මිල ඉහළ ගියත්ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පල්ලේකැලේ දී පැවැත්වීමට නියමිත තරගයේ සියලු ප්‍රවේශපත්‍ර පැය 24ක් ගතවීමටත් පෙර අලෙවි වී තිබේ.

අගෝස්තු මස 30 වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය ඊයේ (17) ආරම්භ වූයේ මාර්ගගත ක්‍රමය ඔස්සේයි.

ආසියානු කුසලානයේ ප්‍රවේශපත්‍රවල මිල ඉතා ඉහළ බවට මෙරට ක්‍රීඩා ලෝලීන් සමාජ මාධ්‍යය ඔස්සේ අදහස් පළ කර තිබිණි.