දකුණු අප්‍රිකාවට ලකුණු 229කින් ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (21) පැවැත්වුණි.

එම තරගය ලකුණු 229කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායමේ නායකයා සමත්විය.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 399කි.

තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 400කි.

එම ඉලක්කය හඹා ගිය එංගලන්තය පන්දුවාර 22ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 170ක් පමණි.