කඩුලු 8ක විශිෂ්ඨ ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (26) පැවැත්වුණි.

එම තරගය කඩුලු 8කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

ඒ අනුව පන්දුවාර 33යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී එංගලන්තය රැස් කළේ ලකුණු 156කි.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවී ඇති ඉලක්කය ලකුණු 157කි.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 25යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 160ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී පන්දු 83කදී ලකුණු 77ක් රැස් කළ අතර සදීර සමරවික්‍රම නොදැවී පන්දු 54කදී ලකුණු 65ක් ලබාගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 05 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.