අමෙරිකාවේ ප්‍රාන්තයක් අඩපණ කළ තරුණ තරුණියෝ

තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැල් කොල්ලකෑමේ පුවතක් අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

දුරකථන සහ විද්‍යුත් උපාංග අලෙවිසැල්, සුරාසැල් ඇතුළු වෙළෙඳසැල් රැසක් ඔවුන් මෙලෙස කොල්ලකා තිබේ.

ඒ අනුව ප්‍රාන්තයේ සුරාසැල් සියල්ල වසාදැමීමට බලධාරීන් කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.