ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අද (18) සිඩ්නි හි අධිකරණයේදී කැඳවීය.

2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්කව සිඩ්නි හි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණේ එරට කාන්තාවක් සිදුකළ පැමිණිල්ලකට අනුවය.

එහිදී ඔහුට එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනා 4ක් එල්ලකළ අතර පසුව ඉන් චෝදනා තුනක් ඉවත්කර ගැනුණි.

ඔහුට එල්ලකර ඇති චෝදනාව වන්නේ අදාළ තරුණියගේ “කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීම” යන චෝදනාවයි.