පාකිස්තානයට අසීරු ඉලක්කයක්

 කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 368ක් ලබාගත් අතර මිචෙල් මාෂ් ලකුණු 121ක් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 163ක් සමඟ ශතක දෙකකින් ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව අලංකාර කිරීමට සමත් වූහ.

පාකිස්තානු පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ව පහර දුන් මිචෙල් මාෂ් සහ ඩේවිඩ් වෝනර්, පළමු කඩුල්ල සඳහා ලකුණු 259ක සබඳතාවක් ගොඩනැඟූහ.