සිත සුවපත් කර ලෙඩ සුවකරන මෝහන නිද්‍රාව

● බොහෝමයක් ලෙඩ රෝග කායික රෝගයක් ලෙස පෙනුණත් මානසික හේතූන් මත ඇතිවන ඒවායින් මනස ලෙඩ වීම නිසා ඇතිවන කායික රෝගයක් හැටියට එය පිටතට එයි

● හිසේ කැක්කුම ● කෑම අරුචිය ●  උදරාබාධ ● ඇඟපත අප්‍රාණිකත්වය

●  රුධිර පීඩනය  ● ආමාශයේ ආම්ලික බව ● කොලෙස්ටරෝල්
යන රෝග උදාහරණයක් ලෙස දැක්විය හැක…

 

සුබනෙත ‘epaper ’බැලීම සඳහ මෙතනින් පිවිසෙන්න

Subanetha epaper

ස්වභාව ධර්මය විසින් අපට ලබාදී ඇති මහඟු සම්පතකි සිත නැතිනම් මනස. මනසට දුක සතුට කලකිරීම අසහනකාරී සිතුවිලි වරින් වර ගලා එන්නේ නිරායාසයෙනි.

හොඳ හා නරක සිතුවිලි වශයෙන් ඒවා වර්ග කළ හැකිය. එමෙන්ම උඩු සිත හා යටි සිත වශයෙන්ද මනස කොටස් දෙකකි. බාහිර ක්‍රියාකලාපයන් සියල්ල සිදුකරන්නේ උඩු සිත මුල් කරගෙනයි. එහෙත් සෑම සිදුවීමකටම යටි සිතේ බලපෑම ප්‍රබල ලෙස බලපෑම් කරන බව අපි දන්නා කරුණකි. මෝහනයට නැතිනම් ස්වාපනයට යමෙක් පත් කරනවා යනුවෙන් සඳහන් කරන්නේ උඩු සිත නිද්‍රාවට පත් කර යටි සිත අවදි කිරීමයි. සාමාන්‍ය නින්දේදී යටි සිතේ දේවල් ගැන දැන ගැනීමට නොහැකිය. එහෙත් මෝහනයෙන් නිද්‍රාවට පත් පුද්ගලයන්ගේ යටි සිත කියවීමේ හැකියාවක් ඇති බැවින් ක්‍රම ක්‍රමයෙන් පුද්ගලයින්ගේ සිත පෙර ආත්මවලට රැගෙන ගොස් එහි සියලු තොරතුරු ලබා ගැනීමේ හැකියාවද පවතී. යමෙකු මෝහන නිද්‍රාවට පත්කර ඔහුගේ කායික හා මානසික රෝග සුවකිරීමේ ප්‍රතිකාරයක් හැටියට යොදා ගැනීමට හැකිවීම මෝහනයේ හාස්කමක් හැටියට සඳහන් කළ හැකිය. සෑම අයෙක්ම මෝහනයට පත් නොවුණත් ඒ සෑම කෙනකුගේම ලෙඩ රෝග මනෝ චිකිත්සක ප්‍රතිකාර මගින් සුව කළ හැකිය.
බොහෝමයක් ලෙඩ රෝග කායික රෝගයක් ලෙස පෙනුණත් මානසික හේතූන් මත ඇතිවන ඒවායින් මනස ලෙඩ වීම නිසා ඇතිවන කායික රෝගයක් හැටියට එය පිටතට එයි.
හිසේ කැක්කුම, කෑම අරුචිය, ඇඟපත අප්‍රාණිකත්වය, උදරාබාධ, ආමාශයේ ආම්ලික තත්වයන් වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම, කොලෙස්ටරෝල් වැඩිවීම යන රෝග උදාහරණයක් ලෙස දැක්විය හැක. මෙලෙස ඇතිවන මනෝ රෝග සඳහා කොතරම් ඖෂධ ප්‍රතිකාර කළත් ඒවා සුව නොවන අතර දීර්ඝ කාලීනව ඉතා සැර බෙහෙත් භාවිතා කිරීම නිසා වකුගඩු නරක් වීමටත් පුරුෂයන්ට ලිංගික දුර්වලතාවන් ඇති වීමටත් සෘජුවම බලපායි.
මෙයට අමතරව බය, සැකය, කලකිරීම. අමතකවීම, ජීවිතය එපා වී කේන්ති යෑම, ඉගෙනීමේ දුෂ්කරතා, දුක් සහගත සිතුවිලිද මෙම මෝහන ප්‍රතිකාරයෙන් සුව කළ හැකිය. මෝහන නිද්‍රාවට පත් පුද්ගලයින්ගෙන් යටි සිතේ පවතින අසුබවාදී සහ අහේතුවාදී සිතිවිලි ඉවත් කිරීමත් සිදු කරයි.
යමෙකු දුකින් සිටී නම් ක්‍රමක්‍රමයෙන් ඔහුගේ ශරීරයේ දුර්වලතා මුහුණේ ප්‍රසන්නභාවයද නැති වී යයි. මෙසේ දුකින් පසුවන විට ඔහුගේ අධ්‍යාපනය, රැකියාව, විවාහය ආදී සෑම ක්ෂේත්‍රයක්ම අතපසු වීමටත් කඩාකප්පල් වීමටත් හේතු වේ. මෙම තත්වය හමුවේ ඔහුගේ කායික මානසික තත්වය දුර්වල වී තව තවත් අගාධයට වැටේ. විශේෂයෙන් පුරුෂ පක්ෂය ගත්විට ඔවුනට ඇතිවන ප්‍රධාන ප්‍රශ්නයකි ලිංගික දුර්වලතාව. මේ අය ඒ සඳහා විවිධ පෙති වර්ග හාවිත කිරීමෙන් තවත් දුර්වල මට්ටමට පත්වීම වැළැක්විය නොහැකිය.
වර්තමානයේ පවතින ජීවන රටාව සරල බැවින් සංකීර්ණාත්මක තත්වයට පත්වීම නිසා මිනිසුන් තුළ පවතින අසීමිත මානසික පීඩනය මෙයට බලපා ඇති ප්‍රධානතම හේතු-වයි.
විවාහය ප්‍රමාදය හා දරුවන් නොමැති කාන්තාවන් විශාල මානසික පීඩනයකින් පසුවෙයි. එහි ප්‍රතිඵලය වනුයේ තව තවත් එම අවස්ථාවන් මඟහැරී යෑමයි. මෝහන ප්‍රතිකාර තුළින් එම කාන්තාවන්ගේ බලාපොරොත්තු ඉටුනර ගත හැකියි.
මෝහන නිද්‍රාවෙන් අවදි වන පුද්ගලයාට පුදුමාකාර මානසික සහනයක් දැනෙනු ඇත. සිතේ සුවපත් බව ගතේ සුවපත් බවට හේතු වේ. මේ අනුව ගතේ සිතේ සුවපත් බව ලබා ජීවිතය ජය ගැනීමට මෝහන ප්‍රතිකාරය ඉතා වැදගත් වේ.

බස්නාහිර පළාත් මෝහන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති,
මනෝ වෛද්‍ය උපදේශක
ගුණසේකර මුදලිගේ
0773855910
0714166190