ක්‍රිකට් ලෝක කුසලානය දිනන්නේ කවුද?

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා ඇරඹීමට නියමිත ව තිබේ.

පළමු තරගය පැවැත්වෙන්නේ, 2019 අවසන් මහා තරගය ක්‍රීඩා කළ එංගලන්තය සහ නවසීලන්තය අතරයි.

මෙවන් පසුබිමක දී ලෝක ශූරයන් විය හැකි කණ්ඩායම් ගැන විවිධ අදහස් පළ වන ආකාරය දැක ගත හැකිය.

මේ අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල පිතිකරුවකු හා විශිෂ්ට කඩුලු රකින්නකු වන ඇඩම් ගිල්ක්‍රිස්ට් පවසන්නේ, කණ්ඩායම් 04ක් ලෝක කුසලානය දිනාගැනීමට ඉඩ ඇති කණ්ඩායම් අතර සිටින බවයි.

ඒ ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය බව ඇඩම් ගිල්ක්‍රිස්ට් සඳහන් කරයි.