ලිබියාවේ ඛේදවාචකයෙන් 10,000 පමණ අතුරුදන්

ලිබියාවට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 2,300ක් මියගොස් තවත් පුද්ලගයින් 10,000 පමණ අතුරුදන්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ජලයේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු ගොඩගැනීම සඳහා සහන කණඩායම් කටයුතු කරමින් සිටින බවය.

ගංවතුර තත්ත්වයෙන් දරුණුතම බලපෑමට ලක් ව ඇත්තේ ලිබියවේ ධර්නා නගරය බව විදේස වාර්තා සඳහන් කළේය.

ඩැනියෙල් කුණාටුව ඇති වූ විට ධර්නා හි වේලි දෙකක් සහ පාලම් හතරක් කඩා වැටී නගරය සම්පුර්ණයෙන්ම යට වී ඇති බව වාර්තා වේ.

ඊජිප්තුවෙන් ඇතුළුව සමහර ආධාර පැමිණීමට පටන් ගෙන ඇත, නමුත් ලිබියාවේ දේශපාලන තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ උත්සාහයන් අඩාල වී ඇති අතර රට ප්‍රතිවාදී රජයන් දෙකක් අතර බෙදී ඇත.
එක්සත් ජනපදය, ජර්මනිය, ඉරානය, ඉතාලිය, කටාර් සහ තුර්කිය ආධාර එවූ හෝ යැවීමට සූදානම් බව පැවසූ රටවල් අතර වේ.
ඉරිදා පටිගත කරන ලද වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරන්නේ ගංවතුර ගංගාවක් ලෙස මිනිසුන් යාන වාහන ඇතුළු දේපළ ගසාගෙන යන අයුරුය.
මිනිසුන් මුහුදට ගසාගෙන යන අතර තවත් සමහරු දිවි ගලවා ගැනීම සඳහා වහලවල් මත එල්ලී සිටි දුක්ඛිත කථාද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබේ.