උදේට ඇඳෙන් බහින්න බැරි තරමට විළුඹ රිදෙනවාද මෙන්න ස්ථීර විසඳුම

 

සුබනෙත ‘epaper ’බැලීම සඳහ මෙතනින් පිවිසෙන්න

Subanetha epaper

●  පෝෂණ ගුණයෙන් අඩු ආහාර ගන්නවාද?
●  ජලය පානය කරනවා අඩුද?
●  නිතර පරිගනක භාවිතා කරනවාද?

 

විළුඹ රිදෙනවාද මෙන්න ස්ථීර විසඳුම

වර්තමාන සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝග අතර දණහිස් අමාරුව, වි`ථඹ ආශ්‍රිත වේදනා, බෙල්ල ආශ්‍රිත අපහසුතා වගේම අර්ශස් රෝගී තත්ත්වයන්ද වේ.

විශේෂයෙන්ම මෙම රෝගී තත්ත්ව කාන්තාවන් අතර වැඩිපුර දැකිය හැකියි. මෙම රෝගවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පෝෂණ ගුණයෙන් අඩු ආහාර ගැනීම ය. වර්තමානයේ එළව`ථ, පලතුරු ආදි සියලු ආහාරවලට වස විස මුසුව තිබේ. මස් මා`ථවල පවා වස විස අඩංගුය. සැකසු ආහාරද කල් තබා ගැනීමට භාවිතා කරන අමුද්‍රව්‍යවලද සිරුරට අහිතකර දෑ අඩංගුය. ඒ වගේම විශේෂයෙන්ම කාන්තාවන් නිවසේ එදිනෙදා වැඩ කළත් ව්‍යායාම නොකිරීම ද මෙවැනි රෝග තත්ත්ව ඇතවීමට බලපා තිබේ.
පෝෂණ ගුණයෙන් අඩු ආහාර ගැනීම, ජලය පානය අඩුකම වගේම ජලයේ තියෙන කඨිනත්වය විෂ සහිතකම වැඩිවීම නිසා මුත්‍රා පෙරිීම අඩු වේ. යුරික් ඇසිඩ් සිරුරේ සන්ධිවලට ගමන් කර පසු කාලයේදී සන්ධි අතර ආසාදිත තත්ත්ව ඇති කරයි. මෙම නිසා බෙල්ල, දණහිස්, අතපය වේදනා කොන්දේ අමාරු වැනි රෝග තත්ත්ව ඇතිවේ.
අද බොහෝ දෙන පරිගනක ආශ්‍රිත රැකියාවල නිරතව සිටිති. ඇතැමුන් නුහුරු අසුන් භාවිතය නිසාත් බෙල්ලේ සහ උරහිස්
වේදනාව වැනි තත්ත්වවලට පත්වේ. මෙම රෝග පසුකාලිනව උත්සන්න වී අතපය එසවීමට පවා අපහසුතා ඇතිවිය හැකිසේම බෙල්ලේ කශේරුකා, කාටිලේජ තෙරපීම නිසා ස්නායුවලට ඇතිවන තෙරපීමක් සමග ඉහත සඳහන් කළ රෝග ඇතවීමට පු`ථවන.

කාර්යාලවල සේවයේ නිරතවන පිරිස් වැඩි වේලාවක් සිටිනුයේ අසුන්ගෙනය. එතැනදි කොන්දට තෙරපුමක් ඇති කරයි. ජලය පානය අඩු වු විට ශරිරයේ ක්‍රියාකාරිත්වය අඩුය. එසේ වූ විට සවස් වෙද්දි අතපය සන්ධි වේදනා දෙයි. වාහනවල ගමන් කරන විට සිරුර පැද්දීම සහ ඇදීම සිරුරට ඉතා අහිතකරය. ශරිරයේ ශක්තිය අඩු වු විටද පසුකාලිනව රෝගී තත්ත්වයන්ට ගොදුරු වේ. එබැවින් හොඳ
පෝෂණයක් අපේ ශරිරයට අවශ්‍යය. ජලය පානය ඉතාම වැදගත්ය. දවසකට වතුර ලීටර් 3– 4ක් වත් පානය කළ යුතුය. ජලය උණුකර නිවා පානය කළ හැකිනම් වඩාත් හොඳය. පානය කරන ජලයේ තිබිය හැකි මලකඩ, ක්ලෝරින් ආදිය එහිදී නැසෙයි. ක්ලෝරින් ශරිරයට ඉක්මනින් උරා ගනී. ළිඳකින් ජලය ගනු ලැබුවත් එම ජලයේ ඇසට නොපෙනෙන ක්‍ෂද්‍රජීවින් සිටිය හැකිය.
මේ නිසා මුත්‍රා රෝග ඇතිවිය හැකිය. ඒ නිසා පොල්පලා අක්කපාන, නීරමුල්ලිය, ලුණු වර්ණ, ගොටුකොළ, සූදුරු තම්බා පානය කිරීම ඉතාම ගුණාදයකය.
කෙඳි සහිත එළව`ථ පලතුරු ගැනීමට මැල්ලුම් වර්ග ආහාරයට දිනපතා එකතු කර ගැනීම වැදගත් ය.
කාන්තාවන්ට දරු ප්‍රසුතියෙන් පසු අස්ථි පද්ධතියේ දුර්වලතා බොහෝ වෙලාවට ඇති වේ. මේ නිසා කැල්සියම් යකඩ මෙන්ම බී විටමින් බහුල ආහාර ගත යුතුය. වර්තමානයේ බොහෝ දෙනාට තිබෙන තවත් රෝගී තත්ත්වයක් ලෙස ඉඳගෙන සිට නැගිටින විට වි`ථඹේ වේදනාව, උදේ අවදී වී පාද බිම තැබිමේදී අපහසුතාව දැක්විය හැකිය.
මෙයට හේතුව වි`ථඹ වටා ඇති කාටිලේජ බිඳීමය. ජලය අඩුවෙන් පානය කිරීම නිසා මුත්‍රා පිරිසිදු නොවීම තුළ බඩේ ආම්ලිකතාව (ගැස්ට්‍රයිටීස්, ඇතිවීම නිසාත් මෙවැනි තත්ත්ව ඇතිවීමට පු`ථවන. මේ නිසා පෝෂ්‍යදායි ආහාර ගැනීම, ජලය හොඳින් පානය කිරීම, සමතුලිත ආහාර රටාවක් ගැනීම ඉතාම වැදගත් ය. විශේෂයෙන්ම පුංචි දරුවන් රසකාරක සහිත ආහාර ක්ෂණික ආහාරවලින් ඈත් කර තැබීම ඉතා වැදගත් ය. පාසල් දරුවන්ට ක්ෂණික ආහාර ලබාදීම ඉතා හානිකරය.

 

වෙදගම ඔසුනිමා පාරම්පරික වෙදගෙදර
ඉන්දීය උපාධිදාරි හොරිවිල වෙදගම කැඩුම් බිඳුම් සර්වාංග රෝග
වෛද්‍ය එස්. එම්. එන් ප්‍රසාද් සේනානායක

සෙනසුරාදා, ඉරිදා, සදුදා
ගම්පහ කිරිදිවැල ඔසුනිමා ආයුර්වේද නිකේතනය
බදාදා දිනයේ දී මහරගම විජේරාම ආයුර්වේදය
033 22 49191/071 151 5164

බදාදා මහරගම ශ්‍රී ලන්කන් දේශීය ආයුර්වේද වෛද්‍ය නිකේතනය
076 941 6235/011 285 1290