළීම, දිගු කලක් තිස්සේ අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළීම, රසායනික අනතුරුවලට ඇස ලක්වීම වැනි තත්ත්වයන්ට මුහුණ දුන් අයට මෙය වැළඳෙනවා. හැබැයි පාරම්පරික ක්රමයෙන් මේ ඕනෑම තත්ත්වයක් සුව කළ හැකියි.
ප්රශ්නය – ග්ලූකෝමාව සහ වර්ණ අන්ධභාවය ඇතුළු අක්ෂි රෝග සුවපත් කරන පාරම්පරික ක්රම වේදයන් ඔබ සතුව තිබෙන බව අප මේ වනවිට දන්නවා. ඔබ මේ සඳහා යොදා ගන්නේ කෙම් ක්රම විතරද?
වෛද්ය බන්දු ලන්දෙගෙදර – කෙම් ක්රමය කියන්නේ එක් වෛද්ය ක්රමයක් විතරයි. ඒ වගේම, කිවයුතුයි අප කෙම් ක්රමයක් යොදා ගන්නේ එවැනි ප්රතිකාරයක් අවශ්ය තැනට විතරයි. සමහර රෝග තිබෙනවා කෙම් ක්රමයකට නොගොස් වෙනත් පාරම්පරික ක්රමයක් යොදාගෙන සුව කරන්නට පුළුවන්. අප අක්ෂි රෝග සඳහා විතරයි කෙම් ක්රම යොදා ගන්නේ?
ප්රශ්නය – අක්ෂි රෝගයක් සඳහා කෙම් ක්රම මගින් ප්රතිකාර කිරීමේ විශේෂත්වයක් තිබෙනවාද?
වෛද්ය බන්දු ලන්දෙගෙදර – ඇස කියන්නේ ඉතාම සියුම් තැනක්. එහි අභ්යන්තරයට අත පොවන්නට පුළුවන්කමක් වෛද්යවරයාට නැහැ. එතැනදී අපට සිදුවෙනවා භෞතික ලෝකයේ නිර්නායකවලට හසු නොවන බලවේග කරා යන්නට. කෙම් ක්රමයක් කියන්නේ භෞතික ලෝකයේ බලවේගයක් නොවෙයි. එය නිර්වචනය කරන්නට පුළුවන් විදියක් නවීන විද්යාවට නැහැ. හැබැයි කෙමක් කියන්නේ යම් කිසි විද්යාත්මක පදනමක් තිබෙන දෙයක්. කෙමක් කරන විට නිහඬව එය සිදුකිරීමෙන්, ශබ්ද තරංග වලින් නිදහස් වී ඒවායේ බලපෑම් වලින් තොරව කිරීමේ අවකාශය ලැබෙනවා.
ග්ලූකෝමා සහ වර්ණ අන්ධභාවයට අමතරව මේ කෙම් ප්රතිකාරය මගින් කැරටිකෝනස්, මයෝපියා, පොත් පත් කියවීමේදී දෑසින් කඳුළු ගැලීම, අකුරු බොඳවී පෙනීම, ඇස් ආශ්රීත වේදනාවන් හට ගැනීම, ඇස්පිල්ලන් පහතට වැටීම, ඇසේ වපර ඇතිවීම, ඇස්වල සිදුරු, ඇස්වල කොරපොතු, දෘෂ්ටි විතානය ගැලවීම, ඇස්වල මස්දලු හටගැනීම සහ හිසේ කැක්කුම වැනි ආබාධ 100% ක්ම සුව කළ හැකියි.
පාරම්පරික අක්ෂි වෛද්ය – බන්දු ලන්දෙගෙදර
ලන්දේ ගෙදර වෙද පියස
බැන්ඩිය පන්සල පාර වෑකඩ, පානදුර
071 141 3348/071 894 1027/ 038 22 46 890