තායි රානන් සහ නටාලි රණන් නිදහස්

හමාස් සංවිධානය ඊශ්‍රායලයේ මාරාන්තික ප්‍රහාරයක් දියත් කර පුද්ගලයන් 200ක් පමණ පැහැරගෙන ගොස් සති දෙකකට පමණ පසු සිකුරාදා ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු වන ජුඩිත් තායි රානන් සහ ඇගේ 17 හැවිරිදි දියණිය නටාලි රණන් නිදහස් කළේය.


මෙම එක්සත් ජනපද පුරවැසියන් දෙදෙන ගාසා තීරයේ දේශ සීමාවේදී භාර දුන් අතර ඔවුන් දැන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ රැකවරණය යටතේ සිටින බව IDF ප්‍රකාශක ඩැනියෙල් හගාරි සිකුරාදා පැවසීය. ඊශ්‍රායල අගමැති කාර්යාලයට අනුව ඔවුහු මේ වන විට පවුලේ අය සමඟ නැවත එක්වීම සඳහා ඊශ්‍රායල හමුදා කඳවුරකට යමින් සිටිති.

රානන් මහත්මිය චිකාගෝ සිට පැමිණි අයෙකු වන අතර, ඔක්තෝබර් 7 වන දින ඔවුන්ව ප්‍රාණ ඇපයට ගන්නා විට දකුණු ඊශ්‍රායලයේ ගොවි ප්‍රජාවක් වන Nahal Oz හි ඥාතීන් බැලීමට ගොස් සිටියාය.

මවගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් ඔවුන් දෙන්නා “මානුෂීය හේතු මත” නිදහස් කර ඇති බව ආරංචි මාර්ග පවසයි. කටාර් සහ හමාස් සංවිධානය අතර පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම නිදහස් කිරීම සිදු විය.

ප්‍රකාශයක් නිකුත් කරමින් හමාස් ප්‍රකාශක අබු ඔබයිඩා පැවසූවේ , “කටාර් ප්‍රයත්නයන්ට ප්‍රතිචාර වශයෙන්, අල්-කසාම් බළකාය මානුෂීය හේතූන් මත ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු නිදහස් කළ බවයි.


කටාර් රාජ්‍යය විසින් ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා මුදා හැරීම තහවුරු කර ඇති අතර, ” සියලුම සිවිල් ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ බලාපොරොත්තුවෙන් ඊශ්‍රායලය සහ හමාස් සමඟ සංවාදය දිගටම කරගෙන යන බව” කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක මජිඩ් අල්-අන්සාරි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.