අයිස්ලන්තයේ හදිසි තත්වයක්

 

ප්‍රබල භූමිකම්පා මාලාවක් ඇති වීමෙන් පසුව අයිස්ලන්ත බලධාරීන් විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. භූමිකම්පා වලින් පසුව රටෙහි නිරිතදිග Reykjanes කලාපයේ ගිනිකඳු පිපිරීමක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පෙන්නුම් කරයි.

“ජාතික පොලිස් ප්‍රධානී විසින් දැඩි භූමිකම්පාව හේතුවෙන් Grindavik හි  හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි” යනුවෙන් සිවිල් ආරක්ෂක සහ හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“භූමිකම්පාවේ මාපාංකය වඩා විශාල වන නිසා , එය ගිනිකදු  පුපුරා යාමට හේතු විය හැකි, බවට පරිපාලනය අනතුරු ඇඟවීය.

අයිස්ලන්ත කාලගුණ කාර්යාලය (IMO) පැවසුවේ,  පිපිරීමක් “දින කිහිපයක්” ඇතුලත සිදුවිය හැකි බවයි.

මිනිසුන් 4,000ක් පමණ වාසය කරන Grindavik ගම්මානය පිහිටන්නේ , භූමිකම්පා ඇති වූ  ප්‍රදේශයට නිරිත දෙසින්ය. ඒ  1.86 සැතපුම් (3km) පමණ දුරකිනි.

සවස 5.30 ට පමණ ඇති වූ ප්‍රබල භූමිකම්පා දෙකක් කිලෝමීටර් 40 ක් ඔබ්බෙන් පිහිටි රේක්ජාවික් අගනුවරට සහ රටේ දකුණු වෙරළ තීරයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති අතර එමඟින් ජනේල සහ ගෘහාශ්‍රිත වස්තූන් සෙලවුණු බවද වාර්ථා වෙයි.

මූලික IMO සංඛ්‍යාලේඛනවලට අනුව Grindavik ප්‍රෙද්ශයට උතුරින් විශාලතම කම්පනය සිදු වී ඇත.එහි අගය රික්ටර් මාපකයේ 5.2ක් විය.

භූමිකම්පාවෙන් හානියට පත් වූ  ග්‍රින්දාවික් දක්වා දිවෙන මාර්ගයක් පොලිසිය විසින් වසා දමන ලදී.

IMO ට අනුව, ඔක්තෝබර් අග සිට සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා 800 කට ආසන්න භූමිකම්පා ප්‍රමාණයක් වාර්ථා වී ඇති අතර, අර්ධද්වීපයේ කම්පන 24,000 ක් වාර්ථා වී ඇත .